චතුරංගි හර්ශිකා 6 years ago 257 2 2
මම නැවතුණේ නැහැ ඔබත් නැවතුණේ නැහැ මම ආපසු හැරුණේ නැහැ ඔබව විශ්වාස නිසා... එකම පාරේ අපි ඇවිද ගියා... මොහොතක මම අහම්බෙන් ආපසු හැරුණා... ඔබ ගිහින්? කොතනින්ද නැවතුණේ? කවදාද නැවතුණේ? නමුත් මම ආපසු හැරී මා යන මග දිගටම ඇවිද යමි... මේ වනාහි ජීවිතයයි. - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 256 3 4
සමහර සිතුවම් අවසන් නොකරම හැරගියේ මන්දැයි කිසිවෙක් නොදනිතත්... සමහර විටෙකදි අපමණ අගයක් හිමි කර ගත්තෙම අසම්පූර්ණ සිතුවම්... එහෙයින් ඔබ නවතින්න අපේ සිතුවමේ පින්සල් පහරක් ළගින්... මට හැකිවෙයි හිත හදාගන්න අසම්පූර්ණ සිතුවමක අයිතිකාරියක් ලෙසින්...
චතුරංගි හර්ශිකා 6 years ago 278 2 2
අද උදෙත් පුරුදු හිමිදිරි සුළං හමනකොට... මට හිතෙනවා හෙමින් ඇවිදින්න වැව ළඟට... උදෑසන උනත් ඒ හවසකදි වුව මෙහෙට... සොබාදම ගයනවා ඇසෙන්නට මේ ගමට... වැව සෙනේ පාන ඒ සංගීත සුළඟ මැද... ගං ඉමේ මට නුහුරු බිම් අඟලකුත් නොමැත... හැන්දෑවෙ ගොම්මනට පිපෙන රතු පෙති සුවඳ... ගම්මු හරි ආදරෙයි හෙන්දිරික්කා මලට... පොහොය හුළගත් එක්ක සෙනෙහසින් හිනාවෙන... පුර හඳ ළඟින් ඉන්න තරු කුමරියන් එක්ක... පන්සල් බිමේ සුදු වැලි මතින් ඇවිද යමි... හෙන්දිරික්කා මලින් බුදුරදුන් පුදන්නට... අද පොහොය නිවාඩුව මමත් ආවා ගමට... රෑ උදේ දවල් සවසත් සැපයි මේ සුළඟ... හිත නිවන කවියක්ව මගෙ ළඟින් නතර වුණ... මේ හැම තැනම තිබේ මගෙ ජීවිතේ සතුට... ආයෙමත් හෙට උදේ මම යා යුතුයි කොළඹ... නැවත නැත විවේකය විදින්නට මේ සුවඳ... විසල් ගොඩනැගිලි ඇති කොන්ක්‍රීට් පුරය මැද... හිරවෙන්න මට තවත් මහ වෙලාවක් නොමැත... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 255 2 2
හැම මලක් තුළම රැඳි ලොකු කවක් තිබුණමුත් කිසි දිනෙක කිසිවෙකුට එය අසන්නට නොහැක... උපතින්ම ගොළු වුණත් මලක් හඩනා හඩක් සියුම් හදකට ඉතින් ඇසෙන එක පුදුමයිද... ලොවට මේ මිහිකතට ප්‍රේම කළ ඇත්තන්ට එවන් වූ හදවතක් තිබුණාට ඉස්සරම... කාලයත් එක්ක මග මිනිස්කම හැර ආව දැන් උන්ගෙ හිත් ඇතුලෙ එයින් බිඳුවක් නොමැත... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 257 2 0
මෙහෙට හරියට වැස්ස උඹට මතකත් නැතිද... මේ වගෙම තද වැස්ස ඇද වැටුණි පෙර දාක... අන්තිමට මුණගැහුන කදුළු රැදි ඒ දවස... නෙත පුරවගෙන කදුල මම නුඹේ දෙස යළි බැලුව... මේ වගේමයි වැස්ස එදත් පොළොවට වැටුණ... අද වගේමයි මතක මම ඉකි බිඳිනවා තවම... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 291 2 2
ආදරේ හින්දාම ජීවිතේ නැති වුණත් ආදරිය ලඟ ඉන්න පෙරුම් පුරනා ලතෙත්... හදවතක් ඇති උතුම් සොඳුරු මිනිසෙක් මමත් රූප පෙට්ටිය ඇතුලෙ දුටිමි අද නිසඟයෙන්... අත් හරින්නට බැරිව යළි යළිත් රිදවනා හිත පිරුණු සෙනෙහසක් මම දුටුවෙ ඒ ඉමේ... අඩු නැතිව ආදරේ ඉතුරුවා හැම තැනම උන්ගෙ හිත් පුරාවට ප්‍රේමය ම පණ ගැහේ... ආදරිය වෙනුවෙන් ම ජීවිතය බිලි දෙන්න සිදු වුණත් හිත පිරුණු සෙනෙහසේ ගීතයේ... හැම තනුවකම වගේ ඇය තමයි උන්නේම ඒ දුගී හිත පුරා ප්‍රේමයම පණ ගැහේ... අහස සඳ සේ දුරක් උන් අතර තිබුණාට උඹ වගේ ඔහු ගියේ නැහැ අතැර ආදරේ... ඒ ටෙලි කතා පුවත පුරා හැම රැයකදිම දිග හැරෙන විට ඉතිං පුරුදු ඒ කනිසමේ... මම එතැන නොරැඳීම නෑසෙනා මායිමට පලා යමි වේගයෙන් නොදකින්න ආදරේ... කතා පොත් කවි පුරා ටෙලි කතාවන් පුරා මිහිර විසිරුවා හැරි මුදු සුවඳ ආදරේ... දකින මොහොතක පවා මටම යළි රිදවනා උන් කියන උතුම් වූ කතාවද ආදරේ... මට ම පමණක් මෙහෙම අහිමි වුණ රිදුම් දෙන මම දුටුව කදුළු කව නොවෙද ලොව ආදරේ... පතිනි පූජාවක් ද ඒ තරම් පේ වෙච්ච පුදුම සහගත සොඳුරු උතුම් වූ ආදරේ... මට හරිම පුදුමයක් රචකයා ලියපු ඒ උන් රඟන කතාවද ඇත්තටම ආදරේ...? - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 250 4 8
හිත කෑ ගහලා ඇඬුවට මම ඉඩ දෙන්නේ නෑ... තව නුඹ ගැනම හිතුවට දැන් ප්‍රේමයක් නෑ... මනසට නිතර ආවත් මට නුඹ ඕනි නෑ... නුඹ දුටුවාම ආයෙත් මම වැලපෙන්නෙ නෑ... මල් පිපෙන හැම ගහකම මල් පවතින්නෙ නෑ... පර මල් බිමට හැලුණට ගහ වඳ වෙන්නෙ නෑ... එක බසයක් මග හැරුණට මග තනි වෙන්නෙ නෑ... මහ පාරේ තව වාහන නෑවිත් තිබුණෙ නෑ... ගිම්හානය ගස් මැරුවට කතරක් මැවුණෙ නෑ... මහ සාගරය ගැලුවත් මිනිසුන් වැටුණෙ නෑ... එක පිටුවක් නිම වූවත් තව පොත අහවර නෑ... එක කවියක් නැවතුණ මුත් කවියා තව මැරුණෙ නෑ... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 387 4 6
මේ මද්දහන මැද්දෙ ගිනිගන්න නුඹේ ගැන මට දුකයි මේ තරම් ඉවසයිද කවුරුවත්... කහ පාට රතු වෙලා ඉර ඉතිං ගිනි අරං ඒත් කදුලක් නොහලා ඉන්න හැටි පුදුමයක්... වළාකුළු නං ඉතින් මේ සැරට පිච්චිලා අළු වෙලා යන්න ඇති ඒ නිසයි අහස හිස්... මොන තරම් පෑව්වත් ගිනි අරං පිච්චුණත් අළු වෙලා උණු වෙලා මියැදුණේ නැහැ නුඹත්... ඉර හරිම පුදුමයක් දවස තිස්සෙම දුකක් දරාගෙන පසු දිනත් නුඹ එනවා ආයෙමත්... ඉරත් දුක් ගිනි දරන් හැමදාම හිනැහෙනා මවක් වාගෙයි කියා හිතෙනවා මට දැනුත්... ගිනි ගහන අව් ගින්න දරාගන්නට බැරුව මිනිස්සුත් ඉතිං තව ඉරට බනිනව වුණත්... හැම දේම විද දරන් එකවගේ ශක්තිමත් නුඹ වගේ කෙනෙක් නම් මම දැකලා නෑ තවත්... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 285 3 6
නැවතුණු තැනින් ඉතිං ආයෙමත් අරඹන්න වැටෙන හැම මොහොතකම මට යළිත් නැගිටින්න... හැකි බවක් මම ඉතින් උගත්තේ හරි පුදුම නේක නිසදැස් ලියූ මෙහෙ උන්ගෙ කවි වලින්... මම මෙහෙට ආවාම මගෙ හිත නිවා ගන්න ලොවට නොකියන කදුළු මේ පිටුවෙ හැරයන්න... බොහෝ උන් මම දුටුවා වේදනා විඳගන්න ඇවිත් ගිය බවක් මෙහි කදුළු හලලා යන්න... සතුට දුක හැමදේම කවි කරපු අකුරු ළග ඇතැම් තැනකදි කදුළු මහ ගොඩක් තිබුණාට... හැමතැනම මුතු අකුරු අමුණාපු කවි අතර හැම දේම රසවිඳින හිතක් තිබුණා උන්ට... හඩපු කදුළුත් හිදෙන්නට පෙර හිනා වෙන්නට හේතු ලිවු අය ප්‍රේමයේ රළු වේදනා මැද වේදනාවත් කවි කරපු අය... අහස පොළවට ලෝකයට නෙක සොබාදහමට ප්‍රේම කළ අය ජීවිතේ සතුටත් දුකත් මේ සොඳුරු පිටු මත අකුරු කළ අය... හිනාවෙන අය හඩා යන අය ලියූ නිසදැස් රසවිඳින අය නේක විධ වූ කවිකාර අය මේ පිටුව තුළ මම දුටුව අය... වේදනාවත් කදුල සුසුමත් පොදු දෙයක් බව ලෝකයේ තව මේ ඉසව්වෙන් මම උගත්තා ජීවිතේ හැම තැනම කවි රස... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 240 4 6
හැමදේම දරාගෙන හැමදාම එක වගේ ආදරේ සුරකින්න හැකි හිතක් තිබුණාද... රළු ගැහැට ආ විටදි ප්‍රේමියව රැක ගන්න හැකි එකම පෙම්වතෙක් මෙමිහිමත හිටියාද... කාලයේ මෙතෙක් දුර සැබෑ ලොව නොදැකි එක සුන්දරම ප්‍රේමයක් අහම්බෙන් දුටුවාම... මට ලෝභ හිතෙනවා මම නොදුටු ප්‍රේමයක් උන්ගෙ ඇස් ඇතුලෙ මට ඇත්තටම පේනකොට... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 293 4 6
නුඹව අමතක කරන්නට මට තවම හයියක් නැති නිසා දුරකථනයෙන් මැකූ අංකය අද යළිත් ඇතුලත් කළා... නුඹේ ගිණුමේ ඇති පුරුදු ඒ නුඹේ රූපය දෙස බලා මොහොතකට මගෙ හිත විමසුවා නුඹට කොහොමද දැන් කියා... මකා දමලා ඔබේ අංකය නොහැක හැර යන්නට සදා ඔබේ අංකය මගේ මතකය ඇතුලෙමයි ලියවුණෙ එදා... කොයිතරම් අමතක කළත් යළි මම මටම යළි පවසනා මගේ යටි සිත ඔබේ අංකය තවම අමතක නොකෙරුවා... නැවත ආයෙත් නුඹේ අංකය මගේ දුරකථනෙන් මකා ඉවත තැබුවත් නුඹ වගේ මට නුඹේ අංකෙත් හුරුවෙලා... යමෙකු ඉදහිට මගේ අංකය ඇසුව පසුවත් හඩ නගා මගේ හිත මට උඹේ අංකය කියනවා මේ අද පවා... අපේ මතකය කැටයමකි මම මගේ හිත්ගල මත තැනූ එය දකින හැම මොහොතකම මගෙ හිත හොරෙන් රිදවයි නෙතූ... හිතේ මම නුඹ කැටයමක් ලෙස මැව්වාට පෙරගිය දිනේ නුඹ මගේ මතකය පොදක් වත් තියාගත්තේ නැහැ වගේ... මේ තරම් කාලයක් ගතවී නුඹට අමතක මේ හිතේ පෙර රැයෙත් කදුලක් නැගුණෙ ඇයි මට පවා තව නොතේරේ... නුඹෙ හිතේ තව මගෙ නමට නෑ ප්‍රේමයක් නම් මේ භවේ මගෙ මතක තුළ නුඹ මැවෙන්නේ අද වුණත් නුඹ මගෙ වගේ... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 310 4 2
අකීකරු හිත අස්සෙ මොහොතකට ඉරි ඇන්ද දඟකාර දෙපා පොඩි හොර හොරෙන් මං ගාව... උදේ හවසත් ඉතින් මහ රෑත් ලඟ ඉන්න හොඳම මිතුරා මගේ ඔය සිඟිති හුරතලය... පුංචි දෑසින් බලා ලඟින් දැවටී ඉන්න හැම මොහොතකම වගේ දෙපා ලඟ ගුලිවෙන්න... දඟකාර කම් ඉතින් අඩු නැතිව හැම තැනම බොඳ කරන මගෙ කිටී උඹ තමයි මගේ මල... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps