Sanjeewani Abeywardhana 2 years ago 309 0 0
සසර පෙරුමන් ලෙසේ එකම පවුලක් ලෙසේ හදවතින් එක් වුනේ නුබ ඇයිද දුර ගියේ දුර ඈත වෙන රටක ගතින් නුබ ඇත දුරක හදවතින් වෙන්ව නැත එකම එක මොහොතකට නුබේ සුන්දර උපන්දිනදා නුබව මගෙ පපුවටම ලංකරන් වැලදගන්නට බැරි උනත් අද හදවතේ මුල්ම තැන තබා නුබ ආදරෙන් පතමි මම දිගාසිරි නිරෝගී සුව සතුට මගෙ මවුනි හදවතින් වැලදගෙන නුබව
Ranatunge Jayawardene 2 years ago 247 0 0
ක්‍රම දෙකයි; එක්කො ඔය කරුමෙම කරගහගෙන පැටලි පැටලි එකම කරුම ගොඩේ දිගටම යන එක, නැත්නම් ඔක්කොම අතෑරල දාල සැනසිල්ලෙ ඉන්න එක, මොකද කියන්නෙ? ----------------------------------------- රනේ/31මාර්2024/ විසඳීම
Ranatunge Jayawardene 2 years ago 343 1 0
මාව එපාලු ! මොකද මන්ද ඒ ? හොඳයි මම නො එන්න, ඒ ගොල්ලෝ දෙමාපියො ද...? නිකම්ම නිකම් කසිකබල් ජෝඩු!. --------------------------------------------------- රනේ/30මාර්තු2024/අභියෝගය
*$@n¢hi* 2 years ago 328 0 0
සබද, නුඹ විසින් දල්වා ආලෝකවත් කර පහන් සිළුව ප්‍රේමනීය සළු පටකින් රැකගත් ඒ දින වරු... අද, නුඹ විසින්ම මිලින කර පහන නිවා දැමූ බැවින් ප්‍රේමනීය සළු පට සුළගේ ගසා ගෙන යෑමට මම ඉඩ හැරියෙමි... ඉදින්, ප්‍රේමය කියා දී පමා වී හෝ ප්‍රේමයේ පහන කිසිදා දැල්වීමට නොහැකි ලෙස විසි කර දැමුවාට ඔබට ස්තුතියි... එසේ නොවුනානම්, මැටි පහනේ පලුදු මකා දමා පිළිසකර කර ඔප දැමීමට මා දැනිදු වෙර දරන බැවිනි... ~Sahini~
Ranatunge Jayawardene 2 years ago 232 0 1
ගෙල බැඳි වියගස දරමින අදිමින ගෙවමිය ඇති දුර යා යුතු බව දැන ***** රිදවයි කෙවෙටිය ඇනෙනා තුනටිය නමමින මා දන අදිමිය මේ රිය ***** සක එයි පසු පස බර රැඳි ගැල ගෙන රැය මෙන් දහවල යමි යා යුතු දුර ***** රිය, සක ගෙවෙ තී වියගහ දිර තී මා කුර රැඳි තී බර අඩු කෙරෙ තී ***** රැස් නොම කරමී තව බඩු ගැලෙ හී මග නොම රැඳෙ මී ඇද නිම කර මී. ---------------------------- රනේ/08/09/2021 කම(කර්මය)
Ranatunge Jayawardene 2 years ago 430 1 1
ගහ කොල නිහඩව ඇල දොල සලිත ව හඳ තරු තනියම තිබුනා මතකද *** සිසිලෙන් ඇලලුනු රිසියෙන් බැබලෙන පිනිබිඳු තණ අග දිලුනා මතකද *** ඈ ත වැඩ පොලේ මනිය හඬ නගා දෙකේ කනිසමයි කීවා මතකද *** කන් පට හැඩවූ සුනක දේනුවට හි ත යට කොඳුරා බිනුවා මතක ද *** ඉර එන්නට පෙර දිවගොස් සැඟවුනු කළුවර අමිහිරි ඒ රෑ මතකද _______________________________ 12අප්‍රේ2020/රනේ/අමතක කල රෑ..
විදූ♡ 2 years ago 376 1 0
මතක කියන්නෙම මිනීමරුවෙක්.... ඇස් දෙක එච්චර ඉල්ලද්දිත්... නින්ද මරල දාපු... 07/03/24
D Pahasara 2 years ago 337 0 0
❤️දවසේ අවසන් කාලයේදී හමුවී.. විටින් විට දොස් පවරගෙන ........ හිටිය ඒ පැය ගනන කිසිදාක නොයයි මිය ..... එසේනම් මට යන්න මට අවසර. නැවත කෙදිනකවත් අපට හට.. ඔබව දැකගත නොහැකි වේවිද.. ✍️DIDULA
විදූ♡ 2 years ago 273 2 0
එළිසමය ගලපා ගනු නොහී වදන් නොකෙරූ කවියක් හිතේ ගැඹුරුම තැනක අදටත් වචන ඇහිඳිනවා... ඉතිං මතක එහෙමයි කෝච්චරක් කල් ගියත් ඊයෙ අද වාගෙම තාම පණ ගැහෙනවා... 04/03/24
*$@n¢hi* 2 years ago 319 1 3
කර්කෂම මාවතක දෙනෙත් අතර මග සිනහ රැළි නොව, උණු කදුලැලිය... දෑත අද්දර සැගව තිබුණේ කරගැට නොවේ ඒ, විඩාවේ උස් කදුය පුදුමයි නුබ කැවූසැටි ආලයේ රස මිහිර... පන්හිඳටත් වාරු නැතිවද මතකයේ ඉමිහිරිම තැන, සුව කරනු කිම ලයේ ඉරිතැලුම් වල ගැඹුර... කවදා කොතැනකදි හෝ අවසනක් නැත, අමාවක වුවත් සද ඇත අහස මත... පිය සෙනෙහසේ ගුණ මෙනෙකැයි කියනු කිම.... ~sahini~
*$@n¢hi* 2 years ago 409 3 0
ආත්මය පුරා ඔබේ ආදරය ලබන්නට තරම් මා කර පිං මදි ඇති... ඉතිං සදවත සිවු වසරක් පුරාවට මා නුබ දරා සිටියේ අතින්වත් අත් නොඅල්ලාම... ඉදහිට හමු වූ වාර වල වත් නුබ බලා සැනසුණා මිස., අපි මැයූ හීන වල බොල් බව අපිටම කදුළු වරුසාවක් පමණක් ඉතිරි කොට නිමා විය... ඉදින් ප්‍රේමීය, පමා වී හමු වීමට වඩා හමු වී පමා වීම ඇස අගට කදුලක් බව, ඔබෙන් උගත්තෙමි.... ~sahini~
Madu Hiru 2 years ago 478 1 0
හැම වරුවකම හැම තප්පරෙකම නුබ මා සමග කියලා හිතුනා .. දැණුනු හැම හද ගැස්මක් ම නුබටත් දැනේන් නැති කියලා මට සිතුනා.... රිදුනු හැම සිත් රිදුමක් මට වගෙම නුබටත් දැනෙව ඇති කියලා මට හිතුණා... නුබට මං ආදරේ කර තරම් තරමට මට නුබේ හිතේ පොඩ්ඩක් හරි ආදරේ කියලා හිතුණා ... නැ මං වැරදි ... නුබ මගෙ උනත් දැන් කොළෙකට විතරක් නුබ මාව අයිතිය ලියා ගත බව තෙරුම් කර දුන්නා... මධු... ✍️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps