Ranatunge Jayawardene 2 years ago 270 1 2
සත්තමයි ඒ මම කලේ .. මමයි ඒ හොරකම කලේ .. මමයි ඒ සැලසුම් කලේ .. මගෙ හිතයි මා යොමු කලේ .. *** කල්තියා සැලසුම් හදා .. හැම තැනම ඔත්තුව බලා .. යනෙන තැන් ටික කොපි කළා මම දින දසුනෙ සටහන් තබා .. *** දන්නෙ කවුරුද ? බැලුව මේ මම .. කැමති මොනවද ?, ඉන්නෙ කොහොමද ?, කන්නෙ මොනවද ?, සෙව්ව, මේ මම .. *** දින ගනන් මම ගත කලා .. සති ගණන් රෑ නිදිවරා .. වෙන හොරුන්ටත් ඉඟි කලා මම, හොරකමක් සැලසුම් කලා .. *** වෙස් වලාගෙන කල්තියා .. නුහුරු මිතුරන් හැර දමා .. ඔබ යනෙන මඟ නිති පතා මම, හොර හිතින් පියමන් කලා .. *** ඇත්තමයි ඔබ අහුවුනා..! මගේ හොරකම හරිගියා..! ඔබ නොදුන් ඒ සොඳුරු හදවත, මම හොරෙන් හොරකම් කලා ..! ---------------------------------------------- රනේ/19මැයි2024/හොරකම
gimhani deepamali 2 years ago 207 0 1
අහස් ගැබ එළිය කර පෑයු රන් තරුව විලසේ අසිරිමත් සිදුහත් කුමරු උපතේ පිබිදුනා සුවදින් සත් තඹර මිහිමඩලේ සිදුනා දුක් ලෝකතලයේ යනෙනා මේ දුක් ගංගාවේ හදුනා සියලු විඩාවන් මනුසතාගේ නිව්නා ලෝ තලයම දම් සිසිලේ අමාමහ බුදු හිමිගේ සෙවනේ කුසල් වඩමින් යනෙන ගමනේ නිමක් සොයනෙම් හිමිගේ සරණේ සසර කතරෙන් එතර වන්නට පෙරුම් පුරනෙම් දිවි ගමනේ දම් සෙවනේ අප හිමි සදගේ නිවා තුන් ලො අදුරෙන් මිදුනු මනුසිත් වඩා කුසලින් දුරු වී දුක් ගගුලේ අටලෝ දහමින් නොවි කම්පා දරා ගෙන දිවි කටුලු කම්පා නිවෙම් සදහම් සිසිල සෙවනේ රාත්‍රි සද නිමා වෙන යමේ පරදා මාර සේනා බුදු බව ලබා අප හිමි මුදවා ලෝ දුක් සොබා දහමද මලින් පිදුවේ අප මහා බෙසතුන් සෙවනේ උතුම් ගුණ දම් දුටිම් හිමිගේ නිවෙම් සැනසෙම් කුසල් මග ගොස් අප ගෞතම බුදු හිමිගේ
gimhani deepamali 2 years ago 218 0 0
අහස් ගැබ එළිය කර පෑයු රන් තරුව විලසේ අසිරිමත් සිදුහත් කුමරු උපතේ පිබිදුනා සුවදින් සත් තඹර මිහිමඩලේ සිදුනා දුක් ලෝකතලයේ යනෙනා මේ දුක් ගංගාවේ හදුනා සියලු විඩාවන් මනුසතාගේ නිව්නා ලෝ තලයම දම් සිසිලේ අමාමහ බුදු හිමිගේ සෙවනේ කුසල් වඩමින් යනෙන ගමනේ නිමක් සොයනෙම් හිමිගේ සරණේ සසර කතරෙන් එතර වන්නට පෙරුම් පුරනෙම් දිවි ගමනේ
Nisansala Dharmasiri 2 years ago 243 0 3
ඇස ගැටුණ දා නෙතු නුඹේ පැතුවේ වෙන්නට මයි ඔබේ දැනුණු ඒ ආදරේ සුවේ කියා නිම කළ හැකි කෙසේ දින ගෙවී එසැනින් සැනින් රන් හුයෙන් දෑගිලි බැදන් අපි අපේ වුවා ඉතින් නොමැති මුත් අද සන්තොසින් හොවා ගෙන හිස පපුතුරේ නිදපු හැටි සිහි වෙයි රැයේ රණ්ඩු කර කර හැම පැයේ සෙව්වේ ආදරේ මයි ඔබේ ගිනියම් යහන මත වැතිරෙන රෑට නාදුනන අයුරු නිදනා විට දෙපස සිහිවී මුල් දවස් වාවනු බෑ හදට ලෝකේම නුඹයි කීවා නේදෝ මෙමට කරන කියන වැඩවල දැක අඩුපාඩු අහන අවලාද බැණුමන් නොමැත අඩු ඉවසා දරා ඉන්නට හද නැත වාරු කෙදිනද නොතිබුණේ නෙතගේ කඳුළු බිදු....................................
Ranatunge Jayawardene 2 years ago 310 0 0
මහාර්ග පෙලපත, වතු උයන්, මණ්ඩප, ඇතු අසුන් දැසි දස්සන් ඈ මෙන් ම; තුරු ලතා ගොමු දිය පොකුණු හා අමා රස පලවැල සමඟින් *** රන් රිදී, සළු පිළි මිරිවැඩි සඟල් සහ තවත් සහසක් දේ .. උපතින්ම උරුමව ඇති මා සිත්ගත් පුරාවුතක් බඳු නුඹ වෙත; ... *** කිසිවකුත් උපතින් හිමි නොවුනු, සිහිනෙන් පවා රදල සිරිතක නොගැටුනු, අසරණ, කුරා කුහුඹු මිනිසා මම වෙමි... නුඹට සිත දන්දුන් .. දුටු වනම ඒක පාර්ශවිකව .. ඒක මතිකව.. --------------------------------------------- රනේ/15මැයි2024/පරතරය
*$@n¢hi* 2 years ago 357 0 2
එක පැහැර දිග හැරුණු ලස්සන මං මාවත් මග හැරුණු කාලය සුන්දරයි නතර වී සිටපු නොසොයමි මං කවුරුද දිනපු අතහැර ගුවන සිසාරා ඇදුණු එක විහගකු නුඹ පියාඹා ගියපු රැය කුරිරුද මං නොසිතපු දෑස අග නින්ද නොරැදුණු කදුලු විතරක් පෙවුණු දවස් වල තිබහ නිවපු පිරිටන් පෙත්තක් දියවුණු වතුර ටිකක් විතරයි මං බීපු අනේ! තරහ නෑ මං මිතුරු අහන්නද එක දෙයක් නොවිසදුණු මං වගේ රැය දකිනවද නුඹ කුරිරු සාප නොකරන් ඔහොමයි ජීවිතේ සොදුරු... ~sahini~
*$@n¢hi* 2 years ago 335 0 1
වරක් මුණ ගැහුණත් අහම්බෙන් පිටත බලා නුබට ඔබ්බෙන් යන්නට තරම් සිහියෙන් සිත දැඩි වූයේ නිරායාසයෙන් හමු වීම හිමි නොවෙද්දෙන් හොදම දේ හිමි වෙද්දෙන් කාලයේ පාඩමේ මැද්දෙන් ආලයේ ඉරි තැලුම් මැකෙද්දෙන් මිහිරිම වර්ණ ජීවිතය පාට කරමින් පාර පෙන්නුවේ සතුට වගුරුවමින් වරක් මුණ ගැසීම විදවමින් කුමට පාරා ගනුද සිතමින්.... ~sahini~
*$@n¢hi* 2 years ago 395 2 0
නිසල රාත්‍රීය පුරා සද දරාගනිද්දී... ගං ඉවුරු මෝයම සද වතුරින් නැහැවෙද්දෙන්... බට පදුරු තාල බදිමින් සෙනෙහෙ බරම කවියක් මද පවනට මුසු කරමින්... ආලයේ රස දැහැන සොයා විත් ලැගුම් ගනිමින්... දොරට වඩින අපේ පැතුම් හිරුත් සමග නැග එද්දෙන්... ~sahini~
Ranatunge Jayawardene 2 years ago 291 0 1
පහන් සිල දැල්ලිලා දැල්ල ලස්සන වෙලා, එළිය මගෙ හද පුරා විහිදුවයි පෝ දිනේ.. *** සමිඳු පා මුල මෙමා පහන් වැට දල්වලා ජනිත වූ ලෝකයේ සතට සෙත පතන්නේ *** තිර කඩෙහි අගට ආ තෙල් බිඳෙහි දැවෙන්නේ අඳුරු ඵල හැර දැමු කර්ම දැයි මට සිතේ. ------------------------------------------ රනේ/29අප්‍රේ2024/විද්‍යාව
Ranatunge Jayawardene 2 years ago 231 0 0
රජවෙලා.. රජ වෙලා.. අවනඩුව රජ වෙලා.. හැම තැනම, හැම විටම ඇත්තමයි.. සත්තමයි.. *** පාසලේ, කම්හලේ, ගොවිබිමේ, මහ මගේ, බස් එකෙත්, මැති සබෙත්, ඇත්තමයි.. කොයි තැනත් .. *** දුක් විඳියි නිති පතා අසරණයි සත සැමා බිය කරුයි අප වටා සැදන මේ බැමි හැමා *** විය යුතුයි අපි මෙදා නැවත ඒ 'මිනිස්සු' න් වෙන්නෙ ඔබ අපි සැමා සත්‍ය ඒ මිනිස්සුන් ! --------------------------------------------- රනේ/18අප්‍රේ2024/ වැටහීම
Ranatunge Jayawardene 2 years ago 316 0 0
ප්‍රේමිය ගෙන විත් මා ඇස ගස්වා ඉඟි බිඟි රැඟුමෙන් ඈ හා වැයුමෙන් *** මන් මත් කරමින් රාග තාලයට මන ඉඩ දුන්දා... මංගල ස්වරයෙන් *** කය හා ගැටුමෙන් අවසන් වී ඇති ප්‍රත්‍යය නුඹ වෙයි! පියකරු පුත ඔබ... *** අතහැර දැම්මත් අමතක කෙරුවත් වෙන' තක තැබුවත් ඈතක යැව්වත්.. *** අප, හැර නොගියේ, වෙන් වී නොගියේ.. සසර පුරාවට නුඹ, අප පසු පස.. අපි, නුඹ පසුපස. ----------------------------------------- රනේ/07අප්‍රේ2024/දෙගුරු
Ranatunge Jayawardene 2 years ago 350 1 0
අනේ බලු රාලේ මාස් මාළු නැති වේලේ අපිට බැරි කාලේ ඒක කාටත් දැනෙනවානේ *** ඇලේ පැන නාපං අහුවෙන දෙයක් කාපං බලු කෑම දීපං කියා බොරුවට බුරල බෑ බං *** යාළුවෙක් දුටු විට ගොරොවා නොගොස් එදෙසට මස් ලේ නැති කට්ට දීල දාපං තලු මරන්නට *** ගෙඩි කඩන් කෑවට ලිඳකින් වතුර බීවට හෙවනට එන උන්ට බුරා ගෙන යනු බෑය මතුවට *** වසරෙ දින ඔක්කොම නිවාඩුව වත් නොගෙන ම වැඩ කරන දවසෙ ම කෑම පමණයි එකම ඉල්ලුම *** අපි කරන සේවේ කිසි ඇගැයුමක් නෑනේ වැටුප් නැති වේලේ නිකං බලපන් උන්ට බෑනේ *** කුල මල ජාති ආගම් ගැලපෙන පයිරු පාසම් පාට කළු සුදු නම් කොහොම ගලපමු බල්ලො වීනම් *** වල්ගේ ඇද වූව ද කකුල් හතරක් වූව ද බුර බුර නොකීව ද උන් ණයයි නුඹ නොදැන සිටියද ? *** යන යන තැන අපට 'රජ සැප' ලැබීයන් වෙනදා වගේ පාරෙදි මුන ගැහීයන් හිතවත් මිතුරු කම හැමදා රැඳීයන් 'බල්ලා' යන්න වෙන අයෙකුට නොදීයන් -------------------------------------------------- රනේ/04අප්‍රේ2024/ බලුකම
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps