Anuhas Siriwardana 4 years ago 379 4 1
සංසාර පුරුද්දට මගේ ළග තනි රකින ඇත් කුලේ දිරිය ගෙන තනයි අපෙ ජීවිතය අනෙක් හැම සෙනෙහසම පරදවන ලොව එකම අම්මා නම් නුඹයි මගෙ මුලු ලොව එළිය කළ .. මම : අනුහස් සිරිවර්ධන
නදී ..✍???? 4 years ago 421 6 4
ඉඩෝරය හුරු හදවතට යංතං වසන්තේ ඉගි බිගි කරන්.... සදසාවි හිත තනි මකන්නට කුමරු සිත හොරකන් කරන්.... සිතුම් පුවරුව මැද්දෙ හැමදා කවියකින් හැගුමන් ගොතන්.... පෙමක් තිබුනා අතින් නොඇලූ හිතින් පණ මෙන් ලං කරන්.... සිතේ ලියවුනු හැගුම් එකිනෙක පෑන් තුඩකින් කවි කලා.... කවුද කවරෙකුදැයි නොදැන නුබෙ හදවතට මම් පෙම් කලා.... මගේ හද රිද්මෙට සමයි නුබේ රිද්මෙත් නුබේ දෑතින් ලියවිලා... නුබෙන් පිලිතුරු කවක් අභියස මගේ නෙත් දෙක තෙත්කලා.... ගලාගිය සීතලම දිය පොද මත් කරන් මීවිත ලෙස.... දිනෙන් දින ලං වෙනා හදවත් කුමට නොදැකින් මේ ලෙස.... දිනක් දාගෙන මුනගැහෙන්නට හුස්ම වැදෙනා ලග ඉද... හීන දැක්කා වැඩිද මන්දා නොදැන පෙමට වස් දොස් වැදේද.... පෑරෙනා හදවතට තබා හිස්තැන් නුබේ සවනට ඇය නොකී කතාවක්.... මමත් නුබත් මැද්දට ඇයත් පැමිනි බැව් ලොවෙන්ම සගවාපු රහසක්.... මහ සයුර වෙත කදුලු දියකල නොවැම්බරේ එදත් අද වගෙ දවසක්.... අහම්බෙන් හැමු චන්ඩ සුලගට පණ ගැහි ගැහී මිහිදන් වුනිය ප්‍රේමයක්.... "අඩන්නට දැං කදුලු අමතක , මටත් තිබුනා පන්හිදක ප්‍රේමයක්....." මම, නදී..✍️
රෂ් 4 years ago 389 3 1
ලොවම නිදනා යාමයේ සුවද විහිදන රාත්‍රියේ අදුරේම පිපි අදුරේම පරව යන සේපාලිකා මලක්දො මා හිනා වෙන්න හිතුවත් කදුලු ඔච්චම් කරයි නොදැනීම නුබ නොයෙන බව දැනත් මගබලයි හොරහින්ම, ආදරේ මේ තරම්ම දුකක් බව දැනුන් නැහැ කිසිදාක ලන් වෙලා නොසිටියත් ඔබ ඉන්න හිනහීම,ආදරෙයි හැමදාම, රෂ් ඔයාගේ අදහස් මට කියන්න whatsapp 0758193981
රෂ් 4 years ago 329 4 1
හිත ගාව නිදි වරපු, හීන අද බොඳ වෙලා... දෙතොලතර දඟ කරපු, වදන් අද තරහ වෙලා... සවන්, නුබේ හඩ නැතුව, පාළුවට ගුලි වෙලා... එත් නුබ තනි රැකපු, හිත තවම නුඹෙ වෙලා. රෂ් whatsapp - 0758193981
සජී 4 years ago 428 2 3
බොඳ වෙච්ච පිටු අතර ඉකි බිඳින සිත් හසර ලඟ උන්න නුඹ මගෙම සෙවණැල්ල වී ලඟම...... සඳ මඩලෙ තනි මැකුව තරු රෑන මා අසල නෑ හිටියේ හැමදාම ලැබ දෙන්න හද සුවය..... රැළි ගැසුව සත් සයුර සරසන්න ලඟ හිටිය සන්ධ්‍යාවේ හිරු එළිය නෑ පෑවේ මා ගාව...... සිඹ පොළව සැනසෙන්න දින ගෙවෙන හැම දිනය මඟ නොහැර හැමදාම තනි මැකුවේ නුඹ අහස..... මා සිතට සැනසෙන්න හද අරණේ තනිවෙන්න දුක් කඳුලු පිසලන්න නෑ ආවේ කවුරුත්ම..... අත් නොහැර හැමදාම සිත සමඟ දොඩවන්න මගෙ සිතට මුසු වූව නුඹ නේද මගෙ සවිය °°තනිකම.....°° - ✍️සජී✍️ -
Ahinsa Dulanjali 4 years ago 298 0 0
රගන්නියකි මා සහෘද හද තුළ ලැගුම් ගත් රසවින්දනය පමණක්ම ඔවුන්ට ලබා දුන් ජනප්‍රිය තරුවකි ජනයාගේ ප්‍රිය අහසේ රැදුනු රාත්‍රිය වුවද දහවල වුවද කම් නැත මට උපයමි මා ජනයාගේ හද විල නොසිතූ එක් නිමේෂයකි කෙදිනකවත් නොසිතූ ලෙස අහසින් වැටුණු තරුවක් මෙන් මා කඩා වැටුණි අද පොළොව තුළ වැටුනත් තරු කැටය නරයන්ට හසු නොවන්න කාම ලොව තුළ දැවෙන නොදනිමි මා සමාජ ජාල තුළ නොසන්සුන් පුවතට මටත් අදහා ගන්නට නොහැකී වු එදා මට ආදරය කල රසිකයන් අද කට කොනින් සීනාසෙමින් හිද මා නිරුවත ගැන මට වඩා හොදට කතාවෙනු ඇසුණි මට මා නොවෙමි කියා කැගැසුවත් මගේ නොවු නිරුවත මගේ කියා කෑගසයී ....ඔබ ගායිකාවක් පමණක් වු මට ගණිකාවක් ලෙස අද දුන්නා මගේ රසිකයෝ සම්මාන පිට සම්මාන ....... අහිංසා .
Premudi Chanchala 4 years ago 334 0 0
මම ඔබට ආදරේ රත්තරන් කියා ගන්න බැරි තරම් එත් අපේ ආදරේ අසම්මතයි හිතේ තියනවා ඔයාගේ ලගට ඇවිත් ලං වෙන්න එත් නොලැබෙනව කියලා දැන දැන කොහොමද රත්තරන් මන් ඔයාට ලං වෙන්නේ මට පුළුවන් ඔයා ගේ මතක එක්ක තනි වෙන්න එත් මට බැ නොලැබෙන දෙයකට ලං වෙන්න මට බැ පිච්චෙන්න ????????
Premudi Chanchala 4 years ago 368 0 0
මන්දාරම් වැහි පොද වැටෙන සීතලේ නිල් සයුර සේ ඔබ අවා ඔබෙන් ලද උණුසුමට මගේ හදවත ගිනි ගත්තා දෑස පියාගෙන ඔබේ ආදරේ මා වින්දා මල් පෙත්තක් වගේ සිනිදු මොළ කැටි ඔබේ දෙතොල් මාව සිප ගත්තා ඔබ මට අහසක් සේ දැනුනා ඔබ මාව පළමු හාදුවෙන් අනන්තයකට රැගෙන ගියා පියෙවි ලොවට එන්න පාර අමතක උනා ඔබේ ලෝකේ ඔබත් සමග මා තනි උනා හිරි පොද වැටෙන සිතල අස්සේ ඔබ තවත් ලං උනා සිතට දැනෙන මහමෙරක් තරම් සිතුවිලි කියාගන්න දෙතොල් වලට බැරි උනා එදා රෑ සද මගේ ළග නතර උනා කියා ගන්න බැරි තරම් සෙනිහසක් දැනුනා මේ ඇත්තමයි සත්තමයි රත්තරන් ඔබනම් මට සද කුමරියක් සේ පෙනුනා
Premudi Chanchala 4 years ago 299 0 0
ඔබේ රුව මාව වසග කරා ඔබේ නෙත් මාව අන්ද කරා ඔබේ පහස මාව මත් කරා ඔබේ සිත මාව වෙනස් කරා ඔබේ ආදරේ මාව උමතු කරා කාලයාගේ ඉගිල්ලිමෙන් ඔබ වෙනස් උනා ඔබ මාව මග ඇරියා ඔබ මාව රිදෙව්වා ඔබ කොහොදෝ දුර ගියා ඔබ ගියපු දුර මට එන්න බැරි උනා ඔබ වෙනස් උනා මං තනි උනා ????
Premudi Chanchala 4 years ago 348 1 0
Premudi Chanchala 4 years ago 323 0 0
පාලු මකන්න හැම රෑකම ඔබ එන්න. මගේ ළග තනියට නවතින්න. ළග ඉන්න දැවැටෙන්න මුමුනන්න මට ආදරේ. සදපානක් සේ ඔබ එන්න. ❤
Premudi Chanchala 4 years ago 355 1 0
මහා මුහුදක් සේ කෙළවරක් හොයා ගන්න බැරි තරම් ඔබ ගතින් දුරයිලු නාස් පුඩු වලින් පිටවෙන හුස්මක් තරම් සිතින්නම් ඔබ ලගයිලු කවදාදෝ ඔබ යලි එන්නේ බලන් හිටපු වාර අනන්තයිලු ඔබ යන්න කලින් දෙකපුල් තෙමා දුන් හාදුව තාම මතකයි ලූ ඔබේ මතකයි මගේ හිතයි හැම රෑකම මුමුනනවලු ඔබේ මතක එක්ක තවත් මට තනි වෙන්න හැකිලු හදවත ගොළු වෙලාලු නෙත් බොද වෙලාලු බොද වෙන කදුළු කැට දිගේ සේනිහස බිමටම වැටුනලූ මම විතරක් සයනේ තනි වෙලාලු නොයෙන නුබ වෙනුවෙන් මහා මුහුදක් සේ කදුළු සලන්නම්ලු අනේ රත්තරන් ඒක පාරක් ඇවිත් යන්න අලුත් හුස්මක් මට දීලා යන්න
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps