Sandu U Nanayakkara 7 years ago 295 2 2
කිවිඳියක් ඇත නෙක නෙක විදි කවි ලිව්ව.... අදහස් දහස් වර පටලා ගැටගැහුව.. එළිසම එළිවැට කදිමට ගලපා මැව්ව.. ඇය කදිමයි ලියුමට පද පෙළ සෙව්ව.. දේදුනු සේම රන් පද පෙළ රටා මවයි.. දිනකර සේම සිත් සොම්නස සතුට ගෙනෙයි.. වැසි බිඳු සේම සිත් මල් සිසිලසින් තෙමයි.. ඇය කිවිඳියයි..නන් දෙස කවි බසින් පුදයි.. ලියුමට පද වැල් -අමුණා රන් සේමා.. ඇගයුම, ඇරයුම, ගැලපුම සිත් සේමා.. මනහර වහර යොදමින් මන කල් පේමා.. ඇය හපනෙකි ලියුමට කවි බස් බෝමා.. **සඳූ **
What 7 years ago 258 0 0
එකල ලියන් වැන්නී ධවල රාජ හන්සී පදම එන තුරු. රබාන නොපැලූ ළමිස්සී මෙකල ලියන් වැන්නී සිල් ගත් බක මුස්සී හරි ඇදුරා ගහන තුරු රැකගන් බෙරෙ නිසී
What 7 years ago 349 1 0
එකල කවි කැල ලිව්වේ කවි විරිතෙන් පී.බී.උතුමාගෙ අනෙ නව නිපැයුමෙන් රහල්,මෙත්,මුනි. එඩි බිදුනේ සැනෙකින් 'නි 'ලොප් කර කවි ලිව්වොත් මරු බොලන් දැන්
Sandu U Nanayakkara 7 years ago 291 3 3
සිහිනයකි ඔබ මට මේ දිවි මඟ සැරසූ.. පහනකි ඔබ මට මගෙ ලොව එකළු කෙරූ.. සවියකි ඔබ මට නිබඳ ව මසිත් දිරිමත් කෙරූ.. කවියකි ඔබ මන බැන්දූ සිත් රුසිරෙන් නැහැවූ.. සිනහව ඔබයි මා නිති පිනවූ මා සබඳ ඔබයි.. අත්වැල ඔබයි මා ලොව ලැබු සවිය ඔබයි.. කිත්යස ඔබයි මා ලොව දිනු කිරුළ ඔබයි.. පෙම්බර ඔබයි මා හද බැඳි බැම්ම ඔබයි.. පතන පතන පැතුම හැම කල් ඉටුවේවා..! සිතන සිතන දේ නිති ඔබහට ලං වේවා..! සසර කම් සිඳී සියොලග බැබලේවා....! මගේ හිමියන්ට මතු මතු දින ජය වේවා..! **සඳූ**
sad danu 7 years ago 359 2 2
අකුරු ලියකම් මවයි මල්දම් අනේ ඒත් නැත උන්ට ලියන්නට පොත් පෑන් පැන්සල් කැකුළු සිනාවන් ගෙනෙයි කිරි සුවඳක් අනේ කවදා ඒවිදෝ උන්ටත් ඉස්කෝලේ යන්න දවසක්....
sad danu 7 years ago 322 5 5
ළමයිනේ උඹලට ඇසෙනවද ගල්කොරියේ ගල් කඩන සද්දය අතේ කරගැට පැලි යනකන් කඩයි කළුගල් තාත්තා උඹලගේ ගල් කඩලා සරි කරන සොචිචම අපි පහක් මොනවා කරන්නද තුන්වේලවත් කන්න දෙන්නට මදිවෙලා අද ඒ කාසි ටික වාවන්නෙ නෑ හිතේ ඇති දුක දකින විට උඹලාගෙ මූණු ඔය මක්කරන්නද මයේ පුතේ දැන් උපන්ගෙයි දුප්පත් වෙලා අපි ගෙයි මුල්ලෙ ඇති මිටිහාල් ටික උයාදෙන්නම් කන්න උඹලට පන ගනින් වේලක් නොකා හරි එතෙර වන්නට දුකෙන් සැපකට හිසට පලඳන්නට ඔටුනු නැත කනට පලඳන්නට තෝඩු නැත උඹලටයි කියලා කිසිත් නැත දුප්පතුන් වී ගෙවන පාපෙට දන්නවා මං පුතේ උඹලත් විඳිනවා දුක් හිතේ හංගන් හිනැහිලා ඒ කඳුළු අතරින් මේ ගෙවන දුක නිමා කරපන් චතූ වීරසේකර
තූර්යා ඉඳුවරී 7 years ago 325 6 6
ගිම්හානය රජ වුණාට යෞවනය දිය වුණාට කඳුළු වැල් ගැළුවාට හැඟුම් පර වුණාට හීනයක් විතරක්ම වුණාට හඬන්න එපා නුඹ හන්තානී.... ?තරූ සමනළී?
තූර්යා ඉඳුවරී 7 years ago 331 4 4
ගෙලෙහි පළඳා හැඩ බලන්නටත් පෙර ලෙහී විසිරුණු ලාභ මුතු පොටක් වැනිය නුඹේ ආදරය.... ?තරූ සමනළී?
thamoja koushala 7 years ago 307 4 2
යාම් ඒම් පමනක් ඇති මේ සංසාර ගමන තුල භවයෙන් භවය අප හමුවන්න ඇත විටක අප වෙන්වෙන්නට ඇත මේ භවය තුල නැවතත් ඔබ මා හමු වී ඇත විටක අප විරසක වනු ඇත තවත් විටක ආදරයෙන් තුරුළු වනු ඇත ගතවන හැම තත්පරයක ගැහෙන මේ හදවත තුල ඇත්තේ... ඔබේ ආදරණීය නාමයයි.. දෙදෙනා දෙතැනක සිටියත් හදවතින් එක් තැනක සිටිනු ඇත ගතිම් දුරස් වුවත් හිතින් අප ලන් වී ඇත.. නෙත පිනවන ඔබ රුව දුටු විට නැගෙයි පෙම් සිනා මුවඟට..... තමෝජ් ජී ගැටමාන්න.
Sandu U Nanayakkara 7 years ago 308 2 1
"හැඟීමක තද ගති ය.. සිතිවිල්ලක එතී ය.. දිගින් දිගට ම දැනී ය.. බැඳීම..ඇලීම..පද වැලක් ගෙතී ය.. අරුතක් ද නැත්තේ ය.. සිරුර සිරවීය.. කඳුළු පිරුනී ය.. දෑස බොඳවී ය.. අහෝ! නිමේෂයක අරුම ය.."
Arvin Jayanake 7 years ago 286 10 5
නිතර කියනවා හිල් කරනව ඔළුව නිතර කියනවා දෙන්නේ මගෙ කනට කියනව අල්ලගන්නම් මම ආවහම යක්ස කෙල්ල ඇය මාගේ ජීවිතය... ??
Sherin Nathasha 7 years ago 298 1 1
මල් මකරන්ද.., වත්සුණු සුවද.., මල් රේණු.., ඇද හැලුණු.., හරිත පැහැ.., පත් මත ම.., වැටී දිලිහිණු.., හිරු කිරණ.., නෙක වර්ණ.., තටු සලන.., පණ තියෙන.., මල් වර්ණ.., හිත නිවන.., මිහි මතට.., ආවේ ද..?? මල් සලබ..!!! නතාෂා ප්රනාන්දු~✒️ 2019/02/06
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps