චතුරංගි හර්ශිකා 6 years ago 323 2 0
නිම් තෙරක් නැති අහස හිරු අරන් ආ දිනෙක... සද පහන් රැයක කළු ගන වලාකුළු කුමට... පණ තියෙන හිත් වලට මළ අහස් තරු කවට... රිදෙන හීතල මතක අරං පලයන් දුරට... - චතූ
ශශී❤️? 6 years ago 465 4 3
නෙතු දැහැන් බිදී සිත් අහස නිදී රුව දකිනු රිසී සිත සුසුම් නැගී සිහිනයක වෙලී දුර ඈත රැදී නුඹ ලගම සිටී ප්‍රේමයද මදී ශශී
චතුරංගි හර්ශිකා 6 years ago 290 5 4
ෆැන්ටසියක් ලු ඔබ මම දකිනා හීන කළු සුදු පාට විතරලු ඇත්තේ තවම හිත් වල අපි ම මැව්ව ලු නෙක නෙක පාට ඒ මැද හොයනවලු දැන් අපිවම අපිම - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 274 4 5
ගිම් කල සදළුතල අතරින් බිදී එන... කවියක රාව උඩු ගුවනේ ගිගුම් දෙන... හිතවත් සුළං රැළි පමණක් තනි රකින... දවසක හවස්යම මම තවමත් හිදින... වියපත් නොවන කාලය කවදත් අරුම... නැවතත් නොඑන සේ යන්නට හේතු කිම... හදටත් හොරෙන් මං ලිව් පදවැල් අරුම... අහසට හොරෙන් සද මත ඇන්දේ කොහොම... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 267 4 3
කවිකාරියක නොවෙමි හිත් යාය මල් පිපුණු සිරකාරියක නොවෙමි ප්‍රේමයේ මුල් ඇදුණු මනමාලියක නොවෙමි බඹරුන්ට ඉගි දුන්නු තනි වෘක්ෂයක් ම වෙමි නැති ලතා මල් මඩුළු මම පතොක් මලක් වෙමි කතරක සිනා රැන්දු - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 338 3 3
මිණිපුරට අවුරුදු ද නුඹට කොහොමද කියා... මම එන්න සිටි ගමන ඇයද එන්නේ කියා... අවුරුදු දිනට වත් මා මතක් වේ කියා... දැනගන්න බලා වුණි දෙවියන්ට දුක කියා... මගේ අංකය නුඹට අමතකව ඇත කියා... පිළිගන්න බැහැ කියන හිතට තරවටු කළා... ඒත් නුඹගෙන් ලැබෙන එක ඇමතුමක් පතා... මට හොරෙන් මගේ ඇස් දුරකථනයට ගියා... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 314 3 3
ඇහැළ මහ වැහි කලුව එලා තිරපට හවස ඉදහිටත් බිදෙන් බිද කදුළු වැහි බිඳු හලන... මලානික අහස යට හීතලම හුළං පොද බලා අවසන් මතක නිමා නොකරනු කිමද... බක් මහට මෙහි ආව කොවුලෙක්ගෙ කෑ ගෑම නොනැවතී ඇසෙන්නේ හැර ගොසින් දෝ පියඹ... වැහි බරම අහස් ගැබ පාරනා මතක පොත කොවුල් වැලපුම අතර යළිත් හිත වෙලාගෙන... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 319 2 1
නිහඩ අහසේ චණ්ඩ වැහි වළාකුළු ඇවිත් මහ වැස්ස නිකිණි මහ දිය කරයි දෝ ඉතින්... අහිංසක හුළං රැල් හරි නපුරු වෙස් අරන් මගේ හිත එක්ක යළි සටනකට දෝ ඇවිත්... රෑ මැදියමේ සිටම ඉර ගගන නැගෙන තුරු එක සීරුවට වැස්ස මහ හඩින් මෙහි අරන්... පොහොය සදවත මුහුණ මත අදුරු පට තිරය එලූ වැහි කළු හොරෙන් අහස් ගඟ බදු අරන්... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 272 2 2
හීන ඉදහිට මැකෙන අනන්තේ කොණක මම මගෙ ජිවිතේ සතුට මගෙ හීන සරසවිය... නුඹේ සෙවනේ ඉගෙන ජීවිතේ බොහෝ දුර හීන පසුපස යන්න නුඹම මට දිරි දෙන්න... දිනෙක හිරු නැගෙන විට අතීතේ මකා හැර නුඹ දුන්නු කවි හැගුම් හැකිය මට පබදින්න... කැන්වසය ජීවිතය මතුපිටින් තැබූ දින තෙලි තුඩින් වසන්තය පින්තාරු කරමි මම... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 268 2 2
වියළි තුරු මුදුන් අද සිගිති වැහි බිඳු සමග වසන්තේ අන්තිම ම කවිය කීවා ඇසුණි... ගගන මුව මත රැඳුණු වැහි කදුළු කැට අහුරු අදින් පසු මසක් වත් මහ පොළොව තෙමාවිලු... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 288 2 2
හිරුත් වැඩියා නිසල පිණි අරං මල්වලට තවත් දිනයක කවක් මසැස සනසනු කිමද... හිතක් නිදි වරා විදි දුකක් කෙතරම් රළුද නැතත් ලැබුණත් සතුට මලක් හඩනුව කුමට... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 338 3 1
හීන් වැහි බිඳු අරං නිළි වැස්ස ඇවිත් යයි මල් වදුළු තෙමාහැර අදුර අහසට බෙදයි... නිසංසල හිත් විලම අහස් අදුරට හඩයි වැස්ස නුඹ අරං එන පාළුවට මං බයයි... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps