Withanage DCS 4 years ago 321 2 1
"කොරෝනා" ඇගෙ මායාකාර අපූරු නම "කිරුළ"දරන් එන රජ බිසවක් නොවී වුව. හිරු නොබසින අදිරජය සැබෑවට ගොඩනගන බලවු ඇගෙ ඔද තෙජ එළිසබෙත් පරදවන බලන හැම කවුළුවෙන් එබි එබී ගේ තුළට එන්නමයි තැත නිතී මිනීමරු දඟකාර සෙල්ලමක නිරතවී හඹා එන අංගූලිමාල සේ හී සරෙන් ලේ පෙරෙන ඇඟිලි දම උර දරන්. නේක වන් සළුපිළී විටින් විට ගත දරන් "ඩෙල්ටාව" බඳු රුදුරු වෙස් මවා සැඟව සිට කඩාපැන විසාලාවක් මැවු මිහි දෙරණ පුරාවට බිලිගත්ත ජීවිත මදිද තව? කොටින් ගැවසෙන මායිමේ ගමට ගහනා බය දැනී කැලේ සැඟවුනාසේ... අපි සැවොම ඈ එක්ක හැංගි මුත්තං කෙළින සෙල්ලමේ ලොව එළිය දැක ගන්න බල බලා කොහේ හෝ සිටින අඳ කෙනෙක් මගේ ඇස් අරගන්න.... මෙලෝ අවසන් දිනේ මගෙ උතුම් ඒ පැතුම.... පණ නිරුද මගේ කය වෙද සිසුන් හට පිදෙන.. ඒ පැතුම් හැම සුන් කරයි, දැන් ඉතින් හිතුවක්කාර පිස්සු දඟමල්ල ෂිං පිංගෙ දඟකාර පොඩි කෙල්ල නවතපිය දැන් ඉතින්. වී මෙල්ල තිගේ ඔය මිනීමරු දැඟලිල්ල.
චතුරංගි හර්ශිකා 4 years ago 430 2 4
හැකියි නම් ඇබින්දක් හදේ දොරටුව ඇරන්... ඇතුල්වී බලනු මැන කැපී සීරුනු තරම් නිමල යැයි පිවිතුරුයි කියා ලෝකෙන් පිදුම් නොලබනා අසම්මත අපේ ජීවිත ගෙතුම්... දහස් නෙත් නෙත ගැටෙන වීදියේ දහවලක දෑත් පටලා යන්න හැකි වුණේ කවදාද නුඹ නමින් සත්මාල ගෙලතුරේ බන්දන්න හීන දකිනා දෑස් නොහැඩුවේ කවදාද... අසම්මත ප්‍රේමයක් කියා හංවඩු ගසන හදවතේ සොඳුරු තැන් තවම හෙමිහිට සිඹින සුන්දරම පෙමක් යැයි දහස් කවි වල රැඳුන රාධා ට-ක්‍රිෂ්ණා ට කතා හැදුනද මෙහෙම... කාත් කවුරුත් නේන පාලු සීත රෑක මතක ගනදුරු වලා සිත තදින් වෙලන විට ඇගේ තුරුලේ නිදන මගේ වුණු නුඹේ හිත අහස් ගැබ සිසාරා ඉගිල ඒවිද මවෙත... මුදුවකින් සදහටම මා නුඹේ කරගන්න උරුම නැති බව දනිමි නුඹේ පතිනිය වෙන්න ලෝකයට හොර රහසෙ හාදු අතුරා යන්න හෙටත් අද වාගේම හවස ඇවිදින් යන්න... -චතූ✍️
*$@n¢hi* 4 years ago 348 4 3
එකම එක ආලෝකයකට හැකිනම් අදුරු තැන් එළිය කරන්න... බලාපොරොත්තු වුණේ මොනවද එළියම දී නිවී යනවා මිස...❤️ ~sahini~
අහිංසකාවි මධු 4 years ago 434 2 4
හිතට දැනෙන ආදරයක මෙලෙක වචන ටික ලගට ලංව කියා දෙන්න.. හදා ගන්න හිත නොකි කතාවක නැවතුම කොයි කොතැන වෙද කියා දෙන්න මට... නුබට ලෝබ වි මියදෙන්න දුකකුත් නැ මට... අඩන්න පණ වගෙ රකිමි වැටෙන කදුලු ටික... නින්ද පතුලේ ඔහොම ඉඩක් දුන්නෙ මට හිලව් වෙන්න ඉල්ලනවාද මගෙ හුස්ම ටික....
නදී ..✍???? 4 years ago 438 3 5
එරමිණියා කටු අත්තක පැටලිච්ච... හීනයක් තිබුනා හිත ළඟ නිති දැවටිච්ච... නා කපනා වැසි මැද ඉන් ගිලිහෙච්ච... මම අසරණයි හීනෙන් ඒ මියදිච්ච... පැතුමක් තියා දෙගුරුන් හිස මුදුනෙ මෙමා... පය තැබුවේ වෙන්නට වෙදදුරෙකු නොවී පමා... වීරිය යොදා යෙදුනත් පොතට නෙතග යොමා... බාධක නැගී හිත අඩපණයි බිදුවක් වත් නොකර කමා... උණු කදුළැලි රසයි හද තෙරපෙන දුකට වඩා... හසරැල් කියයි යන්නට මග ඇතිය එහා... අඩියක් පසුපසට ගත්තෙමි එබව සිතා... පාරමි පුරමි දැන් තව හීනයක් කරා... බැරකර ආත්මය ගිලනුන් වෙත රන්දා... දිවියම පුදන්නට එකගව දිවුරුම් යැද්දා... සිතුවිලි පුබුදිනා හවසක ඉඳ ඉතින් මෙමා... දැන් දෑගිලි ගනිමි යන්නට නයිටිංගේල් දියණියක් කරා... මම, නදී ..✍️
නදී ..✍???? 4 years ago 418 2 4
සිප්හලක අකුරින් එහාට ඉගිලෙන්න රස තැන් සොයා ජීවිතේ දිගු පාඩමට මුල් අකුරු ඇහිද දුන්.... දිනුම පැරදුම අභියස සිසු නමට උපන් කදුලකින් සම්පූර්ණ වූ අඹපු කැටයම " ආදරණීය ගුරුතුමා " සීතලෙන් රිදුම් දෙන ළපටි මෘදු පා වලට අයිලය දෙසට පියමනින්ට පාලම් තැනුව සේ .... මාසෙ අගකදි ලැබෙන තුට්ටුවක සොච්චමට දැනුම් සයුරේ සීතලේ ගුලිවෙච්ච ළමා හද උණුසුම් කල.... එදා ගුරු ගීතයට හිමිකමක් නොකිව්ව අද කාලයේ සැබෑ දුශෙයින් නුඹයි. ගුරු මව්නි/පියතුමනි, මම, නදී ..✍️ 2021.10.03
Withanage DCS 4 years ago 378 0 2
පිණි විසිරුණ උදාසනක රන් තැටියක් වගේ යසට පුංචි කාලෙ ඉඳ හඳුනපු. කිරි පැණි දෙන කතා කියපු. මිහිදුම් සළු ඇඟලා ගෙන සිහිළ් සුමුදු කිරණ හලන් සඳක් වගේ හොරෙන් ඇවිත්, මං රවටන්න ද සිතුවේ? ඔබෙ ඔය රතු ඇස් දුටුවම, දුෂ්ට නපුරු බස් ඇහුනම හඳුනගතිමි කවුද කියා.
Pillu❤️ 4 years ago 311 1 3
සිතකින් වලදා දැමුවා නොවේ පුතේ.. අනෙක් මව්වරු සේම කිරි එරුනා මටත් පුතේ... කුමක් කරම්ද අප දෙදෙනා තනිව ලොවේ.. ඒකයි පුතුනි ඔබව මගෙන් ඈති කර තැබුවේ... මටත් දරා ගන්න අපහසු උනත් පුතේ.... ඔබ මෙලොව දුටුව නම් ඔබට විදින්නට වෙන දුක මතක් වුනා පුතේ.... දහස්වාරයක් අයදිමි ඒ වරදට සමාව පුතුනේ.... ලබන මතු ලබන බව වල පතන්නේපා මා වැනි තනිකඩ මවක් පුතේ.... ලබන හැම බවයේ හම්වෙයි ලස්සන මවක් පියෙක් ඔබ හට එයයි මගෙ අවසන් පැතුම සිතේ..
චතුරංගි හර්ශිකා 4 years ago 448 2 5
වැහිබරම දින අතර දෙනෙත් මත සැතපෙන්න ළයේ ගැඹුරුම තැනක නුඹේ වත රඳවන්න මතකයේ ගව් ගණන් මා එක්ක ඇවිදින්න වැහි කෝඩයට කුඩය යටින් යන්නට එන්න එකපාර අකුණු හඬ සවන් පත් රැඳෙන කොට තිගැස්සුනු මීන නෙත හිතයි සිපගන්න මට මතක් කර කර ලියන අපේ ජීවිත පුවත ලස්සනම තැනි බිමක වල් රෝස පඳුරක්ද ගිම්හාන අහස් ගැබ වසා මතුවී ඇදෙන අකීකරු වළාකුළු කුමරියෝ රතු පාට හීනෙකින් වත් ඇවිත් ගත වසා රත් සේල වළාවක් සේ නුඹත් පැමිණෙයිද කරකාර පුරාවත් නොවුණාට හිත් බිමේ මිහිදන්ව වතාවක් දෙකක් නොව හැමදාම හිත තැලුව අපේ මතකයෙ කොණක් අල්ලගෙන යුහුසුලුව අමාවක මහ රෑක සඳ හෙව්වෙ මම තනිව - චතූ✍️ 2021-10-03
shashi 4 years ago 361 3 8
සම්මත ලෝකයක අසම්මත ප්‍රේමයක් ලෝකයට අනුව එය ලොකුම ලොකු පාපයක් නොමැතිනම් සම්මතම ප්‍රේමයට හිස්තැනක් තියෙන්නට පුලුවන්ද අසම්මත බැදීමක් සම්මතයි හැගුනු තැන ඇතුවාම හිස් බවක් පෙරලාවි ආදරෙන් අසම්මත කවි පොතක් ලෝකයට අනියම්ව හදවතට සම්මතව තේරීම ලග ඇත්තේ මහ පුදුම ප්‍රේමයක් ශශී
Pillu❤️ 4 years ago 394 1 3
රාගය ගිහින් දුර දිග ගතින් ගත බැදිලා... කුසට පැමිණි විට මා මවුකම ලැබුණු හින්දා තාත්තත් නැති හින්දා තනි වුනා නුබ මන් හන්දා නොයෙක් පෙති බීලා... උත්සාහ කලත් ගබ්සා කුසේදිම නොමැරුනු හින්දා ඇකයට මා එන තුරු මග බලලා... මාව දැමුවා පොළොවෙ වලලා... එන්න ලැබුනොත් යලිත් බවයක නුබේ පුතු වීලා එපා අම්මේ වෙන් කරන්නට..., නුබේ ඇකයෙන් මෙමා...
Pillu❤️ 4 years ago 274 0 1
පාසල් ගියානම් අදදින සැමගේ ආශිර්වාද හිමිවේ අපහට සුනු විසුණු කර දැමුවා සමරන්නට තිබූ එකම එක අද දිනත් වෙනදා උනානම් යාළුවන්ව එක්ව එකට ගුරුන් සමඟද සමරන්නට තිබුණා ලස්සනට අද දින තෑගි බෝග සියල්ලමද නැති කලා නේද අපට උරුම දැනෙන හැගුමන් කෙලෙස කවි කර ලියන්නද තීන්ත හිස්වූ පන්හිඳෙන්......... පිල්ලු ✍️
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps