Tiger Tiger 4 years ago 298 0 0
Tiger
සචී..... 4 years ago 386 2 2
රෝස කුසුමට මුවා වී හුන් පිච්ච මල දුටුවේ නෑ නුබ.... නුබේ රශ්මිය ලබා ගන්නට වැදුනා සටනක රෝස කුසුමත් සමග හැම දින..... කොනකවත් නෑ කහට නුබ කෙරේ මගේ හද තුල ඇති වුනේ .... පරවුනා මම මෙලෙස අද දින රෝස කුසුමට මුවා වී මම.... නැගුවේ මේ හඩ පිච්ච මල මම.... සචී.......
Withanage DCS 4 years ago 395 1 2
නිල් කඳු මතින් පායන සුදු සඳවතිය දැල්වෙන පහන මගෙ පැලෙ එළියක් වෙතිය විල් මැද සුපිපි. මුදු. කුසුමය සියපතිය මල් ගී ගයා. හද සනහන. රසවතිය නිල් වන් දිගු රැල්ල වරළස මනා වට රැල් හසරැඳුන. සඳවත මුව පිනා තුට විල් හස කැකුළු තන නැලවෙන විලාසෙට මල් කැකූළක් නැඟෙයි මා හද ගැබේ සිට දුටු සතුටූ මලක් විළසට. පිපී. එන රතු තෙත් ලවන් හසරැල් දී පිරී ගෙන නෙතූ අග බැළුම් දෙන හී සැර විඳී මෙන සතුටින් ඉමි සිහින ජය ගනු සිතීමෙන තොරතුරු නැඟණියගෙ ගම රට එම වසන සස්වාමිකද නැත යන බව අසාගෙන බණවා දෙමාපිය වුව අවසරය. ගෙන නුඹ මට දිනත හැකි නම් තව ඉනා මොන
සචී..... 4 years ago 334 2 3
තෝරා ගතිමි මම ලොව දිනිය හැකි එකම මාවත ගමන් ගනිමි මම නොපසුබස්නා සවිය අතැතිව දුටුවා මම ඉදිරියෙහි ඇති ගිරි ශිඛර පෙළ අද පතමි මම ගුරු මාපිය පිහිට අද දින කෙසේ හෝ මම ළගාවෙමි හෙට මාවතේ ඇති සොදුරු පියසට...❤️ සචී......
නදී ..✍???? 4 years ago 476 4 4
රත් - රුදිර බිදු සුවද තවරා පිදූ සෙනෙහස නාමයෙන් හිත් - අහස මත පායාපු ලළිඳු, නිවා සැනසුව ආලයෙන් විත් - රිදුම් දුන් හිතෙහි කැකරූ සීත ලතැවුල් හෙමිහෙමින් ලත් - තැනින් සිත් සුවය සැදුවා, රිදී නුඹමිණි රශ්මියෙන් සියැසි - අද්දැකි ජීවිතේ ගැන කියාදුන් දෙවි කෙනෙක්වූ මියැසි - කවියක මුල් තනුව නුඹ දිවිමගේ හමුවුනාවූ නිවැසි - අරණට එළිය කැන්දන පහන් වැටකින් එකක්වූ සියැසි - දිවියේ ඔටුනු නොපැලදි නුඹයි දිවියේ නිරිදුවූ සිහින - මවලා අපේ දිවි ගැන අදුරු කුටියක හෙලු සුසුමක් සිතන - තරමට බරවැඩියි මට, තාත්තේ නුඹ සේනෙහෙ ගඟුලක් පතන - පැතුමක අපේ ලෝකය සුවද වෙන්නට බොහෝ සිතුමක් වචන - ගලපනු බෑ, ලියන්නට පද නුබේ ගුණකද මහමෙරක් අචල - දාරක සෙනෙහෙ හංගා වැටෙන විට අත්වැට වෙලා පතල - වන්නට ලොවක් අභියස පවුරසේ නුඹ, සිටිය රැකලා නිසල - ගුණදම් වඩන්නට මග පෙන්වමින් දිරියදී සවිමත් කලා සිසිල - ඒ ගුණ බලෙන් දිඝාසිරි පැතුම්... තාත්තේ, මම එක්කලා නදී ..✍️
චතුරංගි හර්ශිකා 4 years ago 544 6 5
තුමුල ගිරි හෙල් එකළු කරමින් පෑයු සඳවත ඒ නුඹයි අරුණ සනහන සොඳුරු රැස් ගෙන ලොවට වැඩි හිරු මල නුඹයි... නෙතග කඳුලක් වෙලා හෙමිහිට කඩා හැලෙනා පෙම නුඹයි වසර ගණනක එකම එක මග දුටුව දෙව් රුව ඒ නුඹයි... සෙනෙහෙ කැටිකොට වචන අතරේ පද බඳින්නට නොදන්නෙමි මම නැණස පාදනු රිසින් නුඹ කළ මහඟු මෙහෙවර වටියි සදහට... හද අරණ මත පිපුණු සුවඳැති මලක් සේ නුඹෙ මතක ගොනුකොට ඉදිරි දිවියට පතමි ආසිරි දහස් සිසු නෙත පුබුදුවන්නට... දිවියෙ හමුවන අනෙක ලතැවුල් නුඹෙන් ඈතට ඉගිලුනාවේ සතුට සැනසුම සිනහ පමණක් නුඹේ සිත ළඟ නැවතුනාවේ... දිනෙක දිවි මග කෙලවරක මුව සිනා පියුමක් සුපිපුණාවේ සදාදර ගුරු පියාණෙනි ඔබෙ සියලු පැතුමන් ඉටුවුණාවේ... චතූ ✍️
චතුරංගි හර්ශිකා 4 years ago 407 3 2
රැයක මැදියම අවුලුවාගෙන නුඹේ මතකය නොනැගිටින තුරු සිතක ඉහිරුණු අනෙක ලතැවුල් මහ පොළොව මත විසිරුවන තුරු පුරුදු මග තොට පුරුදු හිස්කම සදා තනියට ළග රැඳෙන තුරු මමත් මගෙ හදවතත් නුඹෙමයි ආයෙමත් නුඹ ඇවිත් යනතුරු පැතුම් අහසක් උසට එක් කොට දිනෙන් දින මම කල් මරන තුරු හදිස්සියකින් වැටුණු කඳුලක් රහසේම සඟවා ගන්න තුරු හිතේ ගැඹුරුම තැනක නුඹ ගැන තදින් ඇඳි රූ මැකී යන තුරු බලා ඉන්නම් හෙටත් පෙරසේ අපේ මතකය මියැදෙනා තුරු චතූ ✍️
Nimali Champika 4 years ago 303 1 1
ඉර බසින සැන්දෑවක එලිය දුටු නුඹේ දෑස දැකගන්නට උන්නු හැටි මතකෙට නැගෙනවා පිනි වැටෙන හිමිදිරියේ චූටි දුවගේ සිනා මුව දිස් උනම මගේ දිවිය සැනසුමෙන් පිරෙනවා සුරතලෙන් ආදරෙන දගකරනා ඔබේ වත නුඹයි රන් මිණි පහන මට එහෙම හිතෙනවා යෞවන ඒදෙස පා තබා පිය නගන හෙට දවස දහසකුත් ප්රාර්ථනා දුවේ මං පතනවා නිමලි.
Nimali Champika 4 years ago 273 1 0
නිලක්ශ මගේ පුතු මගෙම ලොකු පුතු අද වගෙ දිනකදි ඉපදුනු මගෙ පුතු මගෙ ලොවෙ සදු ඔබයි මගෙම රන් පුත දෙවු විමනෙන් ආ සුර කුමරෙකි නුබ නුබ මගෙ ප්රානයයි නුබ මගෙ ජිවයයි රටට හිත අති හොද දරුවෙකු වෙයි පුතු නිමලි
Nimali Champika 4 years ago 263 1 0
කුසට ආව ද සිට නුබ පරමි දම් පිරු ඇසල මහේ උදාසනක නුබ මා අත දැරූ කිරි සිනව සමගින් මුලු නිවසම පහන් කෙරු මේ කවි පද ලිව්වේ නුබටයි මගේ තරු නිමාලි
Pasindu Bimash 4 years ago 361 0 0
ඔයාට
Waruni Kanchana 4 years ago 354 1 1
කදුළු ඇස් වල පිරෙන තරමට අදුර ඉකි බිද හඩනවා සොදුරු සිහිනෙට සුසුම් සුවදට තාම මගේ හිත රිදෙනවා හිතට ලග නැති රත්තරන් ඇස් හීනෙනුත් මට පේනෙනවා චන්නකින්නර අසරණිය මම හඩනවා තව හඩනවා
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps