Deesha(දීෂා)❤️ 6 years ago 316 5 2
අතීතය සිහිනයකි නැවත නොදකිනා අනාගත පැතුමකි ඉටුකරනු වෙහෙසෙනා ජීවිතය ගැටලුවකි යම් දිනෙක විසඳෙනා ඔබ මගේ සොයුරියයි හදවතේ නොමැකෙනා.....
Deesha(දීෂා)❤️ 6 years ago 285 3 2
සංසාර මාවතේ පියෙකු ලෙසින් හමු වූ ඔබ මිතුරෙකු සේම ගුරුතුමෙකි මාහට... නෙතට නැගෙන කඳුලැල් පිසදා මුවට නැගෙන හසරැල් විමසා ජීවිතය ගොඩනැගීමට ඔබගෙන් ලැබුණු සවිය කෙසේනම් වර්ණනා කරන්නද පියාණෙනි? ඔබෙත් මගෙත් නොමැකෙන සෙනෙහස හද පත්ලෙන් නෙරපන් නෑ කිසි කලෙක... ජීවිත ක්ෂේම භූමියේ අතරමං වන්නට ගිය මා දෑත් යළිඳු අල්ලා මාළිගාවකට රැගෙන ආවේ ඔබයි ආදරණීය පියාණෙනි මියෙන තුරාවට මගේ ශක්තිය!❤️❤️?
Deesha(දීෂා)❤️ 6 years ago 288 3 2
බුද්ධියේ අරුණලු දල්වන්නට මා මනස වෙහෙසෙන නිමේෂයේ විඩාබර සිත්පොඩිය අස්වසන්නට වෙහෙසකාරී වෙමින් ආලෝකය ලබා දුන්නේ ඔබයි... තරගකාරී ජීවිතයේ මං මුලා වූ නමුත් තුෂර බිඳු සේ අවුත් යනෙන මං කියාදුන්නේ ඔබයි... නිමාවක් නොදකින සලෙලුන් රජ කරන අධම වූ ලොවක හුදෙකලා වූ මා මනසට ශක්තියක් වූ ඉඩෝර බිම් නිවාලන කඳුරැල්ල ඔබයි ආදරණීය මෑණියනි, මියෙන තුරාවට මගේ ශක්තිය!...❤️❤️❤️
Subha Makavita 6 years ago 262 2 2
ආදරෙයි කියා නොකිව්වට මගෙ පපුතුරෙ ඇති සෙනෙහස දොරෙ ගලනවා නුඹ ගැන සිතන හැම මොහොතකම නොදන්නවා වාගේ හිටියට මම දනිමි,නුඹ එය දන්නා වග.... ඒත් ... කියන්නේ නොක්කාඩු හැමදාම මම නුඹට ආදරේ නැති බව ඒ තමයි ... ආදරේ බොලදකම. (සුබා)
Deesha(දීෂා)❤️ 6 years ago 303 5 9
අදින් පසුව මතුවටත්.... ඒ වදන් යළි නොඇසේවි ඒ සිනහව යළි නොදකීවි නමුත්, කෙදිනකවත් ඔය දෑසට කදුළක් නම් එන්නට ඉඩ නොදෙන්න ඒ මේ දෑසට ඔය දෑසින් වැටෙන්නට ඇති කදුළුත් උරුම නිසා... මා විමසන හැම කෙනෙකුටම මා නොදෙන්නා බව පවසන්න මට දැක්වූ ආදරය තරමටම ඇයටද සෙනෙහස පුද කරන්න ඒ සමඟම අදින් පසුව මතුවටත් මේ හිත අමතක කරන්න ......
Deesha(දීෂා)❤️ 6 years ago 323 7 12
ඔය පපුවේ නැතිද මගේ නම කොටලා? තියෙනවා නේද මැකිලා යන තැනක හරි ලියලා... ඔය හිතේ නැතිද මගේ රුව ඇඳිලා? තියෙනවා නේද බොඳවෙන තැනක හරි මැවිලා... ඔය හුස්මෙ නැතිද මගේ සුවඳ රැඳිලා? තියෙනවා නේද ගිලිහෙන තැනක හරි එතිලා.... අහුවොතින් ලයට නුඹේ කන තියලා ඇහෙයිද මගේ නමම රැව් නැගිලා... බලපන් පපුව මැද මගේ පලලා... ඉන්නේ නුඹ ගැඹුරුම තැනක වෙලිලා...
Deesha(දීෂා)❤️ 6 years ago 476 5 0
"If you are alone, I'll be your shadow. If you want to cry, I'll be your pillow. If you want a hug, I'll be your teddy. If you need to be happy, I'll be your smile. But anytime you need a friend, I'll just me be...."
Deesha(දීෂා)❤️ 6 years ago 283 5 8
දහසක් වූ බලාපොරොත්තු පොදි බැඳගෙන දෑස් මානයේ එතෙර වීමට ඇති මහා සමුදුරකි. බොහෝ කල් ගියද තවමත් දොරට වැඩි පියවරක් පමණක් වැනිය. එය ගතවූ කෙටි කාලය තුළ ජන්මයෙන් ලත් ඉරණමින් ඇති කරන සන්තාපය මහා වියනක් වූ නුඹ ගැබටත් වඩා උස් විය... නමුදු ලබාගත් ඵලක් නැති සේය. ලෝදියක් මෙන් ගත වෙලාගන්නා කඳුලැල් වලින්ද ඉඳහිට ගලන ලේ දහරා වලින්ද ඉතිරි කරන්නේ පීඩාවක්ම පමණි.. ඉදිරියට තබන පියවර එතැනම හෝ ආපස්සට පැමිණෙනවා මිස ඉදිරියට නම් යන්නේ නැති සේය.. මහ හඬින් හඬ නඟන්නට සිතුනද එය සමාජයට නිශ්ශබ්ද තාවයක් විය යුතුමය.. ගතවූ නිමේශයකින් වෙනස් වූ ඉරණමක අවසානය මෙයද? ඉතින් පවසන්න, ජීවිතයක් ද මේ...
සත්සරණි 6 years ago 275 5 6
අාදරේ දෝරෙ ගැලුව හීනියට ඉගි බිගි පෑව නුඹේ ලස්සන අැස් පියාගෙන ඉන්නෙ අැයි මගෙ රත්තරං... හෙමිහිට රහස් කෙදිරුව කොපුල් මත දග කෙරුව ඔය සොදරු දෙතොල් මත හිනාව කෝ අද රත්තරං... මහ මෙරක් වගෙ සෙනෙහසක් සේම ලොකු රැකවරණයක් එදා මට දුන් නුඹේ පපුතුරෙ උණුහුම කෝ අද රත්තරං... නිසල වී අැති නුඹේ දේහය දෙසට සසලව නෙතු අයාගෙන හඩන්නම් මං අායෙ අැවිදින් එදා වාගෙම සනසවන තුරු රත්තරං...
සත්සරණි 6 years ago 245 6 2
නුඹව සිහි වෙන වාරයක් වාරයක් පාසා අලුත් වෙනවා කදුලු කදුලකට හැකි වෙද හුස්මක් හුස්මක් පාසා හිතේ සැරි සරන අපේ ලස්සන මතක සෝද සෝදා හරින්නට නුඹ නැති ලොවක සිනහ සෙන්නට බැරි නිසා හඩ හඩා විදවන මේ පාලු හදවත සනස සනසා ඉන්න එවිට මට හැකිවේවි
Devi..❤️?❤️? 6 years ago 237 1 2
ඇති විමට වැඩිකල් යන්න...... නැති විමට මොහොත්ක් නොයන්න .... අමුතු දෙයකි යලුකම නමින....
සිතුවිලි පාරමී 6 years ago 293 2 4
නිවන්නයි යන්නෙ ගිනිගත් මේ සසර හොදටයි අපගෙ මෙන් මේ මුළු ලෝකයෙම පෙමින් බැදුණු මුත් ගෙවනා තුරු සසර දුක් නොම වෙන් ඒ සසරේ හැටි සොඳුර භවයෙන් භවය පසුපස ආ යශෝදරා සෙවනැල්ලක් වී දිරි දුන් යශෝදරා අවසන් හමු වීමයි අපෙ යශෝදරා දෙන්නම අපි නිවනට යමු යශෝදරා ❤පාරා❤
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps