චතුරංගි හර්ශිකා 6 years ago 297 2 2
ලෝකයේ හැම තැනම වාගේ හරිම ලස්සන දසුන් ඇති මේ මගේ රට තුළ සොබාදහමේ අපූරුව පුදුමයි අගෙයිනේ... පින්තූරයක් ගන්න මොහොතේ අසිරිමත් සුන්දර රටේ මේ අහස විනිවිද හැම ඉමකදිම විදුලි රැහැනක් හමුවුණානේ... සොඳුරු කවියක පැල්ලමක් ලෙස දිය සලකුණක් ගැසූ ලෙසකට ඇත්තටම මේ වයර් අහසේ හතර අතටම ඇද්දෙ මොකටද... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 287 3 3
සෙනෙහස සුසුමක් ගානේ උතුරන විට රෑ යාමේ... මතක් උනෝතින් මාවත් මතකෙන් පිටමං කරන්න... තවත් ඉතිං අපි දෙන්නා අපි දෙන්නගෙ නොවෙන නිසා... මතක ඉරා උඩු ගුවනේ දුර ඈතට පා කරන්න... මම කවදාවත් ආයෙත් ළං වෙන්නෑ කාටවත්ම... දවසක එන්නම් උදයක ලස්සන කූඩුව බලන්න... ඈත ඉඳන් බලන් ඉදලා නොදැනෙන්නට යන්නම් මම... උඹේ පුංචි පුතා ටිකක් දැකගන්නම් රහසේ මම... උඹ හිනැහෙන ගිම්හානෙක දුර ඈතම කදු මුදුනක... උඹට හොරෙන් උඹේ හිනා බලා හිඳිමි හැන්දෑවක... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 278 2 2
කවි හිත මැරුණු එක හවසක අපේ ගමේ... සිරිපා කන්ද පෙනෙනා සුන්දර තැන්නේ... ලස්සන ගල් කුලක නැවතී මේ යාමේ... මම යමි හිත එක්ක සිතුවිලි ගංගාවේ... පුර හඳ එන්න තව වේලා තිබෙන නියා... ගගනත කොණක නිල් සිනහව මදෙස බලා... තුරු මුදුනක් මැදින් බොදවී ඉගි කරලා... ලස්සන නිල් අහස මට දැන් හිනාවුණා... අවසර නැති සිතුවිලි යානයක් ඇවිත්... හිත නංවාගෙන හරි දුරකට ඇදී ගිහින්... සිරිපා වන්දනාවට මේ හවස ඉතිං... යන්නට සමනලුන් යනවා බැති හිතකින්... අවාරෙ සිරිපා වදින්න යන්න මට... මේ වසරේ හැකි වුණොතින් හොඳයි හෙට... මම මගෙ හිත ඔබා සීතල ජලය මත... සීත ගඟුලෙ පා කර එමි මගේ හිත... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 274 2 2
උඹ නැවතුණාට පස්සෙත් මම දිගටම ආවා... සතුට හොයාගෙන සැනසීම හොයාගෙන... දුරුත්තෙ කදුළු බිව්ව මම බිනර මහේ හිනාවෙනවා... දැන් ලස්සනයි හිත උඹ ගිය එකමයි හොඳ... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 279 2 2
මගෙ ජීවිතේ ම පාට! කැන්වසය පුරාවට හැමදාම ඇන්දෙ පාට පාට රූප... අදින අපි හැම මොහොතකම අපේ හීන ලස්සන පාට වලින් පුරවනව... අපි ආසයි අනිත් උන්ගෙ ජීවිතත් ලස්සනට පාට කරන්න... මුළු ලෝකෙම අදුර මැකෙන්න... හැම හිතකම පාට තවරන්න... මම මගෙ පාට පාට හිතෙන් සිතුවිලි පාට කරනව! අනිත් උන්ට පාට ගාගන්න ඕනි තරම් ඉල්ලන්න... ලස්සන පාට ලෝභ නැතුව දෙන්න කියලා මේ කලාව අපිට උගන්නලා තියෙනවා... අදින නොඅදින හැමෝම පුළුවන් විදියට ලස්සන පාට වලින් හීන පුරෝමු... ජීවිතේ ලස්සන පාට පාට හීන ඇතුළෙ ඒ පාට සතුට ගෙනෙයි හැමදාම... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 258 2 2
මගේ දිනපොත නුඹ දන්නෙ නෑ ආදරේ ගැන නිරන්තර මම... නුඹට කිව්වත් හැගුම් දියකර සැබෑවට ලොව බොහෝ උන් ළග... නිරන්තර හිත සොවින් පුරවා තිබුණේම දුක් පෙම් කතා බව... ඊයෙ මට අහඹුවෙන් ඇසුණා මගේ හදවත පවා රිදුනා... කදුළු මැද්දෙන් වේදනා පිරි බොහෝ ආදර කතා තිබුණා... හරිම පුදුමයි බොහෝ හිත්වල ආදරේ රිද්දලා තිබුණා... - චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 267 2 2
2020 අගෝස්තු මාසෙ 31 මාසෙ අන්තිම දවස! මේක හැන්දෑවක් උඹ දන්නවද... මම ඉන්නේ අක්බාර් පාලම උඩ...! මතකයිද? අපේ මතක විසි කරපු මේ ගඟ! හැමදාම වගේ අදත් ගලනවා... මට පේනවා පෙණ අතරෙන් රොබරෝසියා මල් පෙත්තක් පාවෙලා එනවා... හරියටම උඹ දවසක හවසක මේ ගඟට විසිකරපු මගෙ හදවත වගේ... ගල් බොරලු මැදින් ඒක පාවෙලා එනවා දිය රැළි , මල් පෙත්තට රිද්දනවා... මේ පැත්තෙන් ගහගෙන ආව මල් පෙත්ත පාලම යටින් අනිත් පැත්තට ගඟ දිගේ ගලාගෙන යනවා... මම අනිත් පැත්තට දුවනවා ඒත් මල් පෙත්ත නෑ...! ගඟ පහළට ගලාගෙන යන්න ඇති වතුර එක්ක... නැත්නම් පාළම යට රැදෙන්නැති ගල් ගොඩක... මට යන්න හිතයි මල් පෙත්ත හොයාගෙන... පරිස්සමට අරගෙන තණකොළ උඩින් තියන්න... නොරිදෙන්න නොතැලෙන්න... ඒත් මම කොහොම යන්නද මම තවම පාළම උඩ... ඉර අහස කොණක ගිලෙනව මම බලාගෙන ඉන්නව... චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 266 4 5
අගෝස්තුවේ ග්රීස්මෙ හැම අවුරුද්දකටම පොදුයි ඒත් අද රෑට අහස හඩනා හැඩයි... වහල මත වැහි බින්දු මහ හඩින් ඇද වැටෙයි නිසංසල රෑ ගගන කැළඹිලා වගෙ තමයි... දහවලේ ගිනි අවුව කර කෙරූ පොළොව මත වැහි තෙතට ඉරි ඇදෙයි පස් ගොඩැලි මත රෑට... වියළි මහ පොළොව මත වැහි බිංදු වැටෙන කොට පුදුම සුවඳක් දැනෙයි මගෙ නාස් පුඩු වලට... කහ පාට ඉරට වත් දෙවෙනි නැති කහ පාට ඉරිඟු යායට වැස්ස සිපගන්න හැකි රෑට... හෙට උදේ අපි දැකපු මහ පොළොව බොර පාට පුංචි ඇළවල් පිරුණු ඉසව්වක් වෙයි නේද... චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 294 3 4
සිතුවිලි කවියක් පුර අටවක ළග... හිතවත් කදුලක් කම්මුල් පිසගෙන... මට කිව්වා එක කවියක් නුඹ ගැන... නුඹ තාමත් මෙහි එනවලු හවසට... දුම්රිය නැවතුම නිතරම හමුවුණ... කදුළු බෙදා ගත් සුදු මල් පැලවුන... මේ ගස්වල තව ඇති ඒ මතකය... කතා කරොත් උන් කියයි අතීතය... චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 263 2 2
මතක වැලලූ මහරු හීනේ පාව යන කුසුමක් වගේ ජීවිතේ හරි ලස්සනයි දැන් නොකී කවි පදයක් වගේ... සිහිනයක දැවටී යොවුන් හිත සුළං රැල්ලක පා වුණේ සත්තමයි මේ වසන්තය නම් මටම මැව් කවියක් වගේ... අහස ගස් වැල් පවා හිනැහෙයි මා දෙසට ඉගි කර සෙනේ සිහින ඉම මම පියාඹා යමි මල් සුවඳ ඉහිරෙන ලොවේ... චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 289 3 2
මම ආසම පියාඹන්න කුරුල්ලෙක් ගෙන් තටු දෙකක් ඉල්ලගෙන මමත් එනවා හඳ බලන්න... හැකි නම් මට නතර වෙන්න හඳේ කොණක ගේ හදන්න කන්ටේනරයක් අරගෙන මගෙ මළු ටික උඩට ගන්න... හඳේ හාවා ආසා නිසා උදුපියලිය අමතක නෑ අනිවාරෙන් අරං එනව මම එනකොට දවසක රෑ... සද දෙව්දුව පට සළු ගෙන මහන ඇදුම හැඩ බලන්න හෙටවත් එන්නට හැකිනම් ආසයි මට නතර වෙන්න... නිකිණි මහේ පුන් පෝදා රෑ පුර හඳ මතට ඔන්න මම එනවා රාත්රියේ හා පැටියෝ උඹ බලන්න... චතූ
චතුරංගි හර්ශිකා 6 years ago 255 3 2
බලන බලන හැම අතම නිහඩ හුළග කතා කියයි දන්නවාද දන්නෑ ඔබ හුදෙකලාව හරි මිහිරියි... ගලන දොළක මිහිරි හඩට මංසල ළග කුරුළු නාද හරි මිහිරට ගීත ගැයුවෙ වස්සානය ගැන නොවෙයිද... බිනර මහේ එක හවසක සදු නගිනා හෝරාවක දළදා සමිඳුන් අභියස මට හැකි නම් වැද වැටෙන්න... දුම්රිය පොළ ගාව තැබූ මගේ මැරුණු ගොළු හදවත අරං එන්න මම යනවා මේ ගොම්මන් රෑ අදුරට... චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps