✨️තරි✨️ 6 years ago 264 7 2
හිරු බැස යන මේ හැන්දෑවේ ආදරයේ කෝල හැගුමන් හද මන්මත් කල සුවදක් වාගේ හංගා ඉන්න පුලුවන්ද ඒ හැගුමන් ..... රැයක් කොතරම් දිගුද සද එළිය මෙච්චර සීතලද සාන්කා දැනෙන විට හදවතට සාගරේ තරමට හඩන්නට දෙන්න මට ඔබේ ලැම දැන්.....
තූර්යා ඉඳුවරී 6 years ago 306 3 8
නුඹ නිති සරණා මගෙ හද විල තුළ නුඹේ නමට පිදු සෙනෙහස දෝරෙ ගලයි... හදවත් දෙවොලේ නුඹගේ පිළිරුව බැතිබර දෝතින් තැන්පත් කරලා දිවි හිමියෙන් ඒ පිළිරුව සුරකින දේවදාසියයි හිමියනි මා නුඹෙ... ජීවන ගමනේ අත්වැල් පටලා සෙවණල්ලක් සේ නුඹෙ ළඟ හිඳුමට භවයෙන් භවයේ පාරමිතා පිරු යශෝධරාවයි හිමියනි මා නුඹෙ... ??තරූ සමනළී??
Nawoda Nimesh 6 years ago 261 8 4
නුබ හට මතක නැති මුත් අපගේ බාලේ ...... තාමත් මතක ඇත ඊයේ අද වාගේ ..... නියර දිගේ යන විට අත ගෙන මාගේ ..... ඔබ ගැයූ ගීය තාමත් ඇසෙනවා වාගේ ..... නුඹේ හඩ තාම මට සොදුරුයි පෙර වාගේ .... නුඹ ගැයූ ගීය මතකයි අකුරක් ගානේ..... අද මුළු ලොවක් පිනවන කටහඩ නුඹගේ..... එදවස අසන් උන් මා මතකත් නෑනේ ..... .....දිනේෂි අරුණිකා .....
Rasika Maduwanthi 6 years ago 310 4 4
රිදුනත් මේ හිත හැමදාම සැරෙන් සැරේට..... ඒ වේදනාව මැදිනුත් හිනාවෙනවා මම හරි ලස්සනට ..?? ❤️ මදූ ❤️
Rasika Maduwanthi 6 years ago 481 1 0
උබ නැති අඩුව මට දැනුනත් මම නැති අඩුව උබට දැනුණේ නෑ කවදාවත්ම ?? ❤️ මදූ ❤️
Rasika Maduwanthi 6 years ago 282 2 3
එදා හිත සනසපු ඒ හිනාව මෙදා පාරනවා හිත මරව මරව ❤️මදූ❤️
සත්සරණි 6 years ago 239 5 4
සුදු පාට වැලි අතුල මල් රේණු වැහි වහින එ් පුංචි ගුරු පාර ඔය හිතට අමතකද අත් වැල් පටලන් පිය මනිනා විට සෙවණ දුන්නු එ් තුරු පෙළ මතකද තාමත් එ් ගුරු පාර එහෙමමලු දැනෙන්නෙ අපි නැති අඩුව විතරමලු ඉතින් අායෙමත් දැගිලි පටලමු සදා අාදරෙන් සංසාරෙ දුර අැදෙමු
සත්සරණි 6 years ago 399 4 2
ලොවම නිදි සුව විදින මේ ගනදුරු රාතිුයේ....... මහ හඩින් හෙණ පුපුරුවා විත් අනෝරා වැසි අැද හැලේ...... අදුර රජයන මගේ කුටියට වැහි වහින හඬ හොදටම අැසේ.... නුඹේ නාමෙන් මුවින් ගිලිහුනු සුසුමක උණුහුම මට දැනේ......
©®`•.හිතුව.K.කාරයා.•´©® 6 years ago 308 6 6
` තරු පිරිවරා නිහඬ අහසක් නුඹ ඔය තියන් ඉන්නෙ මං ආසම තරුවක්.... දවසක නුඹත් වෙයන්, මහ පොළොවක්... එදාට මාත් වෙන්නම් රළු මුහුදක්´......?®️©️ `[DULA]´……
Rasika Maduwanthi 6 years ago 314 5 4
කියන්නම් ද රහසක් අහන් ඉන්න පුළුවන් ද ඔබ හට සත්තයි මගේ මැණික ආදරෙයි මන් ඔබට රකිනවද පන සේ මගේ මේ රහස ?? ❤️ මදූ ❤️
✍️Nilushi Nisansala✍️ 6 years ago 384 8 1
විලිස්සමින් බොරු දත්ටික කියයි පුරාජේරු එමට සිල්ගයි නොවරදා පෝයට බෙදයි ඕපාදූප රටක, ගල් පෙරලුවා දෙව්දත් මුනිදුට, සාදු සාදු කියයි එවිට , අද රස නෑ දානේ වේල ගිලන්පසට හකුරු නැද්ද ? අනේ ! මුන්ට තියෙන ගාය කියයි පුංචි වුන්ට දෝස , ගම වටේට ඇවිද ,ඇවිද සොයයි නොයෙක් වාසදේස කලක් ගෙවී ගියේ නොදැනිම ලෙඩවී මියැදුනා විගසින ආ නොයෙකුත් නෑ පිරිවර අඬමින් ගයනවා ඇගේ ගුණ , " අදදින අප අතරින් සමුගන්නා උපාසිකා මාතාව ..........................." බණට වැඩිය මහ සඟ ගණ දෙසන කලට ඇගේ ගුණ කඳ ඈ ගැන දත් ගමේ උදවිය බලයි මුවින් මුව රහසේම, කුමක් කියමී මේ ගැන තව මමත් රකිනවා මුනිවත !!!!!
✍️Nilushi Nisansala✍️ 6 years ago 307 4 3
හැකිනම් කඳුලින් දියකර හරිනට, පළමු පෙමක සටහන් මා හැඩු තරමට නුඹ සිහිනොවෙවී යළි කිසිදින මටනම් , නුඹට හැකි නමුදු , මෙමට නොහැකි ඇයි ? සොයමී අද ද මම නම්, සමුගත් දා සිට නාදුනනා ලෙස නුඹ ගියේ අහක බලන්, වෙන දෑතක බැදි නුඹේ දෑගිලිවල පැටලි නොමැති නමුත් දිනක් ඒවී යැයි සිහින මැවුවා මම නුඹටත් හොර රහසින් !!!!!
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps