ෂා නි 7 years ago 281 13 4
හදවතේ ඉකිබිඳිනා සෝ සුසුම් සිත රැදෙනා ප්‍රථම පෙම නොව වටිනා සෑබෑ පෙම මට අගනා
Sandu U Nanayakkara 7 years ago 309 7 5
සොයා පිළිසරණක් ඒ මේ අත දුවනා කලක් එළඹී නිමේෂයෙන් වෙලෙනා නෙක නෙක මත ඇත එකිනෙක ගැටෙනා දැනුම්-සයුර තරණය අපහසු වී පෙනෙනා දිගු කාලයක පාසල් ගමනේ නිමාව සටහන් කළා අපහසුවක් ගෙනාව ලබැදි හිත මිතුරු සුවඳක දයාව අවසන් කලා පාසල් විය මනාව සිහින අකුරු එකපෙළ එක අමුණාවී ගමේ පාසලේ බැඳි සුව දැනේවී නිබඳ දිරිය විදු පියසෙන් ලැබේවී සවිය කිරුළ ඔද තෙද බල දිනාවී සරසවි වරම ලැබ ආ දා පාසලට කිත් යස ලබා දිනුවා මුළු ලොව පෙරට නොලැබූවත් වෙන වරමක් මතුදාට පිං ඇති වරම "සරසවිය" යි මගෙ ලොවට * *සඳූ **
✍️Nilushi Nisansala✍️ 7 years ago 323 8 4
දියවෙන සබන් කැටයෙත් කැටයම් කොටලා පයලන පාවහන් වල විසිතුරු යොදලා ඇඟලන සළුපිළිත් කපුවෙන් නිම කරලා ඇති අය රඟති නැති බැරි පොඩිවුන් පෙළලා අණ්ඩ දමා ඇඳ ඇඳ වැරහිලි ඇඳුම නැහැ දිව බොජුන් තියා ,කුස පිරෙනට කෑම ආස නමුත් අමතක කොට ඉගෙනීම දිව් රැක ගන්න වෙහෙසුනේ වුන් හැමදාම සේද,දුහුල් ,සළුපිළි නෑ දූගී පැලේ රන් අභරණ ,තොඩූ ,මාල නොමැත ගෙලේ අසරණ වී ඉපදුන මුත් දිළිඳු කුලේ ඇති අය මෙන් නැහැ, පොඩි අපි වැරදි කලේ සඳ ,තරු පෙනේ පොල්අතු වහලේ මැද්දෙන් වහිනදාට නිදි නැත තෙමිලා වැස්සෙන් කෙසේ වෙනස් වෙද ඒ අය පොඩි අපගෙන් දිළිඳු නමුත් එක අහසක් යට මිනිසුන් .........
✍️Nilushi Nisansala✍️ 7 years ago 311 11 1
අහස පොළොවට පෙම් කළේ නෑ හිමිනොවන බව දත් නිසා එහෙව්, නුඹ ළග සොයා සැනසුම අතරමං වී ඇත මේමා.... පටන්ගත් තැන නතර කළ ගිය පෙම් කවක ඉතිරිය ලියා තව කොතෙක් දුර යා හැකිද? මට දැවෙන හද සතුටින් කියා.... අදින් පසු එන තව දිනක් ගැන හිදින්නද? පෙරමං බලා හිමිනොවන බව දැන දැනම නුඹ කඳුළු අතරින් හිනැහිලා..... අපේ නොමියෙන සොදුරු මතකයේ මගේ ආදරේ සොය සොයා එපා යන්නට අතරමං වෙයි මගේ හිත තුළ නුඹ සදා.....................
Sandu U Nanayakkara 7 years ago 295 5 0
පෙරුම්පුරා මඟ බලනා දින ගනිමින් ඇති මනා පියකරු මල්-මල් සිනා මවයි සිත්තම් රුසිරෙනා නෙක නෙක ඇඳුමින් සැරසෙන්නිය රූබර රන් අභරණ පළඳන්නිය සොඳ තැලි ලා මාල සතක් දමන්නිය ඇය මනමාලී මඟුල් දිනේ සරසන්නිය සුදුවන් සේල ඇඳ පෝරුව මත පිහිටාලා දෑගිලි බැද ඔහු හා සතුටින් හිනැහීලා ජයමංගල ගී නාදෙන් දෙසවන් පුරවාලා ඇය අරඹයි යුග මඟ ඔහු අත දවටාලා නව යෞවන විය කිරුළ පැලදි ඇය සුකුමාලී.. මල් දවටා හිසකේ මත නව සුවදින් හද කළඹාවී.. කෝල සිනා මුදු දෙකොපුල් රත් වූ අවිහිංසක මනලෝලී.. ජීවිත ගමනේ දොරගුළු විවර ව යන්නට ආසිරි ගීත ගයාවී.. **සඳූ **
තූර්යා ඉඳුවරී 7 years ago 335 4 3
අම්මා.... ?තරූ සමනළීි?
Sandu U Nanayakkara 7 years ago 280 9 4
"ජීවිත මං පෙතේ උඩ-යට ඇවිදිනා.. හිස් වු අරමුණු හිස් වූ මොළ ගෙඩි.. මිල-මුදල් ලුහු බදිනා.. පරපෝෂී වූ සමාජ ජාලා... සිත-පිත් නැති උස් කුහර වසත් සමය අවසන වූ තැන.. නමක්-ගමක් නැති ගිරි ශිඛර මත... ගිමන් නොහැර ම අවසන් හුස්ම පොද හෙලන වගයි..."? **සඳූ**
Nethmi Praveena 7 years ago 324 3 0
කවියක් ලිය්න්නම්
Withanage DCS 7 years ago 264 5 1
.....නොදන්නා බසින් සාක්ෂි දෙන සුරතල් දුව පරිවාස බාරයට ද....... පවට භාජනයව සිටි වින්දිත ගැහැණිය සැකකරු ලෙසින් පොලිස් රැකවල ඇතුව රෝහලෙන් කූඩුවට ද .... යොමු වන කල්හී...... .දුර දිග නොබලා රාගයෙන් මදයෙන් මත්ව .. ඇය නිවුන් දරු ගැබිණිය කළ.. "මනුස්ස කම අහිමි" ශුදධ වන්ත වූ පිරිමි ජාතියට අයත් මනුස්සයා හෝ මනුස්සයෝ කිසිවක් සිදු නොවු ලෙසින් හෝ නොදත් ලෙසින් විඳිති කම් සැප සුපුරුදු විලසින්.. ගරහමින් ගැහැණියට.. දුකම සදහට උරුම කර ගත්. පොලීසියට... රෝහලට...... රූපවාහිනියට..... හෝ සමස්ත සමාජයට.... අංශු මාත්රයකින් හෝ ඇතිද උවමනාවක් ඇත්ත වටහා ගන්නට හෝ දෙන්නට මනුස්සකම නැති වෙමින් යන පුරුෂාධිපත්‍යවාදී සමාජයට යටව සිටින ගැහැණියගෙ අවිහිංසකකම.... (මාර්තු 08 දින යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කරන සිහිපත් කිරීමකි) .
Withanage DCS 7 years ago 314 3 2
හිමි අතැර ගිය ගැහැණිය හුරතල් පුංචි කෙල්ලක් සමග දිවි ගෙවන කුලී ගෙවල් පෙලේ කොණේම කාමරේ මාස ගණනක්ගෙවී ඇති බඩේ ගෙඩියක් ඇතැයි කියමින් දොරවල් වසා දහවල වන තුරුත් දිනෙක ඇය සිටියෙ... පුංචි දැරිවිය අසල ලඳකට බාරදී සඟවනු රිසිව රහසක්..... විපරමින් සිටි අසල නිවැසියො දුටු විගස ඈ නිරුවතින් නිවස තුළ නොනවතින ලේ ගඟ ර්‍ුරුහිරු නාගෙන සියොලඟම රත් පැහැයෙන් 1990ට දුන් හදිසි ඇමතුමෙන් හඞ නගා ආ ගිලන් රිය ඇසිල්ලෙන් ඇය රැගෙන පියෑඹී රෝහලට.. ගෙවුනේ තවත් හෝරාවන් දෙකෙකි. පොලීසිය කැටුවදෙවනුව ආ ගිලන් රිය රූපවාහිනී කැමරා සමග. ඇගේ කුටියෙන් අලුත උපන් නිවුන් දරු දෙදෙනෙකු සමග බෑගයක් දොරමුල්ලේ තිබී හමුවූ බව මාංධ්‍ය නාලිකාවන්හි දිවා ප්‍රවෘත්ති සමග කුතුහලයෙන් සපිරි දනන් සිත් අපූර්වත්වයෙන් කළඹන තුටු ජනන පුවත ඇසුණු සැනින් අසන්නන්ගේ අසැබි වදනින් ඇණුම් බැණුමි හා නොනැවති එල්ල වන චෝදනා ගල්මුල් පහර වන්. මනුස්සකමින් තෙත් වූ අසල්නිවැසියෝ ලෙයින් තෙත් ඇඳුම් ඉවතට ගෙන ගිණිලා ඇගේ කුටිය පිරිසුදු කර දුන් වරදට ..... කටඋත්තර සාක්ෂි පිණිස පොලීසියටද.... "අම්මාගේ චූ එකෙන් ලේ සමග අත් පොඩි එළියට එනු දුටු " බවට නොදන්නා බසින් ...
✍️Nilushi Nisansala✍️ 7 years ago 368 7 6
නෑ බඩගිනි ,මගේ දුවේ උඹ කාපන් ඇති තරමේ, ඇයි ? මට මේ අලුත් ඇදුම් , එමට ඇඳුම් පෙට්ටගමේ. අව්ව වැස්ස මට තරමට කාටද හුරු අපේ ගමේ අදනම් ඉර සැරයි නේද ? උඹ පලයන් ගෙදර දුවේ. මට තාමත් නෑ නිදිමත , උඹ පාඩම් කරන් දුවේ මම ඉන්නම් උඹේ තනියට නිදිමතනම් කියන් දුවේ . හිනාවෙයන් දුක සගවන්, උඹේ උරුමේ කදුලු නෙමෙයි. අද විතරයි මේ කළුවර , අපිටත් ඉර පායාවී ,දුවේ !!!!!! කුමට කව්කම් ලියනු බැරිනම් එකදු කවියක් නුඹ නමින්. උපන් දා සිට දෙනෙන් සේ රැකී මගේ ආදර මැණියන් !!!!!!!!
තූර්යා ඉඳුවරී 7 years ago 498 6 3
දිවියෙහි අඳුර දුරු කර සඳ මඩල වගේ හදිසියෙ දිවංගත විය මව්තුමිය මගේ ගුණ සමුදාය අඩු නැත මහ සයුර වගේ දින දින වැඩිවේය අම්මේ ඔබගෙ අගේ ඔබ මා නිසා අපමණ සතුටක් වින්ද සැමදා කෙළින්, ඇද නැහැ ඔබෙ පිට කොන්ද තෙපළූ වදන් හරි පුදුමයි මන නන්ද ඔබ නැති වුණත් මම සමරමි ගුණ කන්ද පුහු නම්බුවට ආටෝපෙට කැමැති නැත මසුරු සිතක හැටි කොහොමද දන්නේ නැත කිසිදින පවට ඔබ සිත යොමු කළේ නැත අම්මේ ඔබය මා දුට එකම පින් කෙත පෙරටම යන්න ආපස්සට නොම යන්න මසුරන් වටිනවා දුන් ඔවදන් ගොන්න අම්මා නොමැති දුක බැරිමුත් ඉවසන්න අම්මේ අමාමහ නිවනින් සැනසෙන්න ( ආදරණීය මෑනියණි, නුඹට නිවන්සුව ලැබේවා!!!!!) ?තරූ සමනළි?
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps