Damitha Deshan 7 years ago 240 4 1
නුඹ මාත් එක්ක ගොතපු හීන හැකිනම් දෙනවා ඔහුට මුදලට අස්වැසිල්ලක් කරගන්න නුඹව අමතක කරන්න...
පැතුමි වත්සලා 7 years ago 283 2 0
tharushi
IVON SILVA 7 years ago 308 2 0
නුඹට නුඹේ ප්‍රේමය ගැන පතන්නට ඇති පැතුමන් එමට ආත්මයම සුවපත් කල නුඹ සිරගත කරන්නට බැහැ මට දෙවියන් ඉදිරියේ තවත් මොනා ඉල්ලුවත් මැණික නුඹ ....., නුඹ වෙනුවෙන් නොදෙන්නට කියා දෙයක් ඇත්තේම නෑ මට
අනුත්තරා කොඩිකාර 7 years ago 253 5 0
ඇතැම් මල් බිම වැටෙන්නේ පරවීමටත් පෙර ය..ඇතැම් ආදර කතාවෝ ද එසේම ය...විකසිත වී නිමේෂයකින් පතිත වන මුත් මුකුලිත නොවන්නේ ය..............සදා නොවෙනස්වන ස්නේහනයක සහ යටගියවක මිහිරියාවක මතකයක සුවද තවරා පපු කැව්තු තුළ නිහඩවම සැතපෙන්නේ ය...
Ahinsa Pehesarani 7 years ago 277 6 1
සද මඩල ගිනිබත් වී සොදුර නුබ නැතිව සද දෙවොල පාළු වී සද කුමරු නුබ නැතිව සද කුමරි ඉකිබිදමි නුබේ මතක සිහි වන විට ඇවිත් යනවද නුබ එක පාරක් හිනහෙන්න සද කුමරිට
Sandu U Nanayakkara 7 years ago 387 2 0
ජේසුනේ, බුදුනේ, මගේ දේශය රැකදේවා!
Sandu U Nanayakkara 7 years ago 338 3 7
කව් ගී මොටද ඇගේ උනුසුම ඇත නිම්මා පෙව් කිරි වලට ණය ගෙවන්න බෑ අම්මා හුරතල් කතා කියමින් දැඩි කළ අම්මා දිවි ඇති තුරා කරනෙමි පෙම් මගෙ අම්මා සිඟිති දෙපා පොඩි හිමිහිට අත ගෑ අම්මා මගේ සුදුමැණික කෝ යැයි සෙව්වා අම්මා නිරතුරු ස්නේහයෙන් මා සැනසෙව් අම්මා හැමදා වදින්නෙම් මගෙ ලොව සඳ අම්මා සැර වැර කලත් සුළු මොහොතින් ඔබ නිහඬයි මා ලොව සවිය ඔබමයි උණුසුම පහස ඔබයි නැත වෙනතක් ඔබමයි මගේ සතුට එයයි අම්මේ ඔබයි මගෙ ලොව මිණි පහණ ඔබයි පතන පතනා හැම පැතුමම ඉටු වේවා! සසර කම් සිඳී සියොලඟ බැබලේවා! නිදුකින් පීරී ඔබෙ මුව රඳ වැජඹේවා! මගේ මෑණියන් හට ආයුෂ වැඩි වේවා! සුබ උපන්දිනයක් වේවා අම්මා!
Subhashini Thilakarathne 7 years ago 281 12 2
අාදරේ ලැබෙනකොට මටත් අාසයි අාදරේ විඳින්න තව ටිකක් හිතනකොට... අැති දෙයක් නෑ නේද..? මොනවා නම් ලබන්නද.. රාගයෙන් හිත පෙලා ප්‍රේමයයි හඬ නගා වෙන්ව යන ටික කලට... කුමට එ් ප්‍රේමය... අාදරේ අයිතිය දෙහදකට විතරද.. අාදරේ කරමු අපි අසීමිත ලොවකට...
Subhashini Thilakarathne 7 years ago 303 4 2
විටෙක දිවයමි... සෙමින් මා අැවිදයමි.. විඩාබර වූ දෙපා රිදෙන තුරු අැවිද යමි.... අැරුතක් නොම අැතත් ගමන් මලු මහ ගොඩක් නවතින්න නෑ ඉඩක් අැවිද යමි හැකි තාක්.... නුඹෙ ගමන අහවරයි.. මොර ගසයි රළු හඬක්... නැවතුනෙමි...මදක් සියල්ලම හැර දමා යා යුතුව අැත මමත්.....
Subhashini Thilakarathne 7 years ago 282 8 1
නිවා සනසනු වස් අයාලේ ගිය සිත... නිමා කරන්නට ගෙවා අා සසරම දුකක් යැයි ඔබ අත්හල සියල්ලක් මා පොදි බැඳ අා දුර කතර මැද නිමාවයි...මේ නික්ම යන්නට භවයෙන් කාලයයි මේ....
Vishwa Ranganath 7 years ago 265 4 2
මේ සුවිසල් අහස් ගවුව යට ග්‍රීශ්ම සුලගට වියැලෙණ මනු ජීවිත ඇවිලී යයී තව දුරටත් කෙලෙස් මතින් සංසාර ගමන දිගු කරගන්න ඕනෑකමින් -විශ්-
Withanage DCS 7 years ago 276 2 0
හිරු දෙවු කුමරුනි සමාවන්න දහස්වරක් කෝ අද අපි අපේ ගෙදර.... කවුරුත් නැත පාලුයි. නොමනාපෙන් නොව ඔබ වඩිනා මගුලට... මංගල කිරිබත පිසෙනා එ් සුබ නැකතට .... අම්මාගෙ රසමසවුළු අම්මගේ ම අතින් අරන් ..... කවා ගන්න ආසාවෙන් ගෙදර හිටපු දෙටු දෙපුතුන් නැත අද ළඟ පාතකවත් ... ඈත එපිට උන් රාජකාරියේ. නියැලී ඉසුඹක් නැතිවම.. කොවුලනි අසනුව මා අඹ ගහ මුදුනේ හිඳ දරුවන්ගේ අම්මා සනසනු සේ ගයනුව ගීයක් රස තනිකම නැති වන.. පිය තෙම බැහැරව ඇත... නිවසින් විදෙසින් ආ සැරිසරුවන් හා රබන් සුරල් මැද....බක්මහැ රජරට සරමින් රජදරුවන් ගෙ දස්කම් කළ කම් වැවුපෙළ මහසිඳු පරයන... දාගප් ඈ අහස සිපින ඇස් අරවා පුදුමය දනවන..ඒ දන විස්මිත කරවන ..දැනුම දෙවන සේවය පිණිසයි රට...නැගුමට අද නැත හසරක් මේ කලැ අවුරුදු සිරිතට...වත් ඉන්නට අපි හැම පවුලේ මාපිය දරුවන් රොක්වී එකවිට හිඳි සේ එදවස....අතීතයේ කාලය වෙනස් වෙලා. ඇත... අපි තව වැඩිමහලුවෙලා. දරුවන් ඈත්වෙලා. හැම දේ වෙනස් වෙලා..
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps