චතුරංගි හර්ශිකා 6 years ago 373 4 6
ආදරණීය මිතුරිය වෙත, මම මගේ හිත කවි කරන්නට මෙහෙට ආවම හමුවුණේ නුඹ... ඇත්තමයි හරි ලස්සනයි නුඹෙ කවි ලියන කවිකාර හදවත... මම නොදුටු මගෙ සුහද මිතුරිය ලියන්නට සහ රසවිඳින්නට... කදිම මනසක් උරුම නුඹ ළග තිබුණු ආදරණීය හදවත... මම මෙහෙට ගොඩ වැදුණු දා සිට නොදුටු මේ ඉම කොහෙද මුල්ලක... මම තැබූ මගෙ හැම සටහනම කියෙව්වා නුඹෙ මිතුරු හදවත... හිතේ දුක වාගේම සතුටත් අනිත් උන් හා බෙදා ගන්නට... දිනපොතක් වාගෙමයි මට දැන් මගේ නිසදැස් ලියන මේ තැන... මේ ඉසව්වේ හුදෙකලා බව මැදින් මට මුණගැහුනු නුඹ ළග... තිබුණු සුහදම මිතුරු හදවත සුන්දරයි කවිකාර මිතුරිය... මට පෙන්වු නව කවි සයුර මැද මම මගේ හිත් නැව පදවගෙන... සිතළු දිග හරිමින් තුටින් යමි අපූරුයි ඔබ කියපු ඒ තැන... කවිකාර උන් ගොඩවෙනා නිති සෙනෙහෙබර හිත් අකුරු වෙන නිති... හිතළු ඉම එක සොඳුරු මුල්ලක් මටත් ලැබුණා කදුළු හෙම නැති... නුඹට තුති පුදනෙමි මිතුරි නිති සෙනෙහෙබර නුඹ කවියක් ම රිසි... වදන් අතරේ හැමදාම අපි මෙහෙම හමුවෙමු වචන තුළ නිති... මම, චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 294 2 2
මෙහෙට කිව්වා වගේම වැස්ස ළගකදී පායන පාටක් නෑ වගේ... රෑට වහිනකොට හරි සද්දෙ වහලෙට වැහි වතුර වැටෙන සද්දෙට දෙවෙනි නෑ අකුණු සද්දෙ... ඒත් මගෙ හිත වැහි වලාකුළු එක්කම අතීතෙට දුවනවා... අද පෝය දා උදේම ගියේ කැලණිතිස්ස ගහ බලන්න උඹයි මමයි මුණ ගැහුනු තැන අද වගේම දවසක... දවල් පන්සල් ගියා හවස ඉදලම වැස්ස... මගෙ ජීවිතෙත් වැස්ස වගේ ඔහේ ගලාගෙන යන සිද්ධි කදුළු වලට හේදෙනවා... මට උඹව මතක් වෙනවා... මතකද එදා මේ වගේම හරි සැරට වැස්ස උදේ ඉදලම වහිනවා... වීදුරු දොරෙන් මගේ දිහා බලලා එදා දවල් උඹ හිනාවුණා... ඒ අපි අපිව දැක්ක අන්තිම දවස මට ඒ වෙලාවේ එහෙම හිතුනෙ නෑ... හවස මම යනකොට ඉස්සර පුරුදු විදිහට උඹ එදත් හිටියෙ නෑ... උඹම පටන් ගත්ත සමහර පුරුදු උඹම අමතක කරනකොට ඇත්තටම කදුළු එනවා... වටින දේවල් වටිනවා කියලා පරිස්සමට තියාගන්න අයට වටින දේවල් දෙන්න ආසයි... මම ඒකයි උඹට මගේ හිත දුන්නේ... මැරිච්ච පැලේකට වතුර දාලා තේරුමක් නෑ මම දැන දැනම කරන්නෙම ඒක... එහෙටත් වහිනවද? මේ වගේ... මම අකුණු වලට බය නෑ මම බය මතක වලට... මතක අකුණු වැදිලා මගෙ හිතත් පිච්චිලා... ඒක නිවන්න හැමදාම වගේ මම කදුළු වතුර හලනවා... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 263 3 5
මම දැන් ඉන්නෙ පහළ ගඟ ගාව ගිය අවුරුද්දේ මේ මාසේ අද වගේ දවසක මෙතැනට ආවා මතකයිද ? අමතක වෙන්න බෑ උඹ අමතක කරන්න ඇති බලෙන්ම ගඟ තාමත් එහෙමයි ගලාගෙන යනවා ඒත් ගඟ මාව අදුනන්නෙ නෑ වගේ අහක බලාගෙන ඉන්නවා ගඟට මතක නැතුව ඇති තනි මාව හැමදාම අපි දෙන්නම ආපු නිසා ගඟට මතක අපි දෙන්නම එකට ඉන්න රූපයක් වෙන්න ඇති මම ගඟට කතා කළා අර අපි කෑම දාපු මාළුවන්ටත් කතා කළා මම කිව්වා උඹ ගියා කියලා ආයෙ නේන්නම ගඟත් ඇඩුවා ගඟ අඩනවා දැකලද කොහෙද අහසත් අඩන්න ගත්තා වැස්ස කඩා වැටුණා උඹ මට තෙමෙන්න එපා කියලා ඒ දවස්වල කිව්ව හැටි මට මතක් වුණා දැන් මම මම කැමැත්තෙන්ම තෙමුනා වැහි බිංදු වැටෙනකොට මමත් එතැන නොරැදී ගෙදර ආවා ආයෙත් මම නොයා ඉන්න හිතන් ඉන්නෙ ගඟ ළගට මොකද එතන උඹ ඉන්නවා වගේ මට දැනෙනවා එතන ඉවුරක මට අපේ මතක හිත තියලා එන්න ඇත්නම් - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 241 2 2
මානා පදුරු අහස දිහාවට බලාගෙන ම ඉන්නවා... සුදු පාට වලාකුළක් කම්මැලි විදිහට හිනාවෙනවා... කදු කරයේ හැම මුල්ලකම ජීවිතේ ගයන හඩ ඇහෙනවා... මේ කදු වල පවා හුස්ම වැටෙනවා... මේ මගේ පොළොව මගේ ගම... මගෙ ජීවිතේ මගෙ හැමදේම... මම මේ පරිසරය විදිනවා... මට මේ මීදුම දැනෙනවා... මම දවසක මේ බිමේම මැරෙනවා... මං දන්නවා උන් මාව මේ පොළොවෙම වළලනවා... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 291 3 4
2020 සැප්තැම්බර් මස 01 වෙනිදා දැන් වෙලාව ප.ව. 4.00 යි. මන්දාරමට හීතල හුළං කවි කියනවා නුවරට අදත් ටිකක් වැස්ස... හවස් වෙන්න කලින් පන්සල් යන්න ඕනි... හවසට වැස්සොත් හෙම යන්න වෙන එකක් නෑනේ... ලන්ද මැදින් මීදුම බොද වෙලා... උදේ කඩාගෙන ආව කහ මල් වට්ටියක් පුරෝලා තියෙනවා... උඹත් හිටියනං පන්සල් යන්න... උඹ කෝවිල් යනකොට මමත් ආවා... ඒත් එක පාරක් වත් උඹ එක්ක පන්සල් යන්න බැරි වුණානේ... අපේ බුදු හාමුදුරුවෝ ඉස්සරහා දණ ගහලා වැදලා... ජීවිතේ ගැන කියාදෙන්න තිබුණා උඹටත්... දැන් ඒවගෙන් වැඩක් නෑ මීදුම පාර වහගන්න කලින් ඉක්මනට යන්න ඕනි... හැන්දෑවට අද නං පුර හඳ පේන එකක් නෑ වගේ... වැහි කදුළු වැටුනොත් මතක අස්සෙ ගුලිවෙලා මේ පෝයත් ගෙවිලා යයි... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 263 2 2
මල් වැලක් හැමදාම එතුණා අපේ වහලේ දිගේ කාලයක් තිස්සේ... වහලේ උළු එක්ක ආදරෙන් බැඳිලා නතර වුණා අළු කැට අස්සේ... නිකිණි මහේ ඉස්සර වෙලාම පිපුණා රතු පාට මල් පොකුරක් වැල මැද්දේ... මාසයක් ගෙවිලා මල් පොකුරම වැටිලා තිබුනා වැලි මිදුලේ... කවුරුවත් දන්නෑ මල් පොකුර කැඩුව ද වැටුණ ද බිනර මීදුමේ... වැහි වතුර හෝදපු ලා තැඹිලිපාට මල් පොකුර වැලට එපා වෙලා වගේ... - චතූ
සත්සරණි 6 years ago 278 4 3
නුපුරුදු දෙනෙතක් කතා කරා මට දෙනෝදහක් යන එන නගරය මැද මොහොතින් ඔය නෙත් මගහැරුනා මට මේ හිත දැන් මට කරනව කරදර... ඔය දිලිසෙන අැස් දකින්න ඔනෙලු අායෙත් එයාට මගෙ අහංකාර අැස් එදා බැලුවත් අහක ඔය සඳවත සිහි වෙද්දි දැන් හිතෙන්නෙ අැයි දුක... කොහොමින් කොහොම හරි දැන් නම් මගෙ පැතුම ඔය තරු නෙත් හමුවන බව දන්නවද හිතට හොරා මම ඔබව සොයම්දෝ පතම්දෝ.... නොදන්නෙමි මම
චතුරංගි හර්ශිකා 6 years ago 233 2 2
මම හිතුවා හරි ඊයෙ වැස්ස මහ පොළොව දිය කරලා නෑ... ඒත් මේ පස් ගොඩැලි වැලි කැට ඔක්කොම තෙමලා දූවිලි හෝදලා... කට්ට අවුව පුච්චපු ගස් වලට වැහි වතුර වැටුණම ඇත්තමයි අගුරු සුවඳක් එනවා.. කහ පාට වේලිච්ච කොළ පොළොව උඩ වැටිලා තෙත පොළොව දිහා ආදරෙන් බලනවා... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 247 2 2
අද පටන් ගත්තෙ විශේෂ මාසයක්! එක හවසක මතකද ජීවිතේ කවියක්... මේ ගහ යටම දැන් මම වරුවක් බලාගෙන හිටියා එයි කියා වැරදිලාවත්... කහ මල් උනත් හිනැහෙනවා තනියෙන්... මට අඩන්නවත් නෑ අයිතියක්... ප්රිය හදවත තව පාරක් ඇවිදින් යන්න හැකිනම් අදවත්... කියන්නට දේවල් නැහැ දැන් නම්... ඒත් බලාගෙන ඉන්නම් නුඹ දිහා කල්පයක්... අපෙ මතකයන් ගොඩ ගසා මමත්... හදන්නම් හිත් බිම මත ටජ්මහලක්... - චතූ
මටත් තිබුණා මම හීන මවපු ලස්සන හත් පෙති මලක්... අවාරෙට පරවෙලා මැරිලා ගියාට මතක නෑ ගියේ තවත්... පෙත්තෙන් පෙත්ත කඩලා පතන්න පැතුම් නම් හරි ගොඩක්... පතන්න තියා බලන්නත් කලින්ම මල මැරිලා හරි දුකෙන්... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 295 2 2
2020 සැප්තැම්බර් මස 01 වෙනිදා මල් පාර අසලදී... හා හා පුරා කියලා අළුත් මාසෙ පලවෙනි දවස... මම ආවා අපිට පුරුදු මල් පාර ළගට... තවම උදේ නවයට විතර ඇති... මීදුම හරි සැරට අහස පුරෝගෙන... නුවරට අදත් වැස්ස අනෝරාවට කඩාගෙන නොවැටුණාට දවසම ටික ටික වහිනවා... මම ගියා හැමදාම නැවතුණු කහපාට මල් ගහ යටට... තාර පාරේ ඈතින් වාහන එක දෙක එනවා... හරි සද්දෙට බයික් එකක් එනවා ඇහෙනවා... ඔන්න එයා එනවා! මගෙ හිත කෑ ගහලා කියනවා... උඹට පිස්සුද? මම හිතෙං අහනවා... එයා ගියා යන්නම ගියා... ආයෙ එන්නේ නෑ ආවත්, දැන් මට අයිති නෑ... කහපාට කැලණි තිස්ස මල් සිය ගානක් බිම වැටිලා... එන එන හැමෝගෙම පයට පෑගෙනවා... මීදුම අහස වහගෙන ඉර පේන්නවත් නෑ... ඒත් මේ ගහයට ඉර පායලා වගේ... කහ මල් බලාගෙන ඉන්නවා මාත් එක්ක අහස දිහා... ඉර එනකං... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 252 3 3
අතොරක් නැතුව ලියනවා අකුරක් ගානෙ ඉන්නවා කදුලක් උනත් වැටෙනවා හිත තවමත් තදින් රිදෙනවා එක පිටුවක් ඉරල දානවා අනිත් පිටුවෙත් උඹම ඉන්නවා පිටු ඔක්කොම එකතු කරනවා කොල ගොන්නටම ගිනි තියනවා හැම හීනෙම රෑට ඉන්නවා හැම මොහොතම උදුර ගන්නවා මොන කවියෙත් මැදින් එබෙනවා මට මාවම එපා කරනවා! - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps