සිතුවිලි පාරමී 6 years ago 285 7 4
අතැර යන්නට හැකිද හිමියනි ඔබට මා මතක නැද්දෝ ඔබට පණ මෙන් පෙම් කළා මතකයි මටත් පෙම් කළ හැටි යශෝදරා මේ භවයෙම නොවෙයි අපි සංසාරයේ පුරා උපන්නා විතරමයි අපගේ කිරි කැටියා අනේ දුක නැද්ද හිමියනි මේ නුඹගේ දරුවා සංවේගයක් දැනේ හැර යන විට පවුල කුමක් කරන්නද සොයනව මිස සත්‍යය මතකයි හිමියනි ඉස්සර කී ප්‍රේම කතා ඉන්නට පැතුවෙ මියෙනා තුරු ඔබෙම වෙලා ඔබ මාගේ යැයි පැවසූවත් සොඳුර ඔබව ඔබටවත් නැත අයිතිය සතුව කුමක් කියනවාද නැහැ මට තේරෙන්නේ දුකක් දැනෙනවා පමණකි මා දන්නේ අල්ලා ගත් දෙයක් ඇත්නම් ඔබ සතුව එයම දුකක් වේවිය ඔබ හට සොඳුර නැත ඔබෙ කැමත්තට මා කරළා බාධා සොයා සත්‍යය එනුමැන අප නැවත සොයා සියුමැලි සුමුදු අත් පා ඔබගේ සිරුර වැහැරී යයි දිනෙක එය වේ සත්‍යය සොයා ගත් දිනේ විසදුමක් එයට එයම වේ සොඳුර අපගේ නිවන නොමැතිව ඉන්න බෑ හිමියනි මට ඔබව මමත් පැමිණෙන්නම් කැලයට ඔබ සමග ඈතින් හිදින්නම් ඔබ නොපෙනෙන ලෙසට බිදින්නේ නෑ තපස ඔබෙ කවදාවත්ම කටුකයි සොඳුර කැලයේ විස සතුන් ඇතී සියුමැලි ඔබට එහි වාසය පුරුදු නැතී සත්‍යය සොයා මම එන්නම් පමා නොවී දරුවයි නුඹයි හිදින්න මාළිගයටම වී ❤පාරා❤
සිතුවිලි පාරමී 6 years ago 295 4 4
අගුළු දමා සිර කරගෙන යකඩෙන් නිමකළ කූඩෙක පෙත්තෝ උඹ බත් කෑවද කියා අහනවා මට කන්නට හිතෙන්නෙ නෑ අම්මා අප්පා මගෙ ළග නෑ ආපහු මට යන්න දෙන්න ඌ මුමුණනවා ගෙදර ඉන්න පොඩි පැටවුන් යාලුවො එක්කන් ඇවිදින් කුරුළු පැටියා පෙන්න පෙන්න කතා කියනවා අනේ ළමයො උඹ වාගෙම මගේ පුංචි මිතුරො එක්ක ගස් වැල් උඩ කවි කියන්න මං හරි ආසයි මට ඕනේ පියාඹන්න නිල් අහසේ පුරාවටම මේ කූඩුවෙ ඉදලාම මගෙ අත්තටු හිරිවැටිලා දැන් මා සිරකළ මේ කූඩුව නෙමෙයි අනේ මගෙ ලෝකය මට ආපහු යන්න දෙන්න මං අයදිනවා ❤පාරා❤
සිතුවිලි පාරමී 6 years ago 261 1 2
මිතුරියකි නුඹ දුක සැප ළග එකට සිටි කිසිදා හැර නොගිය හැර නොයන සොයුරියකි නුඹ සෙවනැල්ලක් සේ මා පසුපස සිට දිරිය දුන් දිරිය දෙන මවකි නුඹ හැම චෝදනාවකින්ම මා ගළවා මාව විශ්වාස කළ විශ්වාස කරන පතිනියයි අද එදා මා හදවිලේ පිපී සුවද දුන් සුවද දෙන ❤පාරා❤
AyoDh Sapumal 6 years ago 250 6 2
මිතුරුකම කවියක පෙරලා තියා....නොගැලපෙන ඵළිසම නොකියා ගියා....
සිතුවිලි පාරමී 6 years ago 290 4 2
තාත්තේ... තාත්තා කොහෙ ඉන්නවද කියන්න මං දන්නෙ නෑ හැබැයි කොහෙ හිටියත් මගේ තාත්තා කරදරයක් නැතුව ඇති මොකද මගේ තාත්තා කාටවත් වරදක් කලේ නැති නිසා හැම කෙනාටම කලේ හොදම විතරක් නිසා තාත්තා හැමදාම වැඩට ගිහින් ඇවිත් මාව බයිසිකලේ තියාගෙන රවුමක් දෙකක් අනිවාරෙන්ම එක්කන් යනවා කොච්චර අමාරු උනත් තාත්තා ඒක නැවැත්තුවෙ නෑ නේද තාත්තේ අදටත් මට මනුස්සයෙකුට දෙයක් දීලා ඒ දිහා බලලා සතුටු වෙන්න පුලුවන් හැම මනුස්සයෙකුටම තමන්ගෙ කෙනෙකුට වගේ ආදරේ කරන්න පුලුවන් මොකද තාත්තා මාත් එක්ක හිටපු ටික කාලෙට මට මනුස්සකම ගැන ගොඩක් පාඩම් කියල දුන්නු නිසා තාත්තේ හැමදාම තාත්තගෙ පින්තූරෙට වැදලා යනකොට අම්මා කියනවා වගේම මටත් හිතෙනවා "තාත්තා කොහෙ හරි ඉදන් අපි දිහා බලාගෙන ඇති" ❤පාරා❤
සිතුවිලි පාරමී 6 years ago 427 5 7
අද මම උගතෙක්ලු අම්මා මං තරම් ඉගෙන ගෙන නෑලු හරි වැරද්ද මොකක්ද අම්මට වඩා මං දන්නවාලු සමාජය ඉස්සරහ මං වැදගත් චරිතයක්ලු ඒත් මතකද අම්මේ... පුංචි කාලෙ මට 'අ' යන්න උගන්නන්න අම්මා කොච්චර මහන්සි උනාද පාට පිට යන්නෙ නැතුව චිත්‍රයක් පාට කරන්න මට කියල දුන්නෙ අම්මා නේද වැරදි වැරදි වචන කියද්දි අකුරු ගළපලා වචන ලියන්න කියන්න කියලා දුන්නෙ අම්මා නේද ඉතින් අම්මේ මං කොහොමද අම්මට වැඩිය උගතෙක් වෙන්නෙ මට හැමදේම කියලා දුන්නෙ අම්මා වෙච්චි කොට මතකයි අම්මෙ මට මොන්ටිසෝරි ගිහින් එද්දි පයින් යන්න බෑ කියද්දි අම්මා මාව හැමදාම වඩාගෙන ආපු හැටි මතකයි අම්මෙ මට ඉස්කෝලෙ ටීචටත් කලින් මට අම්මා පාඩම් ඉගැන්නුව හැටි මතකයි අම්මෙ මට කවුරුත් වැඩිය ගනන් ගත්තෙ නැති මාව හැමෝම මං ගැන කතා වෙන තැනට ගෙනාපු හැටි අදටත් ලෙඩක් දුකක් හැදුනම ඉස්සෙල්ලම මතක් වෙන්නෙ ඔයාව "ඔයාටත් බෝ වෙයි අම්මෙ ලගට එන්නෙපා" කියුවත් මං නින්ද යනකන් ඔලුව අත ගගා හිටියෙ ඔයා අම්මෙ අදටත් මං ආස දේ ඉල්ලන්නත් කලින්ම ගෙනත් තියන්නෙ අම්මා අද මං ලොකු මනුස්සයෙක් උනාට ඒ චරිතෙ නිර්මාණකරුවා ඔයා මං අම්මගෙ අත් දෙකෙන් අවුරුදු ගානක් තිස්සේ ඇඹුණු පිළිරුවක් ❤පාරා❤
සිතුවිලි පාරමී 6 years ago 266 1 1
හැම තිස්සෙම හිත අද්දර හිත මුමුණන නුඹෙ කටහඩ මගේම කරගන්න සිතුනු වාර අනන්තයි මිතුදමකට එහා ගියත් අපෙ කතන්දරේ තව දුරකට අරන් යන්න නොහැකිදෝ සිතේ
Sheron Veronica 6 years ago 262 4 2
රෑට හීන දකින්න පුරුදු වෙන්න.... මොකද .... හීනවලට පුලුවන් ඇත්ත ජීවිතෙට සතුටක් ගේන්න...... අඩුම තරමෙ අයිතිවීමක් හරි..... හීනෙන් ලැබෙනව නම්...... නැතිවුන දේවල් ගැන දුකක් කොහෙද??.... ඒවත් රෑ හීන වෙන නිසා.....
සිතුවිලි පාරමී 6 years ago 233 3 6
සද හොරෙන්ම හිනා වෙලා මගෙ මුහුනට එබී බලා අද එනවද අද එනවද කියා අහනවා අද ඒවිද නේවිද ඔබ කවදා කොතැනක හමුවෙද නොදැන මමත් ඔබ එනතුරු බලා ඉන්නවා නොඑනා බව පෙනෙනා විට සදත් නොකියා හොරෙන්ම දුකින් වගේ හෙමින් හෙමින් යන්නට යනවා මාසෙ පෝයෙ කලුවර හද මඩල වසා යද්දිම මගෙ සුපුරුදු කදුලක් මගෙ ලග තනිය මකනවා තරු කැට වට වී සිටියත් සිත් ගත් තරුවක් නැති දුක සදේ නුඹට වාගෙම අද මටත් දැනෙනවා ඊලග පුර පසලොස්වක සද එද්දීවත් මගෙ ලග කුමරාණෙනී නුඹ හිටියොත් කියා සිතෙනවා ❤පාරා❤
Sheron Veronica 6 years ago 316 1 1
ඔයා නිහඩ උනත්..... මට ඒක ඉවසන්න බැරි උනත්..... නවත්තන්න එපා...... මන් ඔයාට කරන ආදරෙ......
සිතුවිලි පාරමී 6 years ago 260 5 2
සොඳුරු ලෙස අද හිනැහුනා ඔබ බලා ඉන්නට ලෝභ හිතුනා එදා වාගෙම හිටියනම් නුඹ අද මටත් හිනැහෙන්න තිබුනා ❤පාරා❤
Juliachaze✿ 6 years ago 249 1 1
Ya dari kawan lah kita belajar di mana baik dan di mana yang buruk.Jangan disebabkan salah memilih teman,Akhlak kamu jatuh.Carilah kawan yang sebaik baiknya.Yang akan membawa kamu ke syurga Allah s.w.t...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps