නදී ..✍???? 2 years ago 474 2 2
මධුමේහයට පැණි රහ අගුණයි කිය කියා සීනි බෝතලේ අඩිය හූරද්දි තාත්තා හාංකවිසියක් තිබුනේම නෑ එලබෙන දවස් ගැන, අම්මත් ගියාට පස්සෙ එලොව පෙට්‍රල් මෑන් වෙලා වහන්කරගෙන ජීවිතේ හිස් තැන් ඇස් දෙක වගේමයි බලා ගත්තෙ කෙලි පැටික්කිව... "ලිපිකාරිනියක් කරලා රජයේ ඔෆිසියක" සින්න වෙන මහ ගෙදර අඹ ගහේ මුදුන් අත්තක හවස හය පහු වෙනව එක්කම උලලේන කෑ ගෑව එදා මූසල දවසක් ! ............................................................... අනේ! පව්, පොඩි එකීට යන දසාව "සුමනෙ ලිස්සල වැටිල යකඩ පීලි දෙකක් අස්සෙ පණ ගිහින් එතනමලු" ගම වටේටම ආරංචිය ගියේ විනාඩියට දෙකට, යාන වාහනෙන් බටවුන වට කරන් නෑදෑ පිරිවර නැතත් මල් වඩම් එහෙත් මල ගෙයකි. සුදු කොඩියක් විතරක් එල්ලුව, " මොලේට ලේ බැහීමක්" හේතුවෙන් වුනු මරණයක් වෛද්‍ය වාර්තාව ලියැවුනා. ඒත්, සාක්කි ඕනෑවට වැඩියෙන් දන්න විත්තිකරු තවමත් නිදැල්ලේ නිහැඬිය .......... තාත්තා පයලෑව "ගෙවුනු හිල් බාට දෙක!!" නදී රුබසිංහ????️
නදී ..✍???? 2 years ago 491 1 2
හද කොච්චරක් ආදරේ වුනත් මහ පොළොවට වෙලාවන් එනවා මුවා වෙන්න වෙන වළා පෙළකට වැස්සක නිමිත්තක කළු වළාවක් වුවත් ටිකක් රිදුනත් මොකද ? පොළවට සුදු වළාකුළකට මුවාවූ ලෙසින් යලි හිනැස්සිය හැකි නම් හදට ???? නදී රුබසිංහ????️
D Pahasara 2 years ago 224 0 0
ආලෝකයෙන් සරසන්නට පුන් සදට හැකි වුවදා පුන් සද අන්ධකාරී කරන්නට කලුවර වළාවකට හැකියාව ඇත.......☁️☁️☁️☁️☁️ Didula
D Pahasara 2 years ago 238 0 0
එක් දිනෙක එක් නිසල රැයකදී තනිව හිද සිහිකලෙමි මා.... කිමද සිනහව නොදුටු නෙත්මත කදුල හා තනික ම අරක්ගෙන. ????️Didula
D Pahasara 2 years ago 253 1 0
රිද්දන එක ඔයාගෙ පුරුද්ද වෙද්දි ඉවසන එක මගෙ විනෝදාංශෙ වුන.... ???????????????????????????????????? ????️Didula
Ranatunge Jayawardene 2 years ago 266 0 0
දිනිඳු බලා මල් පිපිලා සොමි රැසකින් එලිය වෙලා *** නිදි හැරදා අවධි වෙලා රෑන් රෑන් එති දුවලා *** අඳුරු වලා මෑත් වෙලා රිදී සිනා එළි බැහැලා *** නගන මෙනා මිහිරි වෙනා කන්කලු නද දසත යනා *** වෙහෙස වෙලා බිජු වපුරා දෝත පුරා ඵල ලැබිලා *** උගෙන මනා ශිල්පයෙනා මයෙ පැටවුන් එතෙර වෙලා. --------------------------------------- රනේ/05නොවැ23/ දිනුම
Deshan mendis 2 years ago 217 0 0
බොද වෙලා මතකේ ඇදෙන ඔබේ ඒ රූපය ඝන අන්ධකාරයේ මා දකින ඔබේ ඒ ජායාව මනසේ ඇවිදින සැමවිට......... නොදුන් සෙනෙහස අරන් නොලද ඔබෙ සෙනෙහස පතා ආසයි දුවන් එන්න ඔබේ ලෝකයට... .........තාත්තේ...... ඔබත් සමගින් ඉන්න.....
Ranatunge Jayawardene 2 years ago 280 0 0
සමතව තිබූ හද බිම අධිකාරියෙන් අනකොට පෙරලා දමා යහ පස් උදුරා දැමු දම් ගස් සී සී කලා මන සත් // පායා දැවෙයි දැන්නම් හෙවනක් නොවෙයි යහපත් මක වා හෙලු දිවි වැටි හෙවනැලි ගෙනෙයි බියකරු // හරවා එවා අම දිය තෙමතොත් යලිත් යහ පස ඉසිතොත් පුරා දම් බිජු පීදෙනු නැතිද කහ මල් සිසිලස රැගෙන හද බිම එකලස් කෙරෙන මන දම. ----------------------------------------- රනේ/02නොවැ23/ සිතුවිලි
නදී ..✍???? 2 years ago 320 2 3
කාර්තුවකට ඉහත දවසක, මසා නිමකල ඉහ තියන පුළුන් කොට්ටය.. බොහෝ දවසට රෑ දෙගොඩ වන විට බරින් වැඩිවී තිබෙන අන්දම... නදී රුබසිංහ????️ (ප.ලි :- ඝණීභවනය වුනු සමහර හැඟීම් ඇතැම් වේදනාකාරී රාත්‍රීන් වල ද්‍රවීකරණයට භාජනයවිය හැක)????
Ranatunge Jayawardene 2 years ago 231 0 0
සොම් රස රැසක සිරියෙන් දසන් පා ඔබ පෙරමෙන් සොයා ආ කල නැවත පෙරලා දවා නොගියෙ හි සියොළඟ *** උකටලී නොමවන් උපේකාවෙන් දුටුකල දවා හළුවූ නව දැලි හේනෙ ගස මත මා දුටු දැවී අවසන් නොවූ ඔබෙ රුව ~~~~~~~~~~~~~~~~~~~ රනේ/25ඔක්2023/ නව-දැලි
Ranatunge Jayawardene 2 years ago 254 0 0
ප්‍රශ්න ප්‍රශ්න මටම මමම මමම මටම ප්‍රශ්න ප්‍රශ්න *** කවද, කෙලෙස ඉවර කරමු කුමන ලෙසක ඉවර කරමු එහෙම කරල කොහොම වසමු එහෙම කරල කුමට වසමු *** ප්‍රශ්න ප්‍රශ්න .. ඉන්න ප්‍රශ්න ! ඉන්න, ඉන්න .. ප්‍රශ්න ප්‍රශ්න ? *** ඇතුවත් බෑ; නැතුවත් බෑ ප්‍රශ්න නැතුව ගතියක් නෑ.. ප්‍රශ්න නැතුව ගමනක් නෑ... ~~~~~~~~~~~~~~~~~ රනේ/19ඔක්23/ප්‍රශ්න
Hasindu Sanahas 2 years ago 218 0 0
අව් වැසි මත්තේ කවදාවත් නැත සැලුනේ... මහී කතට බැදිලාමයි සිත ඇත්තේ... හරිත පෑය කාලයකදී නැති වෙන්නේ... පීත වර්ණයෙන් මිහිකත සැරසෙන්නේ.. ✍️Hasindu Sanahas
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps