චතුරංගි හර්ශිකා 6 years ago 247 2 2
හැම වතාවෙම වගේ මගෙ සිනහ කදුළු පොත තව කතාවක් නුඹට කියන්නට තිබේ මට... අද උදෙත් ඉර තදට පායලා ඇත මෙහෙට ගම තරම් නම් ඉතින් පුරුදු නෑ මට කොළඹ... ඉඩක් නැති පාරවල් තදබදය හරි ගැහැට විදින්නට හැමදාම සිදුවේවි මෙහෙ උන්ට... නිදන්නට පවා රෑ හීනයක් තුළ තදට මෙහේ බෑ හරි සද්ද රෑ කියා නෑ වෙනස... වීදි ගානේ යනෙන නේක වූ මිනිසුන්ට අනිත් උන් ගැන හොයා බලන්නට නැහැනෙ ඉඩ... තම තමන්ගේ ලෝකවල තනිව හැම පැයම මුදල් හොයලා නහින උන් තමයි හැම අතම... තවත් පැත්තක හොඳට ගස් අමුතුවෙන් වැවුව වීදිවල සමහරුන් ඇවිද යයි උදයේම... ලොම් පිරුණු බල්ලන්ට ඇවිදින්න වත් තනිව ඉඩක් නෑ ඇවිදින්න එක්ක යනවා උන්ව... හරි දුක් ගොඩක් පිරුණු මේ වීදිවල රෑට ඇග මසත් මුදලකට විකිණෙනවා හැමදාම... අපායත් දෙව් ලොවත් දෙකම මේ එකම බිම දැකගන්න හැකියි මෙය නොවෙයි මට උරුම තැන... මේ වීදි පුරාවට හිනාවට යටින් තව කදුළු පැල්ලම් බොහොම තිබේ නොපෙනෙනා ඉම... මට හිතයි මොහොතකින් නිසංසල මගෙ ගමට පියාඹා වැව් දියෙන් මේ කිළුටු සෝදන්න... මට එපා මේ කොළඹ හැම තැනම කදුළු කැට මට යන්න තිබේනම් හීන විසි කර ගමට... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 281 3 3
ප්‍රේමය? මමයි මගෙ හදවතයි පැතුම් මියගිය හිතයි වන්දනාවේ ගියා පෙම් පුරාවත් සොයා... භාරත බිමේ සොඳුරු කිරි ගරුඬ මැදුර ළග මගේ හිත නතර වී බලා සිටියා එදෙස... මේ තරම් සුන්දරව සිහිවටන තනන්නට සාජහන් මොන තරම් ආදරෙද දේවියට... ඒ තරම් ආදරේ පිරුණ නම් ඒ හිතට මාළිගේ හදපු උන් අමු අමුවේ මරාවිද... තවත් දුර ඉගිලිලා යමුණාවෙ ඉවුරකට මමයි මගෙ හදවතයි ගොඩවුනා මොහොතකට... රාධාව ක්‍රිෂ්ණාව ප්‍රේමයේ ලියැවෙන්න මොනතරම් ආදරේ සුන්දර ද උන් ගාව... යමුනා නදී තෙරේ රාධා වගේ තවත් සොඳුරු සුන්දර ළදුන් හිටියා ලු ක්‍රිෂ්ණා ට... තවත් දුර අපි ගියා නැවතිලා මොහොතකට මගේ හිත ආයෙමත් විමසුවා මගෙන් තව... රාමාට සීතාට පුරාවත් ලියැවෙන්න මොන තරම් ආදරේ තිබුණා ද ඔවුන් ළග... රාවණා පැහැරගෙන ගිය නිසා සීතාව සැක කලා නම් ඈව ප්‍රේමයක් තිබුණා ද... හැම තැනම සොයා ගොස් හති වැටී ආවමුත් නොහැකි විය සොයන්නට සැබෑ ප්‍රේමය තාම... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 264 4 3
එකම එක පොඩි කදුළු බිදුවක් දෑස් තෙමනා විට... වැරදිලාවත් මට අඩන්නට ඉඩක් දුන් නෑ ඔබ... ඔබ ගියාමත් නාඩා ඉන්නට හුරු කළා නම් හෙම... දැන් ගොඩක් කල් හිත හදාගෙන ඉන්න තිබුණා මට... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 265 3 3
කුමටද මේ රංගනයේ තව දුර රැදී සිටින්නේ මම නම්... අවසග නැති හිතුවිලි පාරයි හිත වැරදිකාරයා නුඹ නම්... නුඹගේ රුව කිරිගරුඬින් නිම කළ කලාකාරියත් මම නම්... අවසර නැහැ තව නුඹට හිදින්නට කඩා දමමි ගල් කටුවෙන්... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 275 3 2
ඇගේ උකුලේ සැනසෙන්න මට නොහැකි වූ ලොව කුමන කිරුළුද මවක් ළග නැති අඩුව තනිකම පුරවන්න හැකි වුණේ කාටද? මම නොදුටු මගෙ ළමා කාලේ මගේ අම්මා මෙහෙම වෙන්නැති හිතා ඉදහිට මමත් හැඩුවා මම නොදුටු සෙනෙහසක් වෙනුවෙන් අන්ධ හදවත මැද නතර වුණ එකම එක රළු පුංචි සුසුමක පවා ඉදහිට මමත් හෙව්වා ඇත්තටම අම්මලා කොහොමද? - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 260 3 2
නොවැලපෙමි නොලැබීම... හඬා කිම ගතු කීම... වැරදීම් ඇති එමට... එයයි පොදු ලෝ දහම... ගෙන ගියත් හිතක මල්... උයන වනසා දිනෙක... යළි වසන්තයක් එයි... නුඹ ඔහොම හිතුවාට... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 344 3 0
දවසක් ඒවි හැමදේම වෙනස්වන... ඒ හැම මොහොතකම, හැර නොයා ළග ඉන්න... මම හිතන මම දුටුව එකම එක හේතුව නම්... ඒ උතුම් ආදරයයි. - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 290 2 2
දාහක් දෙනා අතරෙ එළි වෙනවා රෑ වෙනවා... මං වටේට ගොඩක් අය ඉන්නවා... හරියට එළිය පිරෙන්න හොදට ජනෙල් ඇරපු කාමරයක් ඇතුලෙ වගේ... ඒත්... මගෙ හිත ඇතුලෙන් හරි අමුතු පාළුවක් දැනෙනවා... හරියට, මම මේ හැම දෙයක්ම දිහා පිටින් ඉදන් බලාගෙන ඉන්නවා වගේ... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 278 2 2
හැමදාම හැමදේම දරාගෙන හිනැහෙන්න කදුළු නැති ඇස් දෙකක් මට ගෙනැල්ලා දෙන්න වැටෙන හැම මොහොතකම මගේ හිත සනසන්න නොහැකි නම් දෙවියො ඇයි මාව මැව්වේ ලොවට මම කියා කෙනෙක් ලොව නොහිටියා කියා තව කාටවත් කොහොමවත් පාඩුවක් නැහැනෙ ලොව රිදුම් වැලපුම් පිරුණු කුමට මේ මැවුම මට මට හිතයි හැර යන්න ඔබ මැව්ව හැම දේම - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 296 2 2
ගිනිගන්න පොළොවෙත් රස්නෙ නොදැනෙන... හෙන ගහන වැස්සෙත් ශීත නොදැනෙන... සාගතය ආවත් කුසගින්න දැනෙන්න නොදෙන... මියෙන මොහොතෙත් හයිය එක හිත... මගේ තාත්තේ ඒ නුඹ... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 283 2 3
දෙවියො ලෝකය මැව්වා... මිනිසුන්ව සත්තුන්ව ගස් වැල් මේ හැමදේම... මිනිස්සුන්ට හිතක් දුන්නා... හිනාව දුන්නා... කදුළු දුන්නා... ඒත් පුදුමයක්... දෙවියො සත්තුන්ට හැගීම් දුන්නා... ආදරය... වේදනාව...බය... මේ හැමදේම... ඒත්... කදුළු දුන්නේ නෑ... හිනාව දුන්නේ නෑ... ඔබ කවදාහරි දැකල තියෙනවද... සතෙක් අඩනවා, නැත්නම් හිනාවෙනවා? - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 285 3 2
කවියකට පුළුවන්ද හිත නිවා සනසන්න... කවියෙකුට පුළුවන්ද ලෝකයක් හඩවන්න... කවියන්ට කවි වලට ප්‍රීතියම පුරවන්න... නොහැකි නම් කවි කුමට හැම හිතම හඩවන්න... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps