චතු ගුණසේකර ? 5 years ago 329 3 6
පාර කියන පහන් තාරුකාවෙන් එපා යන මග අහන්න..... දිළී නිවෙන නිවී දිලෙන එක මොහොතක් ඇති මෙතුවක් ආ මග වරදින්න..... ලා තණ අග කදුලැල් සලන පුංචි පිණි බිදුවෙන් මග අහන්න ...... තාමත් නොමැකී ගිය පියවර මතින් කියාවි ....? -චතූ-
චතුරංගි හර්ශිකා 5 years ago 285 5 6
°°° කවියක් °°° __________________________________________ නාවත් නිතර කවි පබදින්න ඉස්සර වගේ හැමදාමත් නෑවිත් බෑ කියවලා යන්න ලස්සන පබැඳුම් හිත සතුටින්... ආයෙත් නේන කවිවල ලිව්ව මතකය තාම නිදි වැරුවත් විරහව නිතර කවි කර ලියනු කුමටද තවත් මේ අයුරින්... කාලෙන් කාලෙ කදුලයි සුසුම හිත් මල තලා පොඩි කෙරුවත් මල් පදුරකට එක මල නෙවෙයි පිපුණේ ඉතිං හැමදාමත්... අද දුක මැදින් සුසුමන් හෙලන නෙතු පිය බොඳව හිත රිදුනත් හෙට එළිවේවි හීනත් එක්ක ජීවිතයේ තව දවසක්... මම, චතූ✍️ :-)
චතුරංගි හර්ශිකා 5 years ago 262 4 4
දනින් වැටී ගණ දෙවියන් අභියස... මම කියන්නට ගියා ඔබ යළිත් නේන බව... පැතුම් ගොන්නක් පතාගෙන වැසූ දෙනයන... අගින් වැටුණා කදුලක් මටත් නොදැනිම... පතිනි දෙවොලක හඩා වැලපී කුමට... කෝවලන් කන්නගිය හැර දමා ගියා නොවෙද... දේව පුරාණයක් නොවෙයි අපි ලියූ කතාව... නේන නුඹ ගැන දෙවි දේවතාවුන් කුමක් කරන්නද... කෝවිලේ නිරන්තර නෙත ගැටී හමුවුණ... ගණ දෙවියන් මිතුරු සිනහවකින් හිදී තව... කියන්නට හිතයි නුඹ ගැන මුළු කතාවම... අයිතියක් නෑ නුඹට මෙහෙම ඈතකට යන්න... මෙලෙස හඩා වැලපී දෙවියන් අභියස... නුඹ ම ඉල්ලා කුමකටදැයි හිතෙයි මට... පෙම් කළ කාලි අම්මාත් අතහැර... ස්කන්ධ දෙවියෝත් වෙනතක බැඳුනා නොවෙද... කෝවිලේ මිහිරි සීනු නද මැදින් එන... නේක සුවදින් හිත ඇදෙයි මතක විනිවිද... දෙවියන්ට නුඹ ගැන කියන්නට සිතා ආවමුත් මෙහෙට... කිසිවක් ම නොකියා නැවත ආපසු හැරුණෙමි මම... මම, චතූ
Madhusanka Prabhath 5 years ago 286 6 5
විටෙක වේදනාවක් විටෙක නිදහසක් තනිකම නම් අරැමයක් පැරනි මතක සිහියට එන.... තනිකමට පෙම් බදින සිත් අැතුලෙ බොහෝමයි දුක් සුසුම් කාටවත් නොපෙන්වන සංවේදි හදවතක් සැගවුනු තැනක්.. කිසිවෙකුත් නොදකින හුදෙකලාවත් කලාවක්....
චතු ගුණසේකර ? 5 years ago 289 3 7
පාට තැවරුණු ලෝකයක් මැවුන ... හීන පොදි බැද ප්‍රේමයන් සොයන... දුර දිගක් මග තොටක් තාම අපි නොහදුනන... මේ ගමනේ මං කැමතිම තනියම ඉන්න.... -චතූ-
චතු ගුණසේකර ? 5 years ago 271 3 5
නිසොල්මන් වූ ධ ර ණි ය මැව්නු ගගනතට ර හ සි න් අසම්මත ප්‍රේ ම ය ක් දවා ලූ හිත ය ට ගෝරනාඩුවක් ක ර මි න් යනෙ න පෙම්වතුන් දෙ ස හිත යට හූ ල් ල මි න් අවැසි බස් නො දො ඩා හිත් යට දරන ප්‍රේ ම ය මා හා සම කරන ඇයම, නොහැගුන මෙන් සි ටි න ගුප්ත ග ග න ත නුඹ ද කි යා ඉගියකින් මට ප ව ස න් න..... -චතූ- 27/11/2020 ?
චතුරංගි හර්ශිකා 5 years ago 318 4 6
ගිනි තැබූ දහවලට දූවිලි හුළං අලගු තියනවා... මැලවුණු තණ කොළත් හුදෙකලාවක බලා ඉන්නවා... වේලිච්ච මල් කිනිති ගිනි හුළගට තව තවත් ළං වෙනවා... ඇස් යොමාගෙනම මොනවදෝ දෙයක් කල්පනා කරනවා... රතු පාට ඉර අවුව කුමක් හෝ කියන්න අර අදිනවා... මලානික තුරු වදුලු නොදැක්කා වගේ අහක බලනවා... සිරගත හීන තුළ හිතවත් කවිකම පලා යනවා... ලියන්න දෙයක් නැති තරම් හිස් බවක් දැන් දැන් හිතට දැනෙනවා... මම, චතූ
Deesha(දීෂා)❤️ 5 years ago 401 5 4
????????????????
චතුරංගි හර්ශිකා 5 years ago 333 4 4
සෙයිලමේ ඉතිරි කරපු මතක එක්කම හිතට ගොඩ ගහපු අතීතයත් මුහුදු රළක් ලු හිත් වෙරළෙ වැලි මාලිගා ආයෙත් බිදියිලු යෞවනය ගෙනා හීනවල ඇහිදපු ලස්සනම මතක කවි කදුළු නෙතට එන්නෙ හෙමිහිටලු හදා ගත්තු හිතටත් හොර රහසෙලු කාලෙන් කාලෙට ඇවිත් ගියපු සුළග කවදත් එක වගෙයිලු මතක එක්ක අහසට දුවපු මගෙ හිතත් ඒ තරම් ම සෙල්ලක්කාරයිලු උපදින්නත් පෙරම වියැකුණු මියැදුන සකුණ විජිතය හරි සොඳුරුයි ලු කුරුල්ලා නාවත් එදා මවපු හීනත් එක්ක කිරිල්ලි ඊයෙත් හිනාවුණාලු නෙත් සිත් පුදුම කරපු අනවසර ප්‍රේමයක බැදුනේ රහසින් ලු අපිත් අමුතුම කවියක් ලු නොගැළපෙන පද දෙකක් වගේ ලු ලෝකෙම එපා කියපු නොගැළපෙන පද දෙකක් එක ළග ලියපු අමුතුම කවියක් ගොතපු පළමු කවියා නෙවෙයි මම එය කරපු මම, චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 321 7 9
ගගක් ගලනකොට ආසයි වතුර බින්දුවක් වෙලා ගගත් එක්කම නිදහසේ ගලන්න... මලක් හිනාවෙනකොට ආසයි මලක් වෙලා නටුවක් අග පිපිලා සැනසීමෙන් පරවෙලා යන්න... ඉරත් වඩිනකොට ආසයි ඉරක් වෙලා උදා ගිර මැදින් හැමදාම ලෝකෙටම එළිය බෙදන්න... ඉඩක් තියෙනවද සිතුවිලි පාලම අසල මගෙ හීන විජිතයේ සතුටින් ජීවත් වෙන්න... මම, චතූ
thanya priyadarshana 5 years ago 243 4 4
කවියකුට කවිකමක් නාවොතින් හදවතට, හඳවුනත් පායාවී.... පායලා බැසයාවී.... එහි කිසිම අරුමයක්, කවුරුත්ම නොදකීවී... තාන්යා
thanya priyadarshana 5 years ago 249 6 4
ඇස්වහක් නෑ උඹට... උඹේ ලෙන්ගතුකමට... ශමා කරලනූ අහස, අහංකාරම සඳට..., නොදුටුවා නොවෙයි මා..., පරිවාර තාරකා, අතරමං වුනා මං, අවනතව ඒ නයන, පුළුන් යහනක ගුලිව, ගිණියමේ සැතපෙන්න.. හැමදාම හඳට බෑ.. පුර හඳව පායන්න..., හද කැමැති වළාපට, තුරුළු කර සැනසෙන්න....., ඉතින් අද විතරක්ම, මට සමා කරලන්න...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps