Supuni Nilukala? Nisadas Count (26)
Supuni Nilukala? 5 years ago 355 2 1
නිමක් නැති සතුටක් දෝරෙ ගලන්නට මත්තෙන් කොරෝනා නුඹ ඇවිදින් හරස් කරමින් කළේ සැබෑ වෙන්න තිබු සිහිනයක්.... ????
Supuni Nilukala? 6 years ago 320 3 2
එක් බැඳීමක් රැකගන්න හොඳම බැඳීමක් කැපකරන ආවස්ථික පිරිවැයකි හැමදෙයක් මත රැඳුණ
Supuni Nilukala? 6 years ago 343 6 6
මැවූ හීන හීනයක්ම වෙද්දි පැතූ දේ නොලැබෙද්දි නොපැතූ දේ ලබද්දි නොසිතූ දේ සිදු වෙද්දි සිතූ දේ නිෂ්ඵල වෙද්දි දැනුනෙ හරි හිස් බවක් මහ පොළවට බරක් වෙද්දී.. කියන්නට දහසක් ඇතත් තෙපලන්නට වචන නැති නම් කෙසේ නම් තුටු වෙම්ද ගොලු වී ඇත අද මං... දෛවය හරි නපුරුයි තැලූවත් කෙතරම් රත් කළත් ගිනි උඳුනෙන් මුවහත් නොවේ මං.... ????
Supuni Nilukala? 6 years ago 321 7 7
බෝ පත් සෙලවෙන සිසිල් සුළං හඬ නාදයයි ඝණ්ඨාර දසතින්ම පැතිරෙන වැලි මලුව රැව් දෙන සුමිහිරි බණ පද නිවයි මා සිත පිනෙන් බර කර ????
Supuni Nilukala? 6 years ago 345 5 4
වසන්තය නොආවත් වැසි බිඳු නොලදත් කටෝර සුළං වැදුණත් ඇයට කම් නැත කිසිත්.. පිටතින් ගොරහැඩි නමුත් ඈ ලස්සනට රළු පොළොවෙ හිනැහේවි ඇත්තටම අපූරුයි.. වසන්තයම එනතෙක් නොඉද බලා හිඳ තවත් වෙයන් නුඹ පතොක් මෙන් හුරුවෙච්ච ඉඩෝරයටත්... ????
Supuni Nilukala? 6 years ago 314 4 3
ලියැවූ දහස් පදවැල් අතරේ ගැයූ දහස් ගායනා අතරේ කියැවූ මහා පුස්ථක අතරේ නැරඹූ දහස් සිත්තම් අතරේ විරහවට ඇයි මෙතරම් හැඟුම් විරහවට ඇයි මෙතරම් ඉඩක්.....?? ????
Supuni Nilukala? 6 years ago 312 4 6
නාස් කුහර හිර කරවන?? නෙතින් අග්නි පිටවන? හිස පුපුරා? මුළු ගතම වෙව්ලවන? "හිසරදය'' නුඹ නම් මහ කරුමයකි ? මගේ ඉහටම පතබෑවුණ?? ????
Supuni Nilukala? 6 years ago 358 4 4
වාරු නැත මට පියවර නගන්නට අල්ලාගනු මැන දෑත මගෙ වෙව්ලන තවත් නම් බැහැ ගොදුරක් වන්නට මිනිත්තුවකි හසු වී එක් තිරිසනෙකුට.. ඊයෙත් එලෙසය අදත් එලෙසමය හෙටත් එලෙස නම් රැගෙන යන්න මා නොමිනිස් ලෝකයෙන් කාමයෙන් මත්වූ දුදනන්ගෙන් ඈතට. මව්පිය සෙනෙහස නොලැබුණු මා හට නැත කිසි සරණක් මිය යනු හැර තව. නිවන් යන්න පින් නොකළත් මේ මං පතමි නොලබන්න නැවතත් උපතක්........ ????
Supuni Nilukala? 6 years ago 363 3 4
රන්වන් භරණින් සැරසී උඩරට නෙරියෙන් හැඩව නළල් පට සිරස දෙපස හිරු චන්ද්ර මනමාලියකි ඇය පෝරු මස්තකය මත.. ඈ මගෙ යෙහෙළිය ඔහුගේ මනාලිය රූ සපූව අලංකෘත සොඳුරු රුවැත්තියකි අද.. යෙහෙළියේ නුඹ ඈත්ව පිය නගයි නව කැදැල්ලට සුබ පතමි හදවතින්ම වාසනාවන්ත යුගයකට.. ????
Supuni Nilukala? 6 years ago 291 5 4
පෞද්ගලිකත්වය නොදත් සමහරක් නළු නිළියන්, ගායක ගායිකාවන් රූප පෙට්ටි තුළට විත් තමන් ගැන තතු සියල් වාචාලව දොඩවා, පසුව ඔවුහු කෑ ගසති කුමකටද උඹලට අපේ පවුලෙ දේවල්........... සමහරක් ප්රේක්ෂකයන් වචනයක් පිට වූ සැණින් කැමති නොවැ අවුස්සන්න ගඳ ගහන කුණු ගොඩවල්..... උන් උන් දත යුතුය ප්රශ්න නැති ගෙයක් නොමැත කිසි කලෙකත් අකුරු ගැළපූ මගෙත් ගෙදර හරියට ප්රශ්න නොවැ..... ????
Supuni Nilukala? 6 years ago 315 3 4
ඇතුළතින් පිපිරෙන පිටතින් නිවිච්ච මිනිසුන් පිරි සමාජයකි කොතැනත් බොරුව රජ කරවන... උපදෙස් දසත පැතුරුවත් නිතර දරන්නෙ ලුහුඩු මත නම් හිස් වචනෙකි අවකාශෙක....... වසාගෙන හිත ඇති කලු කරන්නෙ අහිතකින් නම් කුමකටද අඳින්නෙ ඔයතරමටම රෙදිපිළි සුදු...... කියන්නෙ මෙහෙම නම් කරන්නෙ එහෙම නම් කුමකටද එසේ නම් රඟන්නෙ නැති නාඩගම්...... හැමතැනම තරඟය දුවන්නෙ හැල්මෙ මඳක් නතර වී බලව තව දුරයි නුඹෙ නිවන...... මේ කුරිරු සමාජෙන් මිදෙන්නට හැකි ආගම් ද ගරා වැටෙමින් ඇත ඇස් පනාපිටම....... නැත තවත් අන් සරණක් නුඹට නුඹ පමණය අත්හැර රුදුරු නරක ජීවත් වෙයං හැකි පමණ හොඳට මාරයා නුඹෙ අතළඟ ය........... ආවදා මාරයා දමා රැස් කළ වස්තූ යන්නට වන්නෙ හිස් අතින් නොවෙදෝ...... භෞතිකව මෙන්ම මනසින් කළෙත් සිතුවෙත් හොඳ නම් නොවරදී කිසි කලෙකත් ලැබෙයි ඉන් එහි අනුසස්...... ????
Supuni Nilukala? 6 years ago 385 2 3
ඉරි තැලී ගිය ඉඩෝරයට වීය වැහි බිඳුවක් නුඹ මට, නුඹෙ වැහි සිසිල ලැබ තෙත් වීය කැකැරුණු හද බිම, කර්කෂ රෂ්මිය පහව ලැබුණු ආලෝකය සුමුදුව, ලද සුවය අපමණ නුපුරුදු වසන්තයකි සැණෙකින, ලියලා වැඩෙන දලු මෝරන්නට මත්තෙන් ලද වසන්තය නිමා විය, ඇයි නුඹ ගියේ මා අතහැර....... අතරමග දමා ගිය නුඹ තවත් එපා මට වසන්තය එපා දැන් ඉඩෝරය හුරු පුරුදුය. ????
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps