Premudi Chanchala 4 years ago 304 1 0
දුර ඉදන් ඔබ අවාලු මගේ හිතට දුර ඉදන් ඔබ හෙව්වලු මගේ මතක දුරකට යන්නම බැලු මා හැරදා දුර යන්න යන්න මා තවත් ඔබට ලං උනාලු කියූ දහසක් බොරු වැල් ගොතා මා රැවටුවලු අවසානයේ නොකියම නුබ හදේ දොරගුළු කඩා බිදගෙන දුරකට උනාලු මට පුරුදු තනි කමින් මා යලි තනි උනාලු
*$@n¢hi* 4 years ago 417 4 2
අදත් සොදුරු දවසක් බටහිර අහසත් රත් පැහැ වුණු මගෙ හදත් බර විඩාවක් නුඹත් නැති සැදෑවක් හිරුත් බැස යන ගිනි ගත් අහසක් මමත් දුටුවා තනි විහගකුත් කුරුලු රංචුවක් මග හැරුණු සෑදෑවත් හරි සුන්දරයි නුඹ වගේ හරි හැගුම්බරයි විටින් විට වෙනස් වී යන අරුමයයි මට නම් එය උරුම සිතුවමයි❤ ~sahini~
shashi 4 years ago 310 2 2
හද දිහා බලාගෙන කවි හුගක් මුමුනන්න අමාවක මහ රෑක තරු පොකුරු ඇහිදින්න මනමාල රෑ අහස ගගනතේ පාවෙන්න කවදාද නුබ එන්නෙ අත් බැදන් දුර යන්න සේපාලිකා සුවද වැලි පොලොවෙ ඇවිදින්න ඉනි වැටට බර වෙලා නෙත් කැලුම් විහිදන්න කදුලු පිරි දෙනයනට උරහිසේ සැතපෙන්න කවදාද නුබ එන්නෙ මගෙ හීන සනසන්න කවි ගීත පබැදුමට තනුව වී හිනැහෙන්න සැබෑවෙන් නොදුටු නුබෙ මුව මඩල සිපගන්න සිත පුරා ඉකි ගසන දුක් සුසුම් පිසලන්න කවදාද නුබ එන්නෙ ආදරෙයි පවසන්න... ශශී
Sadee ✍️ 4 years ago 329 2 2
රොබරෝසියා මල් ගහ යට මල් වැස්සක තෙමී ඉන්න... මන්දාරම් හිරි පොද මත මල් පාරෙ ඇවිද යන්න... නුබෙ අත අල්ලා ඇවිදිනකොට දැනෙනා උණුහුම මට කියන්න... හොර රහසේ නුබෙ තොල් මත පහස මෙ මට ලබා දෙන්න ... NS✍️
Sadee ✍️ 4 years ago 340 5 1
ඉඩෝරයට හුරු උනා නුඹ දුරක සිටින නිසා..... ඉවසීමට හුරු උනා නුඹ එනකන් සිටි නිසා..... ජීවිතයට හුරු උනා දුක් කදුලු ලැබූ නිසා ..... මගේ ජීවිතය ලස්සන බව තේරුනා ..... නුබේ ආදරේ මට ලැබුන නිසා.....❤ NS✍️
නදී ..✍???? 4 years ago 373 2 2
පොප්ලර් හිම තුහින ගත පුරා දැවටී හිනහෙනා ... විදින්නට හැකි නෙලන්නට බැරි දුරක ඉදිනා... බලා හිද නෙතු අගින් පෙම් සෙනෙහෙ ගන්වනා... සිහින කුමරු නුඹවම තමයි හදවතේ පොපියනා... ලං වෙන්න නම් සමනල තටු රිදුම් මැද... සැඩ සුලං බැමි බිදිනු බැහැ තවත් අද... නටුව රිදවා වෙන්කලොත් මල සබද... රැකගන්න බැහැ නටුවසේ ලගින් ඉඳ... උරුමයක් නැති කලක මලේ පෙම විද ගන්න සිත්සේ ... දුක් නොවෙමි සතුටු වෙමි ලංවුවත් තව සමනලියක රහසේ... දුරින් ඉඳ බලා සැනසෙන පෙමක් ළඟ රැදී සිත්සේ... "එඩෙල්විස් මලට" පෙම් කරමි මම ලොවටම හොර රහසේ... ❤️???? මම , නදී..✍️ *(*ප්‍රේමය යනු උරුම කර ගැනීම පමණක්ම නොවේ .)
චතුරංගි හර්ශිකා 4 years ago 435 2 2
පරණ රොඩු බොඩු කවි කතන්දර අකුරු අතරින් හැංගිලා නිතර හඬනා දෑස් අද්දර සිනාසී ඔච්චම් කරා... හීන දහසක් එළිවෙනා රෑ නින්ද අතරින් අද ඔයා ඇවිත් දුක්බර හීනයක් වී මගේ ඇස් පිය තෙත් කරා... වංගු බඩවැටි අගල් පාළම් නොදා කවියක අමුණලා හරි කෙලින් මම දුටුව හීනය ලියන්නම් කොලයක් පුරා... මගේ නොවුණට මගේ යැයි මම සිතා පෙම් කෙරු ඒ ඔයා මටත් රහසින් වෙනත් ළඳකට මගුල් මුදුවක් පැළඳුවා... හීනයක් වුව ගනදුරේ මගෙ ඇස් හැබෑවට තෙත් වුණා අපෙන් වෙන්වූ අපේ මතකය පිච්චි පිච්චී ඇවිලුණා... මගේ නොවුණට හිතින් අල්ලා මගේ කරගත් මගෙ ඔයා වෙනත් දෑතක හීනෙකින් වත් බැඳෙනු උහුලනු බැරි වෙලා... -චතූ
????️ නවෝද්‍යා දිසානායක ????️ 4 years ago 291 2 3
මල කඳ ලෙසින් ඈ එන දෙස බැලූ මට පෙනුනේ ඇගේ සුදු මුහුනම වෙලා රත..... හැඬූ බවක් වැටහෙයි දැන් කුමක් විද ඇසුවේ ඇගෙන් මගෙ මිතුරී නිසා වෙන...... මගෙ ආදර පෙම්වත දැන් වෙලා වෙනස් සිතා ගන්න බෑ ඔහු බං වෙලා දුරස් ...... කිය කිය හඬනු දුටු විට ඈ මාව බදන් හිනා ගියා මට නම් බං දොරේ ගලන්..... හිනා වෙන මගෙ මුව දෙස බලාගෙන රැවුවෙ ඇයත් ලාවට මෙන් සිනා ගෙන..... මොකද බොලන් හිනා වුනේ කියා මට ගැසුවේ ඇගේ අත්ලෙන් මට රිදෙන ලෙස..... හිනා වුනේ නම් ඔය කැත ඇඬිල්ලට අහපන් බොක්ක මං දෙන ඔවදනන් හැම..... ආදරෙ කරත් කොල්ලන් හට බදාගෙන නාඬා ඉඳින් ඕකුන් ඔය ලෙසයි බොල..... ආදරේට සීමා නැති බව නම් දනිමී නමුත් නුඹේ ප්‍රේමේ ඕනෑවටම වැඩී.... හැමදේටම සීමාවක් තියන් රිසී වැඩ කරපන් ඉස්සරහට හරිද කෙලී... ඔයලෙස ඔවදනන් දී ඈ සිත හදලා ආවේ ගෙදර ඇය හරියට හැදෙයි සිතා... පසුදින ඇගේ ඇමතුම ආ විගස මෙමා ඇහුවෙ ඇගෙන් හිත දැන් සුවපත්ද කියා... මගෙ ආදර පෙම්වත අද කතා කරා සමා ඉල්ලුවා මාගෙන් බොහෝ වෙලා ... තාම මේ හදත් ඔහු ඉල්ලනම නිසා සමා දුන්නා ඔහු හට මං සතුටු වෙලා... කියූ සැනින් ඒ ලෙස ඈ හිනා වෙලා සිතුනෙ මහට වැලලෙනු දැන් රිසියි කියා... අපරාදෙන
*$@n¢hi* 4 years ago 373 0 4
කවි පොතක කවි තිබුණා පිරෙන්න... ඒ හැම කවියේ නුඹ හිටියා නොදැනීම... මට මා අමතක වී ගියා රහසේම... පුදුමයි කාලය ගෙවිලා නොදැනීම... නුඹ වෙනස් වෙලා ඇත්තටම... ~sahini~
චතුරංගි හර්ශිකා 4 years ago 360 1 4
මතක අතුරාපු හිත් අහස් කොණක හීන තවරාපු තාරුකාවක්ද මගෙ ඇස් දෙක කාන්තිය තවරගෙන දිලෙන්නට නොහැකිවාට හීන ඇහිඳින බොරළු කැටයක් ද ඔය හිත ඔය මුවින් වචන ඇහිඳලා නුඹම ගෙතුව උපමා ඇතුලෙ කොහොමද මේ තරම් දුරස් කරලා හිතුවෙ අපි ගැන වසාගෙන නිල් දෑසම දකින හීන සක්වලම එළිවෙන අමාවක මහ කලුවරක ඇවිද යමු අපි දුර ඈත වෙන්වෙන්න පෙරම මතක හාදු කීපයක් කොපුල් මත තියන්න මට මතකෙට ගෙනියන්න හමුවෙන දවසක් ගැන එපා ඉඟියක්වත් කරන්න අහම්බෙන් හමුවෙලා අහම්බෙන් වෙන් වෙමු පුරුදු විදියටම -චතූ✍️
Chathurika Warnakulasooriya 4 years ago 371 4 5
සුසුම් වැල් සිනා කැන් නොකියාම වෙන් වීම් නොකියාම ලන් වීම් ආයෙමත් හමුවීම් පින් පිරුනු රුදු කැලෑ සෙනෙහසෙ රස නොවිදි නිරි සතුන් මරනයෙ කඩ දොරින් ජීවිතේ සොයනඋන් ගැලපීම් නොගැලපීම් මැදින් සෙනෙහසත් දයාවත් දෝත පුරවන් මං ආව මග සංසාරෙ පුරාවට..... චතූ...
*$@n¢hi* 4 years ago 433 6 9
සසර සයුරේ සැඩ මාවතේ කටු අකුළු ගමනේ නුඹ මට සවිය ගෙනේ විටෙක ඔසුවකි නමුදු විමතියකි නුඹ මා වෙහෙසීමටද, සැනසීමටද, සමත් වේ නමුත්,මම දනිමි මියෙන තුරාවට නුඹ මා ළගය මා නුඹ ළගය 'අධ්‍යාපනය' මාගේ තෝතැන්නය... ~sahini~
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps