1,804 Total Nisadas Found





Withanage DCS 4 years ago 314 0 0

Nisadas Image

ගල් අතර මල්

එක මගක්
පීලී දෙකක්
වෙන වෙනම
ඒත් කිසිදා
එක් නොවී
එකම ගමනක් යන.
අහස සිඹිනා උසම තැන
මනබඳින රුක් ගොමු පිරි
කඳු වළල්ලෙන් දෙබෑ වුණු
නිම්නයක සොඳුරු බවින්
වශීවී....
අත් අල්ලා ගෙන
ගියත් පණ ට පණසේ
යත හැකිද දෙපා නංවා
එකට එක්වී...
තනි තනිව මිස
දුක් නිවා සනසවන
"ලෝකාන්තෙ"ට
.
හදිසියෙම පාත් වන
යන මගට හරහට..
බාධක නීවරණ
කොයි ඉඳන්දෝ
කඩා හැලෙන චිරි චිරිය
වැහි කෝඩ
ආ මගත් යන මගත්
වසාලන
ඉස්සරහ නොපෙනෙන
ගණ මීදුම් පොරවනය
දෙකන් තුල යවුල් අනිනා
සීතල සුළඟ..
භයංකර හූ හඬින් පිඹ ගෙන
හමා එන ..
ගුප්ත වු හුදෙකලා
පරිසරය
සිතේ හොල්මන් කරන

සිල්බරන් කොට කල
මතින් පැන පැන යමින්
ගිමන් හරිමින්
ඊළඟ නැවතුම් පළින්
තවත් එකකට බැඳුණු
ඈතින් ඈතට දිවෙන
නෙත් නොගැටෙනා
ඉමක් නැති
සංසාර ගමන සේ
දුකර වූ මේ
ගමනතර
ඇස ගැටෙන ගල් අතර
ඉඳ හිට
පිපෙන පුංචි මල්
දැක නැගුණි
හසරැල්..

Withanage DCS 4 years ago 328 1 1

Nisadas Image

"රූබර ක්‍රයිසොතෙමිස්

"

දිනකර දිනෙහි සේවය නිම කරන වෙලේ
බටහිර දිග අඹර ගිණි ගෙන විලස දිලේ
රතදර වලා පෙති වැනි රතු රෝසමලේ
මනහර සිතුවමකි, අවරඹරෙ නිම කලේ.

අසිරිය සැඳෑ හිරු සොඳුරු
රත්පල
විඳපිය හැකි සැඳෑ නොව දවසෙ හැමකල
මිහිරිය දකිත හැකි මල් පඳුර මනකල
වැහැරිය නම "සැඳැ හිරු සීනුව" උදුල

සරන විට සෙවණ ඇති තම උයන් වල
දකින නිතර පඳුරකි, තඹ පැහැය කොළ
විඳින මිහිර තැවරූ නෙතඳුනක පල
සොඳින සොබා දම අගයමි සෑමකල
Common names "sunset bells" "Black Flamingo" "copper leaf"

"Chrysothemis Pulchella"
is the Botanical name Chrysothemis taken from Greek mythology, "godess for golden harvest.".ග්‍රීක ප්‍රබන්ධයේ එන "වගාවේ රන් අස්වැන්නට අධිපති" රූබර දෙවඟන වූ ක්‍රයිසොතෙමිස් ගෙ නම මේ මලට යොදා ඇත. Picture courtesy: internet

Withanage DCS 4 years ago 300 0 0

Nisadas Image

රතු වද

රතු වද

රුහිරු ලෙස තද
රතින් සැරසී වද
ගස් සිරස මත හිඳ
අසමි සියතුන් ගෙ
ගී මනනඳ

රටක් ගොඩ නගනා
දහදිය කඳුලු සලනා
ගොවි කම්කරු දනා
රතු දදය සේ සැලෙමි තුටිනා

රට බෙදුම වළකනයුරු
මැඬි සතුරු බල රණවිරු
හැලූ රුහිරු කඳ එ මහරු
මගෙපෙති හෙලා පුදදෙමි ගරු

නුරාගී රත් සලු දැක
සරාගී වන සලෙල එසැනෙක
බවුන් වැඩු තවත'යෙක
අනිසි බව ගැන සිතත් නෑ සැක

උණු දිය සමග හිඳ
මගෙ රත් පැහැය දී සොඳ
ගුණ කරමි බොන සඳ
බෝ ලෙඩ නසන මග වෙද

මගෙ රුවැ පැහැ අසා
නොගනු බිය මෙලෙසා
රුහිරු බොන රකුසා
මා හා මිතුරු නොනිසා

නගරයෙ මහමඟ ද
ගලන රථපේලි ජල කඳ
මග සලකුණු කුළුණෙ හිඳ
රතින් නවතින්න දෙන අණ සොඳ

රථයක පසු දෙසින
"වල්ග එළිය" සෙ දිදුලන
හදිසි නැවතූම දන් වන
රතු පැහැයෙ අගයමි ගුණ

කැන්ද න් ආ ලේලි ගැන
මධු සමයෙ දා චරිතෙ විමසන
පැල්ලමක් වී ධවල සළුවක
නිමල චරිතය නිබඳ සුරකින

පැහැය රත තිබුණත්
කලබල නොවෙමි නොතැනත්
ඉවසීම මයි යහපත්
සටන් වැද නෑ නොනිසි විටෙකත්

සෙව්වන්දියක සෙ නිබඳ
කටු පිරුණු අතු අග හිඳ
නොවන්නට වධ වෙමි වද
සපත්තූ මල මම්ම් නොවෙතිද.

Red Hibiscus = Shoe Flower







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps