නදී ..✍???? 4 years ago 443 3 3
පලමු පෙම ළඟ කෝඩුකාරී මැණික නිම්නාදරී...නීල නෙතු දිගු වරල සරසයි ගත නාරී...රැක්ක දැහැනින් මිදුනි දුටු රුව මනහාරී... පෙරුමන් පුරා ඇසුවෙමි වෙනවද දිවියට භාරී... හදවත හොයපු මංදාරම් එක සැදෑවක... හිස මත දිවුර සින්නක්කර පොතක... දිවියම භාරී වෙන්නට පුලුවනි මැණික... කී බැව් සිහිවෙන විටයි දුක මුව අහිංසක... දින සති ගෙවී අපි පෙම් සයුරක ගිලිලා කාලය ගෙවී යයි... දොඩමළු මැද ගතවීලා ආපිට පෙරලනු නොහැක ගෙලටම තොණ්ඩුව වැටිලා... කියනුයේ කෙලෙස මං විවාපත් අයකියි කියලා... කියා ගත නොහැක මට බලා නුබෙ මුවග දෙස ...ඉවසාන ඉනු හැකිද දෙයක් ඇත කියනු නීරස ...සෙනෙහසක් නොමැති මුත් පියාගේ කීම වස....විවාපත් වුනා මං නෑණන්ඩිය සමග පෙර දවස ... ඇසිල්ලක් පමාවට නෙතට ඉනු කදුලු කැට....දෝරෙ ගැලුවා කොපුල් වෙන්න රත් පුඩු පැහැට...එහෙත් මං දැක්කෙ නෑ නුබෙ තරහ ඇස් දෙකට..දෙනවද සමා මැණික මේ සෙල්ලක්කර හිතට ඉන්නට හැකි නම් නොයා මේ පපුවෙන් එපිට...සම්මත නැති නමුත් දෙන්නම් සතුට නුබෙ හිතට...නුඹ නොමැති නම් මැණික මියදේවි මං දුකට... කිව්වෙ උණුසුම්ම හාදුවක් තියා නුබෙ නලලතට සැගවුවත් සත්‍ය නොපෙන්වා වැලි කැට යට...හිදිනුයේ කෙලෙස තවත් දී ගිනි නුබෙ හ
නදී ..✍???? 4 years ago 368 5 2
වෙල් ඉමේ දුව පැනපු කිරි සුවඳ ගිලිහිලා නගේ නුඹ බලා ඉද්දිම හැඩ වෙලා සුකුමල වෙලා එදා සෙල්ලම මැද්දෙ මගෙ පොඩි මනාලී වෙලා හිටිය හැටි මතකයි පොඩ්ඩියේ මුව සිනහවෙන් සරසලා කාලයේ ගං තෙරත් වසන්තෙන් හැඩවෙලා එදා නොවු හැගුමකින් අනේ හද ගැබ්බර වෙලා එක කුසක නොමු නමුදු සොයුරු පෙම සගවලා ඇහුවෙ මං පොඩ්ඩියේ හැමදාට එනවද මගෙ මනාලී වෙලා ගහට පොත්තයි සේම හිටියේ හැමදාම ළඟ වෙලීලා දුකත් සැපත් බෙදාගෙන කෑවේ රස නීරස ඔතාලා ඒ නිසයි දෙතොලතර සියුම් හාදුවකින් තෙමාලා දිවුරුවේ බෝ සමිදු අභියසයි දෙදෙනාම ආදරෙ කියාලා ආලෙන් වෙලී ගෙවුනා දෑවුරුද්දක්ම කණ කොකා හැඩුවෙ අදයි බිද ආලේ මෙහෙම හිමි වුනේ චණ්ඩ පහරකි මාමණ්ඩිගෙ දෑතින්ම නවතාගනින් නෑණන්ඩිය සමගින් ඇති ආලයම දින සති ගෙවී යයි නොදැකම ඒ දෑස මම හිදිනුයේ කෙලෙසින්ද ඈ නොදැකම මෙහෙම සිරකාරියකි ඈ අද ගෙදරට වීම දෙන්නට හදනවලු ඈ පිටගම්කාරෙකුට රහසින්ම හැගුමන් ගියා පියඹා දුර රට එපිට මල කද ලෙසයි දිස්වන්නේ මම සැමට හදවත පුරා ඇදලා නුබෙ රුව යසට පතන්නම් මතු භවයෙ වත් හමුවෙන්නට එකට නොඑන්නෙමි තවත් මම ඔය දෑස දැකගන්ට කියන්නට දෙයක් ඇත හද පුරා බරට යන තැනක සතුටින් ඉන්න දිවියම දී ඔහුට මතු භවේදීවත් අපි එක්වෙමු
*$@n¢hi* 4 years ago 410 1 2
සැගවුණු ගිණි පුපුරු අළු යට තිබේ නම් ඒ මත අලුත් දහමක් යළි පුබුදින්නා සේම.... පිළිස්සුණු හදවතක ඉතිරි වුණු භෂ්මාවශේෂ ආයේ ආයේම දැවෙන්නේ නැත... ~sahini~
*$@n¢hi* 4 years ago 363 3 4
නින්ද නේන රාත්‍රීයේ සිතුවිලි පමණක් අවදියේ අද හෙටක් නැති කවේ අයේ නුඹ මට - මා නුඹට හීනයක් වුණාවේ... වසන් වන සද වළාකුලකට නුරා රහසේ පැවසූ විරහවේ වේදනා ගංතෙරේ අරුමයක් නැත ජීවිත කතාවක උරුම ආදරේ නගන දුක් ගිනි අරුමයක් නම් නොවේ... කතා කරනට සමත් වෙතොත් පන්හිදත් කියා දෙයි රැයක් එළිවන තුරා ආලයේ පෙම් ප්‍රාර්ථනා... ඉදින්, නින්ද නැති රෑ පුරා පොතත් පැනයත් තනිකමට උරුම වුණා වේ... ගතින් වෙන් වුණු හදින් මා ඔබ ගැන ලියූ කවක් මෙලෙස අවසන් වුණා වේ...❤️ ~sahini~
????️ නවෝද්‍යා දිසානායක ????️ 4 years ago 310 3 2
කවුරුන් මා පසු පස ආවත් කවුරුන් මා පසු පස නාවත් නුඹ මා සමග එන බව නිසැකය.... නමුත්, ආලෝකයක් නොමැති විට ඔබත් මා හැර යන බව නිසැකය ..... ඉදින්, සියල්ල අනිත්‍ය බව බුදුන් පැවසුයේ සත්‍ය නොවේද ?
????️ නවෝද්‍යා දිසානායක ????️ 4 years ago 335 2 1
සියල්ල වෙනස් වන, සියල්ල නැතිව යන ලෝකයක වෙනස් නොවෙයි සිතා ප්‍රේම කිරීමම නිවටකමක් නොවේද?
????️ නවෝද්‍යා දිසානායක ????️ 4 years ago 352 2 1
බැඳීම් වලින් බැට කෑ හිතකට හරි අපූරු බෙහෙතකි තනිකම.......????
????️ නවෝද්‍යා දිසානායක ????️ 4 years ago 298 2 1
නින්ද නැති දිගු රැයක නිමාවක් නැති මහා වැසි මැද කඳුලු ගැලුවේ ඇගේ දෙනෙතටම අහිමි ඔහු පෙම සිහිවි නිතරම......... ( නවෝ......)
Withanage DCS 4 years ago 338 2 1
මැණිකේ මගේ හිතේ මේ ආදරේ දැල්වෙනා මා කියන්නද කෙසේ මා සිත දුකින් වෙවුලනා මනලෝලි ඔබ නෙතේ නැහැ සුව විඳින වාසනා මුදු පවන වී මෙසේ එමි ඔබ ගතෙහි දැවටෙනා මගෙ මෙ පෙම් පතේ මුතු අකුරු වැල් වෙලා සුදු මුදු ඔබ දෙනෙතේ පහස විඳගනිමි ලං වෙලා රුව ඔබෙ මුහුණු පොතේ දැක එහි රැඳෙමි පැටලිලා සොඳුරු සුකොමල වතේ රස විඳ ඔන්ලයින් වෙලා රුවනාරි නුඹ ගමේ හැඩකාර ඉඟ සුඟක් ඇති මනහාරි මෙ බැල්මේ දුටු ගමන් ම සිත බැඳ ගති හැඩකාරි මෙ ඇල්මේ මෙතෙකයැයි කියා නිම නැති සුකුමාරි මෙ ඇම්මේ කියන්නට නිනව්වක් නැති.........? Photo: Thankful credit to it's original owners.
Withanage DCS 4 years ago 316 2 0
මැණිකේ මගේ හිතේ මේ ආදරේ දැල්වෙනා මා කියන්නද කෙසේ මා සිත දුකින් වෙවුලනා මනලෝලි ඔබ නෙතේ නැහැ සුව විඳින වාසනා මුදු පවන වී මෙසේ එමි ඔබ ගතෙහි දැවටෙනා මගෙ මෙ පෙම් පතේ මුතු අකුරු වැල් වෙලා සුදු මුදු ඔබ දෙනෙතේ පහස විඳගනිමි ලං වෙලා රුව ඔබෙ මුහුණු පොතේ දැක එහි රැඳෙමි පැටලිලා සොඳුරු සුකුමාල වතේ නෙත පිනමි ඔන්ලයින් වෙලා රුවනාරි නුඹ මෙගමේ කෙල්ලකි හැඩකාර ගමනැ'ති මනහාරි නුඹෙ බැල්මේ දුටු ගමන් ම සිත බැඳ ගති හැඩකාරි මගෙ ඇල්මේ තරම කියලා නිම නැති සුකුමාරි මෙ ඇම්මේ කියන්නට මට දිරි නැති.........? Photo: Thankful credit to it's original owners.
නිරෝ.... 4 years ago 333 1 2
නුබේ රුව..❤️ හුස්ම වැටෙන හැම නිමේෂයකම නෙත් කදුලින් තෙමෙද්දී නුබව සිහියට නැගෙනවා උන්නා නම් නුබත් මගේ ලග යන්න දෙන්නේ නෑ මගෙන් ඈතට නමුදු සිතුවමක් වීය නුබේ රුව හදේ පතුලෙම සිත්තම් වුණු...❤️
Withanage DCS 4 years ago 334 2 1
කථා බැරි වුව මටත් ඇත මගෙ රට ගැන නොකියු ආදර සැනසිල්ල පතා ඉසුරු නොවෙ සිනාවෙ දවටලා ඔබට පිදුවෙ මේ මල් ගොල්ල නැතා සුද්දො දැන් ඒ කාලෙ වගෙ හොඳටම හිස් වෙලා ඇත මගෙ මල්ල කතා නැතූව මගෙ කඳුලුත් ඇරන් ගලනවා තවම රම්බොඩ ඇල්ල Photos credit to the orinal right holders
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps