චතු ගුණසේකර ? 5 years ago 289 5 8
නිසදැසත් හරියට ක තා ව ක් නැවතුමක් නැති ක ලා ව ක් නුඹ නමින් ගෙතු කවි ක ම ක් තාම ගොතනවා දවසට ව තා ව ක් -චතූ- 22/11/2020
චතුරංගි හර්ශිකා 5 years ago 318 7 8
මොනතරම් ප්‍රේමයක් තිබුණා වුණත් ලොව බොහෝ පෙම් හිත් ඉතින් වෙන් වුණා අන්තිමට හද පුරා ආදරේ පිදුවා වුණත් ඔය කන්නගිය හැර දමා කෝවලන් නොගියාද රාධාට ප්‍රේමයෙන් අතීතෙට එක් වුණත් පෙම්වතියො හරි ගොඩක් හිටියාලු ක්‍රිෂ්ණාට කද දෙවියො වුණත් ඔය පෙම් කරත් කාලියට සරණ පාවා ගත්තෙ තේවානි අම්මාව මුම්ටාස් සිහි කරන් ටජ් මහල් තැනුවාට සාජහන් රජුට තව බිසෝවරු නොහිටියාද මනමේ කුමාරිය පෙම් කළත් කුමරාට නිසගයෙන් වැද්දෙකුට කඩුව දුන්නා නොවෙද රෝමියෝ ජුලියට්ට පෙම් කරත් හැබෑවට දෛවයෙන් ඒ දෙහද වෙන් කළා සදහටම ඉසුරුමුණි පෙම් යුවල ගලින් නෙලු නිසා ඔය එදා අද පුරාවට ඉන්න ඇති එක තැනම මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 338 7 6
සංසාරේ නොහදුනනා තැන්වල නාදුනනා ඇස් දැකලා ඇතී... සන්තානේ නෙක සිතුම් පැතුම් මල් පිබිදී යළි මියැදෙන්න ඇතී... හන්තානේ කඳු පුරාවටම නෙක ආදර කවි ලියැවෙන්න ඇතී... මල් යායේ නොපිපුණු හැම මලකම නොකියූ කදුලක් තිබෙනු ඇතී... නෙත් පහසේ නෙක ආදර කුසුමන් පිබිදී මියැදී යන්න ඇතී... හොර රහසේ නොලියූ එකිනෙක ගී අතීතයට එක් වෙන්න ඇතී... පෙර දවසේ අප ආ ගිය මග තොට තව උන් තවමත් යනවා ඇතී... හන්තානේ ගිරි ශිඛර පවා තව අපේ කතා මුමුණනවා ඇතී... මම, චතූ 2020 නොවැම්බර් මස 18 වැනි දා ප.ව. 8.22
චතුරංගි හර්ශිකා 5 years ago 315 4 6
මල් කළඹ වූයේ පින්සල් පොකුරයි ඈට... මල් පැහැය පැරදූ නේක වර්ණ තිබුණි එහි යසට... පති කුලය අසබඩ පාට ගෑ ජීවිතේ සොයා යන... නෙක වර්ණ සිතුවමින් ජීවිත සිතුවම් කරන... සිත්තර මනාලියයි ඈ කුලගෙය තුළ කදුළු නොදකින... දේදුනු පැහැ සායම් ගෙන කදුලින් දිය කර අදින... ඇගේ ජීවන සිතුවමට මිලක් දිය නොහැකි වේ කිසිදින... දිනෙක ළපටි පුතුන් පිරිවරා හිදින සිතුවමක් මැවේවි ඇගේ දෑතින්ම... සිත්තරුන් හිත්වල කදුළු නැත උන් ඒ කදුළු දිය කර සිතුවම් කර ඇත... සිත්තර මනාලියක් පතිකුලයට ගිය දිනෙක ලොවට කිසිදා ඇගේ කදුළු නොපෙනෙනු නිසැක... ජීවිතේ පාට ගෑ හීන පුරාවටම අවසානයක් නොමැති ඇගේ වර්ණිත සිතුවිල්ල... යළි යළිත් හද කැන්වසය මත ඉපිද ඉපිදී වර්ණ උරාගනු ඇත... සිත්තර මනාලියයි ඈ නෑඹුල් ම තාරුණ්‍යයට උරුම සිනහව... සිහිනිග මැකී යන අවරගිර දිවි හෝරාවේ පවා ඇගේ වත මඩල මත සිතුවම් ව තිබෙනු ඇත... මම, චතූ 2020 නොවැම්බර් මස 20 වැනි දා පෙ.ව. 11.20
චතුරංගි හර්ශිකා 5 years ago 325 4 5
නෙතින් සිපගෙන ලොවේ නෙක හැඩ තෙලි තුඩින් ගෙන ප්‍රාණ සායම... හදවතේ එක අදුරු මුල්ලක් එළි පෙහෙළි කොට අඳියි හෙමිහිට... කැන්වසය වූ හද ගගන මත උපන් නූපන් ප්‍රේමයක් ඇත... හුදෙකලා ලොව පත් ඉරුවකට හෙතෙම මුමුණයි හැමදාම හිත... ලොවට නොකියූ ඒ පුරාවත හිත් යාය මත මවයි පිණි පොද... පින්සලයි පැන්සලයි විතරක් අඩු නැතිව දන්නවලු ඒ කව... හිතේ සුසුමන් දැවෙන ගින්දර නෙතේ කදුලැලි රිදෙන ඇසි පිය... ලොවට රහසින් කදුළු සගවන කවිකාර සිත්තරුන් නැතිව ද? මම, චතූ 2020 නොවැම්බර් මස 18 වැනි දා ප.ව.8.35
චතුරංගි හර්ශිකා 5 years ago 261 4 4
________________________________________ බලා හිටියා මම...මේ දීවාලියටත්, පුරුදු විදිහට, නුඹ ඇවිත් යයි කියලා. සෙයිලමේ සයිවර් කඩෙන් මට පරාටා අරන් දෙන්න නුඹ එයි කියලා...ඒත්, ඒක හීනයක් විතරයි. දීපාවලී හඳ අහසින් බැහැලා ගියා. ඒත්, නුඹ ආයෙ ආවෙ නෑ... ________________________________________ සිපගන්න අනවසර දෑස් අද්දර නිසල සිතුවිල්ල අකීකරු කතා කියනව නිතර හිත් පුදසුනේ පිදූ දැවෙන ගිනි මල් පොකුර සදාතන හීන අළු කර දවයි ජීවිතය අනවසර දොරටු හැර හද උයන ගිනි තබන මුලාවක් වුණා හිත යළි යළිත් පාරවන අහස් ගැබ ඈත දුර සැගව යන්නට දෙන්න ලොවට රහසින් තැනක මට සදා නවතින්න සීතලම වැස්සකට තෙමී දියබත් වෙන්න ඉල් මහේ නිල් පාට ආකහේ දියවෙන්න සෙයිලමේ දුර ඈත ගිය ගමන සිහිවෙන්න නුඹ දුන්නු හාදුවේ මතක සුවඳයි තවම දීවාලි අහස යට පුර හඳට ළං වෙන්න මග බලා නුඹ එක්ක දෑත් පටලා යන්න ගිය වසරෙ වගේ මේ වසරෙදිත් ඔබ එන්න කියා පැතුවා හිතින් වැද පුදා දෙවියන්ව හුදෙකලා දීවාලි සද අහසෙ ගිලෙනකොට නුඹ නාව මාවතේ බලා හිටියා තනිව පැතුම් මල් එකින් එක පරවෙලා වැටෙනකොට හිස් දෑස් අහස් කුස දෙස යොමා සිටිමි මම මම, චතූ 2020 නොවැම්බර් මස 19 වැනි දා ප.ව. 1.16
✍️Nilushi Nisansala✍️ 5 years ago 355 5 4
ඇඳෙන බැදෙන කලට පෙමට දුක පමණයි නෙතට සිතට නොකියම වෙන් වී යනව්ට හැකිද ? නුඹට දරාගන්න ඇතමෙක් පෙම් බදිති රුවට තවකෙකු රැවටෙයි මුදලට වැඩ්ම ලන්සු තබා පෙමට විකුණයි හදවත බොරුවට නැත ලොවේ අන් රසඳුනා ආදරේ සේ සුවදේනා විලස ගැයූ පෙම් ගායනා අද ඇසෙන්නේ පෙම් අදෝනා තමහිම් නම්න් රැකි පති බලෙන් මළ සිරුරකට පණ දුන් ලදුන් හඬතලා දෙව්ලොව කළඹවන් රැකගත්තේ හිම්යන් මරණයෙන් අසා ඇතිදැයි නොදනි ඒ බව එයයි ජාතක සඳකිඳුරු දා කව එවන් පෙම්වත් පුරා ඇති ලොව කිමද ?මේ රජවෙලා විරහව ! .................................................
චතුරංගි හර්ශිකා 5 years ago 327 3 5
මතක කවුළු හැර දමා ෆැන්ටසි හීන පවුරු යට අපි අපිම ගෙතූ කතාවට අවසානයක් නොතිබුණි අද වුවද... ප්‍රේමය යැයි කී ඉනාවට හිත් දෑල තදින් බැඳෙනකොට හෙටක් ගැන දකින හීනයට අපැහැදිලි මීදුමක් තිබුණා මතකද... කාලයෙන් කාලෙට ඇවිත් හිතේ සුසුමන් තබා යන අප්රකාශිත වෙන්වීමට ප්‍රකාශිත හමුවීමක් තිබුණේ ද නැත... ගිවිසා නොගත් බැදීමක අන්තිම සුසුම වැටෙනකොට දරාගන්නට බැරිව හද කැබලි වී පොළව සිප ගත්තා අමතකද... කටුක රළු සුසුම් ළග ඉකි නොගහ සිනාවක් නැගුවාට මග හැරුණු ජීවිතේ වසන්තය මවයි නිතැතින්ම පරාජිත සුපෙම් විජිතය... මම, චතූ 2020 නොවැම්බර් මස 19 වැනි දා ප.ව.12.50
thanya priyadarshana 5 years ago 262 4 4
හීන නම් මන් හුඟක් දැක්කා, නෙළණු බැරි මල් කිණිත් අග්ගිස, පිපුණු සමහර මලුත් තිබ්බා... සැලි සැලී මා පෙතින් සරසපු, කල් ගියා, මඟ හැරුණා නොදැනිම, හුඟක් ලස්සන සුවඳ මල් මට, හිතම කියුවා තවත් මොකටද, නෙළණු බැරි දුර ඈත මල් මට?
චතුරංගි හර්ශිකා 5 years ago 287 3 3
සොඳුරු නිල් අහස සඳට තාමත් ආදරෙයි ලු... ඒ ආදරේට සීමාවක් මායිමක් නැතිලු... මතක පුරාවට අහස සඳටම කවි ලියනවලු... අහසට සඳ තරම් සොඳුරු දෙයක් තවත් නැතිලු... තාරුකා දහසක් පෑ මුත් අහස සඳවතට ළෙංගතුයි ලු... ඒ ආදරේට කිසිදා සීමා මායිම් නැතිලු... හැඩකාර ඉර නෙත් අගින් අහස දිහා බැලුව ලු... අහස හැමදාම සඳට පමණක් ආදරෙයි කියලා ඉරට කිව්ව ලු... දහවලට සඳ අහසේ කොණක ගිහින් හැංගුණාලු... අහස සඳ එන තුරා නෙත් අයා ඉන්නවලු... ලෝකෙ පවතින තුරාවට අහස සඳට ආදරෙයි ලු... සඳ තරුවකට පෙම් කරත් අහස සඳ වෙනුවෙන් බලා ඉන්නවලු... මම, චතූ 2020 නොවැම්බර් මස 18 වැනි දා ප.ව. 8.43
චතුරංගි හර්ශිකා 5 years ago 332 3 4
වසත් හීනයක් තිබුණා අපි හරි පෙමින් බැඳුණ අහස් ගව්වටත් එහා ගිය සෙනෙහසක් හිත රැදුන... නිමක් නොමැති සිතුවිලි අතර සදාකාලිකව නිදන අහිමි කදුළු කවිය ආසයි යළිත් ලියන්න මම... පැතුම් අහසක් උසට පතාගෙන වැසූ දෙනයන අගින් වැටුණා කදුලක් මටත් නොදැනිම... නෙතින් බොහොම දුරකට ගියත් හිමි නොවී මට හිතේ සොඳුරු පාරාදීසයක මූර්තියක් තවම නුඹ... මම, චතූ 2020 නොවැම්බර් මස 18 වැනි දා ප.ව. 4.39
චතු ගුණසේකර ? 5 years ago 258 3 6
ම්ම්ම් ඒක සුන්දර හීනයක් ................... ස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකයා.ම්ම් එයා වැඩිමහල් පන්තියේ. මටත් ටිකක් ආඩම්බරයි☺️ ස්කෝලෙ ලයිබ්‍රි පීරියඩ් එක අපි දෙන්නා ආසම උන තැන. මොකද දෙන්නට දෙන්නා ගොඩක් වෙලා රැදෙන්නෙ එතන ? පොත් කියවන්න මේසේ ලමයි ඔක්කොම පොත් අරන් වාඩිවෙන කොට,අපි හැමදාම වාඩිවුනෙ කොන් දෙකේ.. අපි ලයිබ්‍රි ආවට පොත් නෙවෙ හැබැයි කියෙව්වේ දෙන්නගෙ හිත් ? ඒ ඇස් දෙක අස්සෙ කියන්න ගොඩක් දේවල් හැංගිලා තිබුනා., ඇස් දෙක වෙනතකට ගන්න තරම් දෙන්නටම ලෝභයි ඔව් ඒක මටත් තේරුනා.. අයියෝ ! හීනෙ මග නැවතුනා. ඒ මදුරුවා ඒ හීනෙ මග නැවැත්තුවා කියලා හිතට දැනුනම,?? සැ:සු -චතූ- 17/11/2020
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps