Withanage DCS 4 years ago 334 1 1
සැළලිහිණි ගමන'තර මඳ නැවතුමෙහි දුටු එ ගඟ අසබඩ ලවැළි මත හිඳි නා මෙනෙවියන් මනහර මිණි වෙණ සුසර කළ නියගින අනන්තවු බුදු ගුණ ද ගයමින දැල්වූ සුවඳ කූරු දුමාරය විඳ දිලෙන තෙල් පහන් එළියෙ සොඳ සුරතෙ දැරු මල් ඈ පඬුරු පුද අනත වූ බුදුගුණ ගී පිරිත් හඬ ඇසෙත තැන තැන සරින සුමිහිරි දරා හිසමත දුක් කම්කටොලු බර දහසකුත් එක් සොයා යන පිළිතූර වෙහෙර බෝ මළු ද පැදකුණු කර එබූ සුවහසක් නිරාවරිත පා සටහන් මැකි මැකී යළි යළිදු පා සිඹ මතුවෙන නේක රූ රටා වැලිමළුව මත මවමින ඉපිද ,පැවත, නැසෙන දහම පවසන මුනිඳුනගෙ බස් නොම තකා ගෙන යැද සරණ හිරුසඳු ග්‍රහ මඬුලු දෙව්ගණ දහසක් පහන් එළි මැද වුව පහන් නොකෙරෙන අඳ දන මෝහාඳුරක මංමුලා ව වල්මත් වුණ නා රජුන් රජ කළ රජදහනක "අසිරිමත් යුගයක එළඹුම" කියා ගෙන ගඟ දෙබෑ කර ආ නා දූතයන් කොකා කෝලා බඳුනෙ සිරවිණ.
Withanage DCS 4 years ago 260 0 1
තවත් යශෝධරා පවතක් .. යශෝදරවන් කෙනෙක් විය මම සොඳුරු ඒ හරවත් නමින් දරුවෙකුත් මගෙ කුසට දී හිමි හැර ගියා ඉරණම වෙමින් දැරිවියක් හිමි මවක් ලෙස ඉමි තනි අතට දිවි බර ගමින් පුංචි ගෙයි ඉඳ උදවු දෙයි තව "හිමි අහිමි" මගෙ මවු තුමින් හැර දමා ගිය ම හිමි ගැන හෝ සිතලා නොවෙ මම මෙය කළේ වේල හැර තව වේල පිරි මහ ගත්තෙ මගෙ නැති බැරි වෙලේ මතට පෙම් කළ සලෙල පෙම්වත මගෙ සිහින සැම කුඩු කළේ පතා නොසිටිමි ගව්වෙ ගව්වට අව්වෙ රස් අඩු කිසි කලේ සඳ කිඳුරි වී නතුව බඹදත් රුදුරු රජ හී සර වැදී නොලදි වරමක් අග බිසෝ කමෙ මම් ම මගෙ කරුමය විඳී මතට හුරුවුන මගේ පියතුම මඳ වයස් විඳ දිවිය දී මගෙ අම්මත් මා ලෙසින් අද හිමියා නැති තනිකම විඳී විෂම වු නව තරුණ ලොව අද නපුරු මත් අඳුරෙහි වැදී මගෙ මිනිහ වගෙ කපට සලෙලූ පෙම් වතුන් තව ලොව හිඳී අධම මිනිසුන් ලබන්නට මටනොවෙත්වා යළි බවයෙදී දුකම හිමි තව යශෝධරයන් නොවේවා බිහි දිනකදී
නදී ..✍???? 4 years ago 370 2 1
පටන් ගන්න ,අලුත්ම තාලෙකට දුරුත්තේ පළමුදා අහස් ගව්වට එහා මවපු හීනෙකට විතරක් සීමාවූ ලියපු සටහන් පිටුව... පුටු රත් කරන් ටීවි එක ලග කරබාගෙන බලා උන්නු ගෙදර කවුරුත් එකතුවෙලා හැබැයි සතුටින්ම සමරාපු අප්‍රේල් 14දා අවුරුද්ද ... මාස ගානක් බලන් උන්නු අවුරුදු ගාණක මහන්සිය උ.පෙ ප්‍රතිපල දුන්නු වෙසක් මහ 4 වෙනි දවස... විතරක්ම ලියවෙච්ච හිස් බවක් පැතිරිච්ච වැඩ හුගක් පහුවෙච්ච හීන ගොඩක් මග හැරිච්ච 2021 අවුරුද්ද ... මේ හැම දේටම, නිහඩ සාක්කිය පිටු 362 ක් හිස්වෙච්ච 21 ඩයිරි පොත ...????????️ නදී ..✍️
shashi 4 years ago 341 1 1
දරා සිතුවිලි නිමා කරමින් ප්‍රේමයෙන් බැදි ඒ යුගේ පුරා සරමින් රැයේ සිහිනෙක සිතින් අත් හල අප සෙනේ සිතා අහිමිව දුර ගියත් නුබ සදා හිනැහී මතකයේ නුරා අවපස සදත් ගොලුවුනි දරනු බැරි තැන පෙම ළයේ... එදා සිත් බැදි මායාව කිම හදේ දොරටුව විවර වූ කදුල ගෙනවිත් මගෙන් සැගවූ සිනා කොතැනද නතර වූ ගෙනා සියපත ප්‍රේමයෙන් නුබ මිලින වී දස අත සෙවූ නිදා වැටුනිද නුබේ ගීතය අසම්මත තනුවක ගැයූ... ශෂී
සචී..... 4 years ago 316 2 2
නොදනිමි ඒ තැන නොදනිමි ඒ හෝරාව නොදනිමි ඒ දිනය නමුත් දනිමි ඒ හැගුම "ආදරයම" බව
සචී..... 4 years ago 276 3 3
සුදු අයියා වෙතට, නුබේ පහසට පෙම් කලා මං පැතුවෙ මගෙ නුබ වෙන් කියා..... හිතුවේ නෑ මං නුබේ හද අද වෙනකෙකුට දී ඇති කියා..... ලොවේ හැම සැම දකියි මා අද සොදුරු යුවලක් අතර පැමිනුනු දුශ්ට තුන් වෙනියෙක් විලසින...... මෙලෙස මහමෙර තරම් දුක්ගිනි ඉවසන්න බෑ තව මට ලිව්වේ මං මේ කවිය ඔබ හට පවසන්න මගේ ආලය... එපා මං ගිය පසුත් ගරහන්නට නපුරු මායාකාරියකට ලෙස කිසිදු දිනක සිතුවේ නෑ මං මගේ ඉරණම මෙලෙස වෙයි කියා ආදරෙයි මං අම්මේ තාත්තේ සමාවෙන්න මට මගේ වරදට.... ආදරෙයි මං ඒ හැගීමට මගේ හද තුල ඇති වූ ප්‍රේමෙට❤️ සචී.....
චතුරංගි හර්ශිකා 4 years ago 478 3 5
නුඹ ක්‍රිෂ්ණා වගේ දඩබ්බරව ඇස් අස්සටම එබෙනකොට රළු ග්‍රීස්මයේ රතු අහස තරම් රතක් ඇස්වල දකිනකොට දුර ඈත හිමයක මොහොතකට නවතා පැමිණි කතාවක තව එක පරිච්ඡේදයක් ලියන්න ආවද කියලා හිතුනා මේ භවයේ අග කහ පාට ගාපු මැයි මල් යායම පීරගෙන හීතලට නුපුරුදු හුළං රැලක් හෙමි හෙමිහිට කෙහෙරැළි අතර දැවටෙනකොට කෝවිල අද්දරම හැමදාම නෙතගට මුණ ගැසෙන්නටම එන ආගන්තුක දෑත තවරාවිද හිතුනා දිනෙක නලලතේ රත මගෙ සිංහල වචන නුහුරු නුපුරුදු නුඹ හරි ලස්සනට ඇදට ඇදට වුණත් සිංහලෙන්ම උත්තර බඳිනකොට අපි අතරේ තිබුණු එක් කරන්න බැරි පරතරයට දැනුනා අපූරු පාලමක් නුඹ තනන්නට සැරසෙන වග සුදු වේට්ටියේ මුහු වෙච්ච හීන් කපුරු සුවඳ නාස් පුඩු අග්ගිස්සට අළු තැවරූ නලලත රැදුණු බර බැල්ම හදිස්සියට හදවත කොණකවත් තියාගන්න බැරි තරම් දුරක උන්නු ඔය රුව නුඹ මට හොරෙන්ම හිත් අහස මත සායම් කරන අපූරුව චතූ ✍️
සජී 4 years ago 331 3 3
ඈත සිතිජයේ නුඹේ රුව මට පිවිතුරුය දුටු සෑම මොහොතෙම දහස් තරු මත දිලී සැනසෙන ප්‍රේම සිත්තම මගේ හද තුළ........ අමාවක දින නැතත් නුඹෙ රුව සොයයි මා කළු වළා ගැබ තුළ සැඟව ඇති දැයි නුඹෙ පිළිරුව සිතලුවක් මා හදේ යා වෙන...... ගතින් දුර නුඹෙ රූ දසුන මට සිතින් විදිනෙමි රෑ පුරා මම තරු නැතත් වැහි අඳුර දවසට මම හිඳී නුඹ ලඟින් හැම දින....... උදයේ පිපෙනා දහස් මල් තුළ මමත් නොපිපී සැඟව යමි හැම නුඹේ රුව දැක බලා ගන්නට පිපෙයි නුඹගේ සඳ කිරණ මත...... දුවලා එන්නට බැරි ඉමක නුඹ සැමදා හිනහී පායා ඇති සද සුවඳ විහිදා පිපී මා සැඟව උදයේ ගිලිහී වැටී යමි මම......... නොලැබුනත් සඳ මඬලේ රැදෙනට දිනක් නාවත් මාව බලනට තරුට පෙම් බැඳ සැනසුනත් නුඹ නුඹේ සෙවණේ පිපෙමි සැම දින........ සඳුට ලියමි!!!✍️ -✍️සජී✍️-
සචී..... 4 years ago 404 3 2
අහිංසකාවියේ, සිනිදු කෙහෙරැලි නුබේ කමලෙහි දග කරයි පොඩි එවුන් විලසට...... ඇයිද නොදනිමි සිතුනි මට පවන සමගත් පොර බදින්නට..... සිනිදු ගල් පරයකට වී බලා හිදින්නේ ඇයිද මෙලෙසට අහස් තලයත් පොලෝ තලයත් එක් කරන්නටද ඔබේ අදහස...... නෙත් යුගින් ගැලූ කදුලක් පිස දමයි සුදු අත් දෙකින් ඔබ ඇයිද මෙලෙසට හඩන්නේ අද මගේ අහිංසකාවියයි නුබ....... මා බලා සිටි බව හැගිලද ඇයිද යන්නේ මෙලෙස මා හැර නුබේ රුව මා සොයයි සැම තැන පැමින ඒ ගල් තලයටම අද ම හද නොදනී අහිංසකාවියේ ඇති විය හැකිද පෙමක් මෙලෙසට....... සචී.....
Premudi Chanchala 4 years ago 324 6 2
නොලැබෙන සේනිහසකට ඇඩුවා මං මහා මෙරක්... නොලැබෙන පහසකට යන්න දැගැලුවා මහා ගොඩක් .... නොදැකපු සේනිහස දැක්ක මං එක කලක්... එය සොයාගෙන ආව මං එක දිනක්... කල්පයක් බලන් ඉදියා මා ඔබ වෙනුවෙන් ඉතින් ... එලක් නෑ ඒ කිසි දෙයින් තවත්... සිතක් නෑ මට ආපහු කරන්න පෙමක්... නුබත් අන්සතු මලක්... මමත් තනි උණු ලදක්... කියන්නම් එක දෙයක්... නුබ නොලැබෙනවා කියා දැන දැනත් කරා ඔබට ආදරේ තව තවත්... යදිමි ඔබේ අලුත් පෙම් වතියගෙන් එක දෙකක්.. දෙන්න එපා ඔහුට දුකක්.. ඔහු මගේ පණ තරම්... හොයන්න එපා මා ගෙන නුබ ඉතින් තවත්.. මගේ අදුරු ලොව තනි වෙන්නම් මම යලිත්... තරහක් නෑ මගේ හිතේ ඔබ ගෙන තවත්... යන්න දෙදෙනා අත් බැදන් ලොකු දුරක්.... දැත් එකතු කර පතමි දෙයක් සුබ සිරි වේවා ඔබ දෙපලට තව තවත්... ඔබේ අතීත ආදර වෙලා බලා සැන සෙන්නම් ඔබ දිහා දුර ඉදන්... මම ඔබට ආදරේ මහා ගොඩක්....
Sadee ✍️ 4 years ago 298 1 2
බලන්නට එපා නුබ මල්ලියේ අහස පිච්චෙනව සාගින්න කෑගහපු දෑස දුවිල්ල නිවයි නම් බඩගින්නෙ වෙහෙස ඉස්මරැතු හැදිල අපි පහුකරපු මාස ලිව්ව මන් රචනයක් බඩගින්නෙ හානි තේමාව කුනු බක්කි බුදුවෙන්න ඕනි කුස ගින්න නිවනකොට පොඩි පාන් වාටි හිනාවක් නක්කලෙන් දැම්ම බුරියානි හම්බුනොත් ටවුමකින් කමිසයක් පොඩියට පින්දීල පතන්නලු ගන්දබ්බ යුගයට හය හතර දන්නෙ නැති අපේ පින් අරගෙන මැරැණ අය චුතවුනා විලි සංගෙ වහගෙන හුරැ නේද මල්ලියේ අම්ම නැති සං කාව ඒ වුනත් කවුරැහරි අඩුයි තව අපි ගාව හැමදාම කලුවරට එලිය දෙන හද පාන පෙන්නුවා අර තමයි අප්පච්චි හැම දාම අත්දෙකෙන් වහගනින් ඇස් දෙකට පෙනෙන ඉල්ලුවත් විකිණෙනව කොලබ වැහි අකුණ """ උරාපන් බලාගෙන ඇගිල්ලක් දකුණ""" """බඩගින්න නිවනවා නම් නෙළුම් කුළුණ""" Sj✍️
Premudi Chanchala 4 years ago 327 2 2
කියමි ගීයක් මුළු ලොවම නිසල කර ලැබුනි පෙමක් මගේ ලොවම අදුරු කර කියා ගන්න ට බැරි දෙතොලග දග කරපු ඒක පදයක් ඇත තවමත් ගොළු වෙලා දැනෙන දේ මහා මෙරක් නැගෙන ආදරේ සත්තයක් ඔබ නොමැත මගේ ජිවිතේ කරුමයක් ඔබ ලැබුණු දින මට හිමිය ආදරේ උරුමයක් සගවන්නේ නෑ තවත් එක් සප්නයක් ගොළු වෙන්නේ නෑ තව එක් වාරයක් කියමු මගේ ආදරේ සිය දහස් වාරයක්
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps