චතුරංගි හර්ශිකා 6 years ago 229 4 3
රළු පතන බිම් නිතර කටුක ලෙස මුරගාන රිදවනා මිතුරු හිත් හැකිය මට සනසන්න... නමුදු අවතැන් හිතට මල් හීන වැහි වහින ගුරුතුමනි නුඹ නමින් නොහැක නැවතී ඉන්න... නෙත් කෙවෙනි පුරාවට රැදුනේ ම මදහසයි නුඹ බෙදූ සිප් සතර අයිලයෙන් බෝ දුරයි... හීන තිබුණේ නිතර ජීවිතේ දකින්නයි දෛවයේ තීරණය මලක් වී මියෙන්නයි... නිමේෂය මතම යළි හීන පොදි ගොඩ ගසන දුයිෂෙන් නුඹේ දෑස් නොහැක මට හැරයන්න... මේ ප්‍රථම ප්‍රේමයයි නිහඩ හද සනසන්න හැකි නම් ඉතින් නැවත නගරයට විත් යන්න... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 278 2 0
2020 ජුලි මස 18 වැනි දා ගගනතේ කෙළවරට සද අරං අලවන්න කළු පාට සායමින් වළාකුළු පුරවන්න... හැන්දෑවෙ අහස ඉම තරු රටා පෙන්වන්න අහස් ගනදුර ගේන වැහි කළුව ගෙන එන්න... මද්දහනෙ ගිනියමට ගිනිගත්ත ගස් ගොන්න අළුත් වැස්සේ වතුර තුරුළුකර හිනැහෙන්න... පලා පැහැ තවරන්න සොබාදම සරසන්න මලානික දෙණිය ළග පොකුණ තව පුරවන්න... බලා අවසන් කරන පිපාසිත හීන පොදි තියා හදවත එන්න වසත් වැසි පිළිගන්න.. සදවතට තනි වෙන්න ගගනතේ ඉඩ දෙන්න දොඩමළු ගීත අරන් මහ පොළොව සනසන්න... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 253 3 2
නිසදැසත් හරියට කතාවක් හිත දිගහැරපු හිතුවිලි රටාවක්... මට නුඹත් ඒ වගේ ඉනාවක් හිත නිවන රම්‍ය භාවනාවක්... අපි අපෙන් ගිලිහුණා වතාවක් යළි නේන්නට නුඹ ගියාමත්... මගෙ හිතේ තනියට මෙදාටත් ළග නැවතුණා කවි කතාවක්... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 242 3 2
හීන පුරාවට මිනිස්සු ජීවිතේ අදිනව... පාට පුරෝගෙන හීනවල සතුට විතරක්ම හොයනව... අවාරෙට වැටුණු අඹ ගෙඩියකටත් ලේනෙක් හරි වගකියනව... කලු සුදු ලෝකෙ හිත් වල මවාගත්ත පාට මැදින් අපි අපිව ම හොයනව... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 216 1 0
2020 අගෝස්තු මස 03 වැනිදා නොනවතින වැහි කෝඩ වලාකුළු මත තියා සුළග නුඹ නේන්නට මගෙ හිතින් දුර ගියා... හැන්දෑවෙ කලුවරට සදවතට ගතු කියා අනෝරා වැහි යළිත් වැටෙයි මිහිකත බලා... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 229 2 2
2020 අගෝස්තු මස 03 වැනිදා බොහෝ හෝරා පුරාවට හිත හීන දියකර නුඹේ මුව මත... ගෙතූ පද වැල් අරුම වත ගොත ලියූ දින පොත අවතැන්ව ඇත... හඩා වැලපෙන හිනා පුබුදන වදන් පෙරලූ නැවුම් හිත් පොත... අකාලයකට මිය ගියත් ඔබ මියැදි කවිකම තවම මා ළග... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 243 3 2
2020 අගෝස්තු මස 03 වැනිදා කාලයේ තෙරක් නැති අරුම ගමනේ යෙදෙන වන්දනාකරු මමයි ජීවිතේ සොයා යන... හීන බිදුණත් නිතර යළි යළිත් හීන දෙන නුඹත් වන්දනාවක් ය සරසවිය මගෙ සිහින... වැටෙන නැගිටින නමුත් හඩන හිනැහෙන හිතට ගන කළු වළා ඇවිත් අදුර දුන්නත් නිතර... අනන්තේ දුරක හිද පවසනා ගී නිතර මගෙ හීන සරසවිය නුඹට මේ කවි පොකුර... කැන්වසය මත මගේ ජීවිතේ සායමින් හීන පින්තාරුවට මමත් එමි ඉක්මනින්... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 237 1 0
2020 ජුනි මස 08 වැනි දා පෘතග්ජනත්වය තුළ ඇතිකරගන්නා බැදීම් තුළින් සතුටක් බලාපොරොත්තු නොවිය යුතු ය. එය හුදෙක් වේදනාත්මක ප්‍රතිඵල ගෙනදෙන ප්‍රීතිමත් ක්‍රියාවලියක් පමණි. ඔබ බැදීමකින් සතුටක් පතන්නේ නම් එය කදිම විහිළුවකි. - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 221 3 1
දුකක් නෑ මරාපන්... රිදෙන් නෑ අඩවපන්... ගලින් නිමවා තියෙන... හදවතම කඩාපන්... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 223 2 0
මම සොයන උඹ නොඑන රළු හීන තනි රකින දෙනෙත් බොදවී රිදෙන මගෙ සිහින මල් උයන... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 305 3 2
දම්පාට දේදුන්න මල් සුවඳ ඉහිරෙන්න වැහි හුළං අරං ආ මතක පොදි බොදවෙන්න... වේදනාවක කටුක රළු ගැහැට හැරයන්න මටත් ආසයි සුළං නුඹ වගේ පාවෙන්න... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 353 1 0
එක් අරුම හෝරාවක සෞම්‍ය ජීවිත උයනට ඇද වැටුණි, අසෙනිය වැස්සක්... සත්සර මුසුව තෙළි තුඩගින් හද කැන්වසය පුරාවට, රැදුණි මල් ගොන්නක්... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps