චතුරංගි හර්ශිකා 6 years ago 292 2 1
මහ දෙණියෙ වැව අයිනෙ ඉර තදට පායලා දවසකට පෙරවදන මල් කැකුළු මත තියා... හිරු එළිය ප්‍රේමයෙන් පිණි පොකුරු ගෙන ගියා අහස් ගව්වෙන් එහා රෑ අහස මිය ගියා... ගුරු පාර ළග ඉද්ද මල් අතර සැගවිලා පුංචි කටරොළු මලක් හොරෙන් එබිකම් කලා... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 276 2 2
නොහඩා බැරි කමට ඊයෙත් නෙත් තෙමුවා.. බැරි තැන හිතේ මුල්ලක උඹ හිර කෙරුවා... මතකයේ මකුළු දැල් ගොඩකින් හිත වැහුවා... එනමුත් අද උදෙත් උඹ යළි ගොඩ ආවා... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 341 2 2
ගගනතේ ලස්සනට හද ඇදුණි සුදු පාට... රෑ වළාකුළු එක්ක තරු දොඩන්නේ මන්ද... අපි නොදත් නමුත් රෑ ගගනතේ රැඳි රහස... හද නිසංසල රැයක කිව්වාලු හාවාට... හඳ කියන්නට ඇත්තේ රස කතාවක් ඌට... අපෙ කතාවත් ලිව්වනම් අහසේ මහ රෑට... සඳවතේ තනි රකින අහිංසක හාවාට... ළය පැලී මියැදෙන්න හේතුවක් වෙයි ඒක... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 297 2 2
කොල පාට සායමින් පින්සලය පොගවලා පින්තාරුවට හෙමින් කැන්වසය ළං කලා... මටත් නොකියාම ගොස් මගෙ මනස තටු සලා මළ හිරුගෙ සිතුවමක් මගෙ හිතට ළං කලා... පින්තාරුවට මෙදා කොල පාට පොගවලා ගත්තු තෙලි තුඩ මදෙස ඇත අසරණව බලා... මළ ඉරක් අඳින්නට කොළ පාට තවරලා බැහැ නේද උමතුයි ද? කැන්වසය විමසුවා... මදහසින් තෙලි තුඩග කැන්වසය මත තියා මළ අහස පුරාවට කොල පාට තැවරුවා... කොල පාට අවරගිර මැදින් හෙමිහිට බලා මළ ඉරත් මදහසින් මගෙ නෙතට ඉගි කළා... - චතූ
ශශී❤️? 6 years ago 299 2 4
හීන පොදි බැදි ජීවිතය ලග මහමෙරක් දුක තිබුනි නොඅඩුව එකින් එක පද ගොතන්නට අද අවැසි පද පෙල දුකම උනි මට හිතින් විඳවන සියක් හිත් ලග නෙතින් වැලපෙන දහක් නෙත් මැද ජීවිතේ ළඟ හීන මියදෙන සසර ගමනෙහි කෙලවරක් නැත ශශී
චතුරංගි හර්ශිකා 6 years ago 384 4 4
මම ආසම වුණ මායාවක් සුදු පාට... හැම හීනයකම මම පාට කරා සුදු පාට... සුදු පාට හීන මලානිකව මියැදුනු දාට... සද පහන් රැයක මම දැක්කා ඒ සුදු පාට... ගගනතේ කොණක හරි තදට ඇදපු සුදු පාට... ඒ රවුම් සදට උරුම වුණෙත් සුදු පාට... මගෙ හීන මැරුණු ශීතල හිම මැද රෑක... මිහිදන් හීන මත රැදුනු මලත් ඒ සුදු පාට... හරි දුක්බර තැන් හැඩ කළේ ම සුදු පාට... නිහඩ ම හිත් පිරෙව්වේම සුදු පාට... පින්බර හැම මොහොතකදිම හැම දේම... හරි ලස්සන සුදු හැඩ කරා ලු හැමදාම... මගෙ මතක සොහොන මත ඊයේ මැද රෑක... මම දැල්වූවෙමි ඉටි පහනක් සුදු පාට... මම මේ මොහොතේ රැදී ඉදිමි දහවලක... දිග වළාකුලක් මම දුටුවා සුදු පාට... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 240 4 3
සිනා පොද වුණා හද ගැඹුර තුළ නිදන් වූ... රාත්‍රිය වුණා නුඹ මතක පොත මත සැරූ... කාලයත් අරන් ගිය මගෙ හිතට ගතු කියූ... බදු අරන් හිත් කොණක් නැවතුණේ ඇයි මතූ... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 266 4 2
රෑ මැදියම හීන අහුරු දුර ගගනත පා කරන්න... ජීවිතයේ සුවඳ පිරුණු පියාපතක් සේ රැදෙන්න... හීන වලට පාට පොවා සිහින දකින නෙත් තෙමන්න... දෛවය නුඹ නපුරු මන්ද හිනැහෙන හිත පාරවන්න... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 277 3 2
කිතුනුවෝ හැම දෙයක්ම දෙවියන් වහන්සේට භාර කරනවා... බෞද්ධයෝ හැම දෙයක්ම දෛවයට භාර කරනවා... හැමෝටම හැම දේටම කියන්න මොකක් ම හරි තියෙනවා... හැමදාම හැමෝම අනුන් පිට වරද තියලා ජීවිතේ නමැති කෙම්බිම හොයාගෙන සැනසීමක් නොවිද වන්දනාවේ යනවා... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 349 3 0
ජීවිතයේ චාරිකාව මැද ගමනාන්තය සොයා යන ගමනේ නවාතැන් පොළවල් බොහෝ ය... හැගීම් නමැති විඩාව නිවාගන්නට ගොඩවදින මේ නවාතැන් අතර ඔබත් එක් නැවතුමක් වූවෙහි ය... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 284 2 2
කාලයේ මතක පොත මත ගැළපූ අකුරු වැල් අතර ඔබ නමින් ලියූ පද වැල් ද බොහෝ විය... නිසසල ම රාත්‍රියක සීතල ම හදවතක රිද්මයට ආරාධනා කළ සසල උණුසුම් මදනළයි නුඹ... නුඹ යළි නේන බවත් මතකයේ නිදන බවත් මම දන්නා නමුත් මග බලා ඉන්නෙමි අදත්... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 242 3 2
අමාවක රාත්‍රිය උදා විය වසන්තයක... නිරන්තර හද බිම මත උපන් මල් කැකුළු මියැදුණි අන්ධකාරයක... එදා අද වසත් කල බොද නොවන සේ ඇදුන බිතු සිතුවමකි නුඹ හද ගගන මත රැඳුණ... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps